ජනපති අපේක්ෂකයන්ට භාරදෙන්න උතුරේ පක්ෂවලින් යෝජනාවලියක්

ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින සියළුම අපේක්‍ෂකයන්ට භාරදීම සඳහා දෙමළ ජාතික සන්ධානය හා සී.වී.විග්නේශ්වරන්ගේ පක්ෂය ඇතුලු උතුරේ දෙමළ දේශපාලන පක්‍ෂ 5 ක් සරසවි සිසුන් විසින් පිළියෙල කරන ලද යෝජනාවලී සංදේශයකට එම දේශපාලන පක්‍ෂවල නායකයින් විසින් අත්සන් කොට ඇත.

උතුරු හා නැගෙනහිර සරසවි සිසු සංගම් විසින් එසේ පිලියෙළ කරන ලද සන්දේශය මගින් දක්වා ඇත්තේ උතුරු නැගෙනහිර පළාත්වල ජීවත් වන දෙමළ ජනතාව මුහුණ දෙන ගැටළු හා ඒ වෙනුවෙන් දිය හැකි විසඳුම් පිළිබඳවයි.

ජනාධිපතිවරණයෙන් ජයග‍්‍රහණය කරනු ලබන  ඕනෑම අපේක්‍ෂකයෙකුගෙන් අදාල ගැටලු වෙනුවෙන් විසඳුම් ඉටු කර ගැනීමට අපේක්‍ෂිත කරුණු එහි දක්වා තිබෙන අතර මෙවර ජනාධිපතිවරනයෙන් ජයග්‍රහනය කරනු ලබන අපේක්ෂකය දෙමළ ජනතාව වෙනුවෙන් සාධාරණයක් ඉටුකරනු ඇතැයිද බලාපොරොත්තුවන බවටත් එම සන්දේශයේ අන්තරගතව ඇත.

දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් ඉලංකෙයි තමිල් අරුසකච්චි පක්ෂය, ප්ලොට්, ටෙලෝ හා දෙමළ ජාතික ජනතා පෙරමුණ හා සී.වී.විග්නේශ්වරන් මහතාගේ දෙමළ ජනතා සන්ධානය ඊට අත්සන් තබා ඇති පක්‍ෂ වනවා.

කෙසේ වෙතත් ගජෙන්ද්‍රකුමාර් පොන්නම්බලන් මහතාගේ පක්ෂය වන දෙමළ ජාතික ජනතා පෙරමුන පක්ෂය විසින් අදාල යෝජනාවලිය ඇතුලත් සන්දේශයට අත්සන් තබා නොමැති අතරම දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්ව තනවම පක්ෂයක් ආරම්භ කල සී.වී.විග්නේශ්වරන්ද මෙම සන්දේශය වෙනුවෙන් එක්ව අතසන තැබීම විශේෂත්වයක් වෙයි.

මෙම සංදේශය ඉදිරියේදී ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්‍ෂකයන් වෙත භාරදීමට නියමිත බවට එම දෙමළ දේශපාලන පක්ෂ නායකයින් වැඩිදුරටත් පැවසූහ.