ඇමති සජිත් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලයි

තමන් අතින් අත් වැරදීමකින් ප්‍රකාශවූ ශ්‍රී මුඛය යන වදන වෙනුවෙන් මහා සංඝරත්නයෙන් හා ජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටින බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් ‍ ප්‍රේමදාස මහතා පවසනවා.
කොළඹ ගාලු මුවදොර පිටියේ පැවැති නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මංගල රැළිය අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

තමන් අතින් සිදුවූ වරදකට ” පොදු ජනතාවගෙන් සමාව ඉල්ලන්න සජිත් පැකිලෙන්නේ නෑ” යනුවෙන් ඔහු මෙහිදී කියා සිටියා.