මහේ්න්ද්‍රන් පිටුවහල් කිරීමට සිංගප්පුරුවේ අවධානය

මහ බැංකු බැඳුම්කර වංචාවේ ප්‍රධාන චූදිතයකු වන ශ‍්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ලංකාවට පිටුවහල් කරවා ගැනීමට උදර්පන නීතිය යටතේ ශ්‍රී ලංකාවෙන් කළ ඉල්ලීම සම්බන්ධයෙන් ප‍්‍රමුඛස්ථානයක් දී කටයුතු කරන බව සිංගප්පුරු  නීතිපති දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවේ නීතිපතිවරයාට දැනුම් දී තිඛෙනවා.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි , ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය තහවුරු කළේ අදාළ දැනුම්දීම මේ වන විට සිදුව ඇති බවයි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 68 කට අධික පාඩුවක් සිදුවන අන්දමින් මහා පරිමාණ වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් හිටපු මහබැංකු අධිපතිවරයා චෝදනා ලබා සිටිනවා.

අර්ජුන් මහේන්ද්‍රන් මහතා ලංකාවට පිටුවහල් කරන්නැයි ඉල්ලමින් ඒ සඳහා උදර්පන නීතිය යටතේ අවශ්‍ය පිටු 21,000 කින් පමණ සමන්විත ගොනු ඇතුලත් නීතිමය ලේඛණ අඩංගු ගොනු නීතිපතිවරයා විසින් විදේශ කටයුතු අමාත්‍යංශය මාර්ගයෙන් සිංගප්පුරූවේ ඇති ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලයට යවන ලඳුව එහි නිලධාරීන් විසින් මීට පෙර අවස්ථාවක සිංගප්පූරු  රජයට  භාර දෙනු ලැබුවා.