අන්තර්ජාල නිදහස නැති රටවල් අතර පකිස්ථානය අංක 3ට

ලෝකයේ අන්තර්ජාල නිදහස අවම රටවල් 10ට පකිස්ථානය ඇතුලත් කර තිඛෙනවා.
ඒ අනුව අන්තර්ජාල හා ඩිජිටල් මාධ්‍ය නිදහස අතින් පකිස්ථානයට හිමිව ඇත්තේ නරකම රටවල් අතර 3 වන තැනයි.
එහිදී ලෝකයේ අන්තර්ජාල නිදහස අහිමි රට බවට චීනය පත්ව සිටිනවා.
වියට්නාමයට හිමිව ඇත්තේ දෙවන තැනයි.
මෑතකාලීනව පමණක් විපක්ෂයට සහාය දක්වන හා නිදහස් මතධාරීන්ගේ වෙබ් අඩවි ලක්ෂ 8ක් පකිස්ථානය විසින් අවහිර කර තිඛෙනවා.