ඇල්පිටියේ ප්‍රතිඵලය ලංකාවේම ජනමතය නොවෙයි / එජාපය කියයි

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්දයෙන් සමස්ත ශ්‍රී ලංකාවේම ජනමතය කිසිසේත් පිළිඹිබු නොවන අතර එය ඉතා සුළු ප්‍රදේශයක ජනතාවගේ මතයක් පමණක් බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කර තිඛෙනවා.
ඒ ලංකාදීප පුවත්පතට අදහස් දක්වමින්.

එක්සත් ජාතික පක්ෂය ඉතා ඉහළ ජයග්‍රහණයක් ලැබූ මැතිවරණවලදී පවා බෙන්තර ඇල්පිටිය ආසන්නයෙන් එජාපයට හිමිවුයේ අඩු ඡන්ද ප්‍රතිශතයක් බවයි අමාත්‍යවරයා සදහන් කළේ.

එක්සත් ජාතික පක්ෂයට මැද කොළඹ,උතුරු කොළඹ සේම පොහොට්ටුවට බෙන්තර ඇල්පිටිය වැනි ආසන වල වැඩි ශක්තියක් තිඛෙන බවද ඔහු ප්‍රකාශ කළා.