TNA මැතිවරණ ප්‍රචාරණය අරඹයි

දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන පක්ෂය වූ ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂය මෙවර ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහය දැක්වීමට තීරණය කිරීමත් සමගම එම පක්ෂයේ මන්ත්‍රීවරු උතුරේ ජනතාව දැණුවත් කිරීමේ වැඩ සටහන් මේ දිනවල ආරම්භ කර තිඛෙනවා.

දෙමළ ජාතික සන්ධානයේ එම්.එ.සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් මන්නාරමේ පෞද්ගලික හෝටලයකදී මන්නාරමේ ස්වේච්ඡා සංවිධාන නියෝජිතයින් හා ප්‍රාදේශීය දේශපලනඥයින් දැණුවත් කිරීමේ වැඩ සටහනක් ඊයේ පැවැත්වුණා.

දෙමළ ජාතික සන්ධානයේ මන්නාරම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන් මහතා විසින් මේ සාකච්ඡාව සංවිධානය කොට තිබූ අතර ඒ සදහා පළාතේ නීතිඥයින් වෛද්‍යවරුන් ඇතුලු තවත් පිරිසක්ද සහභාගීව සිටි බව සදහන්.

එහිදී ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂය විසින් ජනාධිපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය පලකිරීමට හේතු හා සිදුවන ප්‍රතිඵලයන් පිළිබඳ දැනුවත් කර තිඛෙනවා.