ජනපතිවරණය ආසන්නයේ දේශපාලනික පෙරළියක් ?

ජනාධිපතිවරණයේ අවසන් දෙසතිය තුල ප්‍රබල දේශපාලන පෙරලියක් සිදුවීමේ ඉඩක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කරනවා.

මෙරට දේශ­පා­ල­නයේ ප්‍රබ­ල­තම චරිත දෙකක් ඉදිරි දෙස­තිය තුළ ජනා­ධි­ප­ති­ව­රණ ප්‍රචා­රණ ව්‍යාපා­ර­යට තීර­ණා­ත්මක ලෙස සම්බන්ධ වීමට සූදානමක් පවතින බවයි එම වාර්තා හෙළිකරන්නේ.

දැනට විදේ­ශ­ගත ව සිටින මෙම දේශ­පා­ලන නාය­ක­යන් දෙපළ මේ මේ වන විටත් වෙන් වශ­යෙන් මෙවර ජනා­ධි­ප­ති­ව­රණ ක්‍රියා­න්වි­තය සම්බ­න්ධ­යෙන් අධ්‍ය­ය­නය කර­මින් සිටින බවත් ඔවුන් ඊට අදාළ විශ්ලේ­ෂණ වාර්තා සහ විශ්වා­ස­වන්ත පුද්ග­ල­යින් හරහා ක්ෂේත්‍ර තොර­තුරු ලබා ගන්නා බවත් වාර්තා වනවා.

එයට අම­ත­රව ඔවුන් තම හිත­ව­තුන්ට තමන් සහය දිය යුත්තේ කාටද යන්න පිළි­බ­ඳව මඟ පෙන්ව­මින් කට­යුතු කරන අතර මෙම හිත­ව­තුන්ට පවසා ඇත්තේ අව­සන් දෙස­තිය තුළ ජනා­ධි­ප­ති­ව­රණ ව්‍යාපා­ර­යට සක්‍රිය ලෙසින් සහ­භාගී වීමට බලා­පො­රොත්තු වන බවයි.
එහිදී එක් ප්‍රබලයකු විසින් විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමටද නියමිත බවයි මෙම වාර්තා හෙළිකරන්නේ.