සජිත්ගේ ආණ්ඩුවක රටේ ආරක්ෂාව සරත් ෆොන්සේකාට

තමන්ගේ ආණ්ඩුවකදී රටේ ජාතික ආරක්ෂාව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට භාර දෙන බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අද ප්‍රකාශ කළා.
ඒ ගාලු මුවදොරදී පැවැති ජන හමුව අමතමින්.

“ජාතික ආරක්ෂාව තහවුරු කරන්නට නම් ජාතික ආරක්ෂාවේ වගකීම දෙන්න ඕන සෝබන කාරයන්ට නෙමෙයි රණවිරුවන්ගේ කරපිටින් ආපු සරත් ෆොන්සේකා මහතාට ජාතික ආරක්ෂාවේ ඉහළම වගකීම භාර දෙනවා.”ඒ විතරක් නෙවෙයි මෙරටින් මත්කුඩු තුරන් කරන වගකීමත් භාරදෙන්නේ සරත් ෆොන්සේකා මහතාටයි. යනුවෙන් අමාත්‍යවරයා අදහස් පල කළා.