ඇත්ත පෑඩ් මෑන්ගෙන් ලංකාවේ ජනපති අපේක්ෂකයකුට ස්තුතියක්

කාන්තාවන්ගේ සනීපාරක්ෂක පහසුකම පිළිබඳව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඉන්දියාවේ ප්‍රකට සමාජ ව්‍යවසාකයෙක් වන අරුනාචලම් මුරුගනාත්තම් මහතා ප්‍රසාදය පළ කර තිඛෙනවා.

ලෝකය පුරාම පෑඩ් මෑන් (Pad Man) ලෙසින් ගෞරවයට පාත්‍ර වූ අරුනාචලම් කානත්වන්ගේ සනීපාරක්ෂක තුවා නිර්මාණය කිරීම වෙනුවෙන් අඩු වියදම් යන්ත්‍ර නිපදවනු ලබන අතර ඔහුගේ ජීවිත කතාව අලලා පෑඩ් මෑන් නමින් සුපිරි රංගන ශිල්පි අක්ෂේ කුමාර් රඟපාන චිත්‍රපටයක්ද නිර්මාණය කෙරුණා.

අතර එය ලොව පුරා අතිශය ජනප්‍රිය වූ අතර එය බොක්ස් ඔෆිස් වාර්තා බිඳ දමමින් තිරගත වූ චිත්‍රපටයකි.

“ලොව පුරා නායකයින් තමන්ගේ රටවල සංවර්ධනයේදී කාන්තාවන්ගේ සෞඛ්‍ය හා කාන්තාවන්ගේ මාසික සනීපාරක්ෂා කටයුතු වල වැදගත්කම වටහා ගැනීම හොඳ වෙනසක්. ඔවුන් සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයන් වලින් විවිධ මුල පිරීමේ මේ වෙනුවෙන් නිවේදනය කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසා මහතා දැරිය හැකි ආකාරයේ කාන්තා සනීපාරක්ෂක  පහසුකම් ලබාදීම පිළිබඳව කථා කළා.   ඔහු ශ්‍රී ලංකාවේ  නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා. ඔහු තමන්ට පෑඩ්මන් ලෙස හැඳින්වීම ගැන සතුටු වන අතර කාන්තාවන්ට හා ගැහැණු ළමයින්ට නොමිලේ සනීපාරක්ෂක තුවා ලබාදෙන බවට පොරොන්දු වුණා.

කාන්තාවන්ගේ සනීපාරක්ෂක කටයුතු පිළිබඳව ලෝක නායකයන් තානාපතිවරුන් ලෙස කටයුතු කිරීමට මේ කාලයයි.

දැන් බංග්ලාදේශය ද සරණාගත කාන්තාවන් සහ ගැහැණු ළමයින් සඳහා දැරිය හැකි ආකාරයට සනීපාරක්ෂක පහසුකම් ලබාදීමට කටයුතු කරනවා” යැයි ඔහු සිය ෆේස්බුක් ගිණුමෙන් පවසයි.