අයිසිස් නායකයා සිරියාවේදී මරුට

ISIS සංවිධානයේ නායක අබුබකර් අල් බග්දාදී මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලක් ගනිමින් මරණයට පත්ව ඇති බව ට වාර්තාවන බව සි එන් එන් පුවත් සේවය පවසනවා.

ඒ, ඔහු ඉලක්ක කර සිරියාවේ ඉඩ්ලිබ් ප්‍රදේශය ආශ්‍රිතව අමෙරිකානු හමුදා ක්‍රියාත්මක කළ මෙහෙයුමක් අතරතුරදීයි.

එලෙස මිය ගිය පුද්ගලයා IS නායකයා ද යන්න, ඩී.එන්.ඒ පරීක්ෂණයකින් තහවුරු කර ගැනීමටයි සැලසුම් කර ඇත්තේ.

අමෙරිකානු බුද්ධි අංශ නිලධාරීන් ලබාදුන් ඔත්තුවකට අනුව එරට හමුදා එම මෙහෙයුම දියත් කර තිඛෙනවා.

ඒ සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද විශේෂ ප්‍රකාශයක් කිරීමට ද නියමිත බවට වාර්තා පලවුවද එය සිදුකරන අවස්ථාව පිළිබද මෙතෙක් හෙළිකර නැහැ.