පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන කොමිසමේ විමර්ශන මේ සතියේ

අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපතිතුමා පත් කළ කොමිසමට ලැබුණු මහජන පැමිණිලි විමර්ශනය මේ සතිය තුළදීම ආරම්භ කිරීමට නියමිතව තිඛෙනවා.

කොමිසමේ සාමාජිකයන් හෙට දිනයේදී රැස් වී ඒ පිළිබද තීරණයක් ගන්නා බවයි කොමිසමේ ලේකම් එච් එම් බී පී හේරත් මහතා සදහන් කළේ. මෙම කොමිසමට මහජන පැමිණිලි භාර ගැනීම ඊයේ අවසන් වුණා. එහෙත් එදින ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ පැමිණිලි භාර ගන්නා බවයි එම කොමිසම පවසන්නේ. මේ වන විට කොමිසමට පැමිණිලි 65 කට අධික සංඛ්‍යාවක් ලැබී තිබෙනවා. ඒ අතර අගරදගුරු හිමිපාණන් ගොනු කළ පැමිණිල්ලක් ද වන බවයි ලේකම්වරයා කියා සිටියේ.