බ්‍රිතාන්‍යයේ ලොරියකින් හමුවූ මළ සිරුරු 39 ගැන රහස හෙළිවෙයි

එංගලන්තයේ එසෙක්ස් හි කන්ටේනරයක තිබී මළ සිරුරු 39 ක් සොයා ගැනීස පිළිබද තොරතුරු රැසක් අනාවරණවී තිඛෙනවා.
ඒ ලොරියේ රියදුරු වූ විසිපස් හැවිරිදි උතුරු අයර්ලන්ත ජාතිකයකු අදාළ මරණ සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් පසුවයි.
ග්‍රේස් ප්‍රදේශයේ පිහිටි වෝටර්-ග්ලේඩ් නමැති කර්මාන්ත කලාපයේ තිබී මළ සිරුරු සොයා ගැනීමෙන් පසු ගිලන් රථ සේවය ඒ බව පොලිසියට දැනුම් දී තිබුණා.
මේ වන විට අනාවරණ කර ඇත්තේ අදාළ මරණවලට හේතුව ප්‍රමාණවත් වාතය නොමැතිවීම හා අධික ශීතල බවයි.
අදාළ කන්ටේනරය තුල රැදවූ වානේ පෙට්ටි තුල මෙම සංක්‍රමණිකයින් රදවා තිබී ඇති අතර එම ශීතකරණ තුල උෂ්ණත්වය සෙල්සියස් අංශක -25ක් තරම් අවම අගයක පැවති බවද හෙළිවී තිඛෙනවා.
පැය 15ක පමණ කාලයක් එම පෙට්ටි තුල රැදී සිටි අනවර සංක්‍රමණිකයින් ක්‍රමයෙන් මරු වැළදගෙන ඇති බවයි බ්‍රිතාන්‍ය පොලිසිය පවසන්නේ.
මෙය අඛණ්ඩව සිදුකරමින් පැවැති සංක්‍රමණික ජාවාරමක එක් පියවරක් බවද හෙළිව තිඛෙනවා.
බල්ගේරියාවේ සිට යොමුකර ඇති මෙම කන්ටේනරය තුල වැඩිහිටියන් 38 දෙනෙකු සහ එක් නව යෞවනයෙකු සිට තිබුණා.
සිද්ධියෙන් ඔවුන් සියළුදෙනා මියයාම අවාසනාවන්ත තත්ත්වයක් බවයි බ්‍රිතාන්‍ය පොලිසිය පවසන්නේ.
මරණයට පත් වුවන්ගේ අනන්‍යතාව හඳුනා ගැනීමට ප්‍රමුඛත්වය දී ඇති බව නියෝජ්‍ය පොලිස් ප්‍රධානී පිපා මිල්ස් සදහන් කළා.
ලොරි රථය පැමිණි ගමන් මග හෝ එය දුටු පුද්ගලයකු හෝ එම ගමන පිළිබඳ දන්නා කෙනෙකු ඇත්නම් ඒ පිළිබඳ පොලිසියට තොරතුරු ලබා දෙන ලෙසත් ඇය මාධ්‍ය හමුවෙ ඉල්ලීමක් කර තිඛෙනවා.
අතරමැදි අවස්ථාවලදී මරණයට පත් සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යා ලේඛණ එක්සත් ජාතීන් විසින් 2014 වසරේ සිට වාර්තා කරනු ලැබ තිඛෙනවා.
එතැන් පටන් සංක්‍රමණිකයන් යැයි සැක කෙරෙන පුද්ගලයන් පස් දෙනෙකුගේ මළ සිරුරු එක්සත් රාජධානියේ ලොරි රථ හෝ කන්ටේනර තුළ තිබී සොයා ගෙන ඇති අතර 2000 වසරේදී ඩෝවර් හි ලොරි රථයකින් චීන සංක්‍රමණිකයන් 58 දෙනෙකුගේ මළ සිරුරු සොයාගැණුනා.

ලොරි රථය

එහි රියදුරු