2020 මුල් කාර්තුවට අද පරිපූරක අතුරු සම්මත ගිණුමක්

ලබන වසරේ පළමු කාර්තුවට අදාළ රජයේ වියදම් සඳහා වූ අතුරු සම්මත ගිණුම අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිඛෙනවා.

ලබන වසරේ ජනවාරි පළමුවනදා සිට අප්‍රේල් 30 වනදා දක්වා රජයේ වියදම් සඳහා රුපියල් බිලියන 1474 ක අතුරු සම්මත ගිණුමක් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති.

එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර මහජන මුදල් පිළිබඳ කාරක සභාව රැස්වී අතුරු සම්මත ගිණුම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ.

අතුරු සම්මත ගිණුම පිළිබඳ විවාදයට වැඩි ඉඩකඩක් ලබාදීම සඳහා අදට නියමිත පාර්ලිමේන්තුවේ වාචික ප්‍රශ්න සඳහා වෙනත් දිනයක් ලබාදීමට ද තීරණය කර ඇති බව එම වාර්තා තවදුරටත් සඳහන් කරනවා.