මහේෂ් සේනානායක හදිසියේ රෝහල්ගත කරයි

ජාතික ජනතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක, හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා හදිසියේ රෝගාතුර වීම හේතුවෙන් බලංගොඩ මූලික රෝහලට ඇතුලත් කර තිඛෙනවා.

බලංගොඩ නගරයේ ජනාධිපතිවරණ රැස්වීමකට පැමිණ අවසන් කර යළි පිටව යෑමට ගිය අවස්ථාවේදීයි ඔහු රෝගාතුරුව තිබුණේ.
මේ වන විට බලංගොඩ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ මහේෂ් සේනානායක මහතා ප්‍රතිකාර ලබමින් පසුවනවා.