ලෝක උරුම ජපානයේ ෂූරි මාලිගාව ගින්නෙන් විනාශයි

යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස සැළකෙන ජපානයේ ෂූරි මාලිගාව ගින්නකින් විනාශයට පත්ව තිඛෙනවා.

ජපානයේ දකුණුදිග දිවයිනක් වන ඔකිනාවා දූපතේ පිහිටි ෂූරී මාළිගාවයි මෙලෙස ගින්නට හසුවී තිබෙන්නේ.

ගින්න නිවා දැමීමට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවූ බවයි ජපන් බලධාරීන් පවසන්නේ.

එම ප්‍රදේශයේ පදිංචිව සිටි ජනතාව ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. මීට වසර 500 කට පෙර රයිකු රාජවංශය මෙම මාළිගාව ඉදිකර ඇති බව සඳහන්. 1933 වසරේදී ජපානයේ ජාතික වස්තුව ලෙසද මෙම මාළිගාව නම් කෙරුණා.