මෝටර් රථයේ බුදු පිළිමයක් ඉවත් කළ කතාව බොරුවක් / පොලිසිය

මෝටර් රථයක තබා තිබූ බුදු පිළිමයක් ඉවත් කිරීමට පොලිස් නිලධාරියකු නියෝග කළ බවට ප්‍රකාශ කරමින් සමාජ මාධ්‍ය තුල පළ කර තිබූ ප්‍රකාශයක් අසත්‍ය බව පොලිස් මාධ්‍ය ඒකකය පවසනවා.
ඒ අනුව අදාළ අසත්‍ය ප්‍රකාශයට එරෙහිව ඉදිරි පියවර ගන්නා බවයි පොලිස් මාධ්‍ය ඒකකය නිවේදනය කළේ.