ඇල්පිටියේ ප්‍රතිඵලය ජනපතිවරණයට අදාළ නෑ / විජිත හේරත්

ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා ප‍්‍රතිඵලයෙන් ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵලය මැනීමේ හැකියාවක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසනවා.

ප‍්‍රාදේශීය සභාවක හා ජනාධිපතිවරණය වැනි ජාතික මැතිවරණයක ප‍්‍රතිඵලය කිසිවිටෙකත් සමාන නොවන බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය හා ඇල්පිටියේ පැවැත්වුණු ප‍්‍රාදේශීය සභා මැතිවරණය යනු මැතිවරණ දෙකක් මිස එකක් නොවන බව ද ඔහු වැඩිදුරටත් සදහන් කළා.