ඝාතනයවූ අයිසිස් නායකයාගේ බිරිඳත් කොටුවෙයි

ඝාතනයට ලක්වූ අයිසිස් ත්‍රස්ත නායක අබුබකර් අල් බග්දාදිගේ බිරිඳ තුර්කිය විසින් අත්අඩංගුවට ගෙන තිඛෙනවා.
තුර්කි ජනාධිපතිවයා අද ඒ බව නිල වශයෙන් අනාවරණ කළා.
පසුගිය සතියේදී අල් බග්දාදිගේ සොහොයුරිය ඇයගේ සැමියා හා තවත් සමීපතමයකුද තුර්කිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.
ඒ අමෙරිකාව විසින් සිරියාවේදී අයිසිස් නායකයා ඝාතනය කිරීමේ මෙහෙයුමෙන් පසුවයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන්ට එරෙහිව ගනු ලබන පියවර මෙතෙක් අනාවරණ කර නැහැ.