එස් බීගේ ආරක්ෂකයින් සිදුකළ වෙඩි තැබීමකින් දෙදනකුට තුවාල

ගිනිගත්හේන පොල්පිටිය ප්‍රදේශයේදී එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.බී. දිසානායක මහතාගේ ආරක්‍ෂක නිලධාරීන් විසින් සිදු කර ඇති වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසනවා.

පොලීසිය පවසන්නේ මන්ත්‍රීවරයා ගමන් කල වාහනය අවහිර කරන ලද පිරිසකට ආරක්ෂක නිලධාරීන් විසින් වෙඩි තැබීමක් සිදු කර ඇති බවයි.

සිද්ධියට අදාළව පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.