චන්ද්‍රගුප්ත තේනුවර හා ගාමිණී වියන්ගොඩගේ පැමිණිල්ල ගැන විමර්ශනයක්

මරණ තර්ජන ඇති බව පවසමින් චන්ද්‍රගුප්ත තේනුවර හා ගාමිණී වියන්ගොඩ යන මහත්වරුන් අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් ගොනු කළ පෙත්සමෙන් පසු තමන්ට මරණ තර්ජන එල්ල වී ඇති බවටයි මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර හා පුරවැසි සංවිධානයේ ගාමිණී වියන්ගොඩ පැමිණිල්ලේ සදහන් කර තිබෙන්නේ. මීට පෙර මේ සම්බන්ධයෙන් අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවට වාචිකව පැමිණිලි කළ බව ද ඔවුන් සඳහන් කරනවා. තමන්ට එල්ල වන වෛරී ප්‍රකාශ, තර්ජන වැඩිවන බැවින් තම ආරක්‍ෂාව වෙනුවෙන් මෙලෙස පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවයි ඔවුන් පවසන්නේ.