අයථා වත්කම් ඉපයූ දේශපාලකයින්ට අනුරගෙන් මාස 2ක්

තමන් ජනපතිවරණය ජයගතහොත් දේශපාලකයින් අයථා ලෙස උපයා ගත් මහජන දේපල ආපසු රජයට බාර දීම සඳහා මාස දෙකක සමා කාලයක් ලබා දෙන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා අද ප්‍රකාශ කළා.

ඒ කුරුණෑගලදී පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැස්වීමක් අමතමින්.

එසේ බාර නොදුනහොත් විමර්ශනයක් සිදු කර අයථා ලෙස උපයාගෙන ඇති සියලු මහජන දේපල රජයට පවරා ගැනීමට කටයුතු කරන බවයි ඔහු කියා සිටියේ.

පක්ෂ විපක්ෂ කිසිඳු දේශපාලකයෙකු සමඟ තම පක්ෂයට පෞද්ගලික කොන්තර හෝ පෞද්ගලික න්‍යාය පත්‍ර කිසිවක් නැති බව පෙන්වා දුන් දිසානායක මහතා මේ සියල්ල කරන්නේ නීතිගරුක රටක් බිහි කිරීමේ අරමුණින් බවද සඳහන් කළා.