ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඔස්ටේ්‍රලියාවට නික්මෙයි

ඕස්ට්‍රේලියාව සමග පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගය සදහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම අද (20) උදෑසන දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

එළඹෙන පන්දුවාර විස්සයි විස්ස ඕස්ට්‍රේලියා තරග සංචාරය සදහා වන ක්‍රිඩකයින් 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කෙරුණා. ලසිත් මාලිංගේ නායකත්වයෙන් යුත් සංචිතය සදහා පාකිස්තාන තරග සංචාරයට එක් වූ ක්‍රිඩකයින් 12 දෙනෙකු එක් කර තිබෙනවා.

එම තරග සංචාරයට එක් නොවූ කුසල් මෙන්ඩිස්,  නිරෝෂන් දික්වැල්ල සහ කුසල් ජනිත් පෙරේරා ද මෙම සංචිතයට ඇතුලත්. තරග සංචාරය සදහා එක්වන ක්‍රිඩකයින් ඊයේ (18) දිනයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී ආගමික වතාවත්වලද නිරත වුනා.   ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තරග තුනකින් යුත් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය  ලබන 27 වනදා ඇඩ්ලේඩ්හිදී පැවැත්විමට නියමිතයි.