පකිස්ථානය පරදා ලංකාවට ෙඓතිහාසික ජයක් – 3 ට 0 යි

පකිස්ථානය සමග පැවැති 20යි 20 ක්‍රිකට් තරගාවලිය 3 ට 0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්වුණා.
ඒ 3 වන තරගයෙන් පකිස්ථානය ලකුණු 13කින් පරාජයට පත් කරමින්.
තරගයේ පළමුව පන්දුවටපහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 20 තුල කඩුලු 7ක් දැවී ලකුණු 147ක් රැස් කළා.
ඔ්ෂධ ප්‍රනාන්දු නොදැවී ලකුණු 78 යි.
මොහොමඩ් අමීර් කඩුලු 3යි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පකිස්ථානය පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 134ක් රැස් කළා.
හැරිස් සොහේල් ලකුණු 52 යි.
වනිදු හසරංග කඩුලු 3යි.
තරගයේ වීරයා හා තරගාවලියේ වීරයා බවට පත්වූයේ ශ්‍රී ලංකාවේ වනිදු හසරංගයි.
මෙය පකිස්ථානය විස්සයි විස්ස තරගාවලියක් සම්පූර්ණයෙන්ම පරාජයවූ පළමු අවස්ථාවයි.