අයිසිස් නායකයාගේ සිරුර සාගරයේ ගිල්වයි ?

@Lankaanews

සිරියාවේදී ඝාතනය කරන ලද අයිසිස් නායක අබු බකර් අල් බග්දාදිගේ සිරුරු කොටස් සාගරයට අතහැර දමා ඇතැයි ප්‍රංශ පුවත් සේවය වාර්තා කරනවා.
ඒ පෙන්ටගනයේ අභ්‍යන්තර තොරතුරක් උපුටා දක්වමිනුයි.
ත්‍රස්ත අනුගාමිකයින්ට සොයාගත නොහැකිවන පරිදි අල් බග්දාදිගේ සිරුරු කොටස් විනාශ කිරීම එහි අරමුණ බව සදහන්.
2011 වසරේදී අමෙරිකාව ඝාතනය කළ අල්කයිඩා නායක ඔසාමා බින් ලාඩන්ගේ සිරුරද සාගරයේ ගිල්වා දමා තිබුණා.