චිලී අගනුවර ගිනියම් වෙයි

චිලී රාජ්‍යයේ සැන්ටියාගෝ අගනුවර පැවැත්වෙන විරෝධතා හේතුවෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

චිලී රාජ්‍යයේ මෙට්රෝ දුම්රිය ගාස්තු වැඩි කිරීමට එරෙහිව ජනතාව ආරම්භ කළ විරෝධතා ප්‍රචණ්ඩ මුහුණුවරක් ගත් බැවින් මෙසේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. පාසල් සිසුන්  විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් ඇතුළු විශාල පිරිසක් මෙම උද්ඝෝෂණවලට එක්ව සිටිනවා. උද්ඝෝෂකයින් කඩසාප්පු ගිනි තබමින්,  දුම්රිය ස්ථානවලට අලාභ හානි සිදුකර තිබෙනවා.

සැන්ටියාගෝ නගරයේ මිලියන හයක පමණ ජනතාවක් ජීවත් වන අතර ගමනාගමනයට ද මේ වනවිට දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා. උද්ඝෝෂකයින් පවසන්නේ චිලී රාජ්‍ය යට ආර්ථික ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය බවයි.