අපේක්ෂකයන් 3 දෙනෙක් එක්වෙන්න සාකච්ජාවක

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට සහයෝගය දැක්වීමට වෙනත් අපේක්ෂකයන් දෙදෙනකු වන හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක සහ ආචාර්ය රොහාන් පල්ලේවත්‍ත මහතා සාකච්ඡා කරමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

මහේෂ් සේනානායක මහතාගේ පක්ෂයේ සමාජිකයන් සහ රොහාන් පල්ලේවත්ත මහතාගේ පක්ෂයේ සාමාජිකයන් අතර මේ පිළිබඳව සාකච්ඡා සිදුකර ඇති අතර ඉදිරි දිනකදී ජාතික ජන බලවේගයේ සාමාජිකයන් සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව එහි ප්‍රකාශකයෙක් සදහන් කළේ.

එකී සාකච්ඡාවේදී අදාළ පාර්ශව සමඟ එකඟතාවයකට පැමිණීමෙන් පසුව අවසන් තීරණයකට එළඹෙන බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් හෙළිකළා.

කෙසේ වෙතත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පසුගියදා සඳහන් කළේ නාමයෝජනා ලබාදුන් අපේක්ෂකයන්ගේ නම් ඡන්ද පත්‍රිකාවට ඇතුළත් කර ඇති බැවින් ඔවුන් තරගයෙන් ඉවත්වූවා යැයි කියා එම නම් පත්‍රිකාවෙන් ඉවත් නොකරන බවයි.

කෙසේ වෙතත් මේ පිළිබද අප සිදුකළ සොයාබැලීමකදී අනාවරණවූයේ රොහාන් පල්ලෙවත්ත මහතා යම් කැපකිරීමට සූදානම් බව ප්‍රකාශ කර ඇති බවයි.
එහෙත් අනෙක් අපේක්ෂකයින් දෙදෙනා ජන්ද විමසීමට ඉදිරිපත්වීමේ ස්ථිර අරමුණකින් සිටින බවද එම වාර්තා අනාවරණ කළා.
කෙසේ වෙතත් මේ පිළිබද අවසන් තීරණයක් ප්‍රකාශයට පත්වී නැහැ.