කවුරු දින්නත් මාර්තුවේ මහ ජන්දයක්

ජනාධිපතිවරණයෙන් කවර අපේක්ෂකයකු ජයග්‍රහණය කළද 2020 වසරේ මාර්තු මාසයෙන් පසුව මහමැතිවරණයක් පැවැත්වෙන බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කරනවා.
නව ජනාධිපතිවරයා බලයට පත් වී මාස තුනක් ඉක්මවා ගිය තැන නව ජනාධිපතිවරයාට මහ මැතිවරණයක් කැඳවිය හැකිවීම ඊට හේතුවයි.
මෙම තත්ත්වය මත ජනවාරි මාසයේදී ඉදිරිපත් කිරීමට කල් දැමුණු 2020 අයවැය ලේඛනය මාර්තු මාසයෙන් පසුව ඉදිරිපත් වීමට බොහෝ දුරට ඉඩ පවතිනවා.
නව ජනාධිපතිවරයා හා බලයට පත්වන ආණ්ඩුවට අවශ්‍ය ආකාරයට අයවැය ලේඛනය සකස් කර ගැනීම එහි අරමුණයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තේරී පත්වී වසර හතරහමාරක් ගිය පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාට ලබාදී ඇත්තේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙනුයි.