දිනන්නේ කවුද ? වික්ටර් අයිවන්ගෙන් අනාවැකියක්

තම මතයට අනුව මෙවර ජනාධිපතිවරණය ජය ගැනීමේ වැඩි ඉඩක් පවතින්නේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා බව රාවය පුවත්පතේ හිටපු කර්තෘ වික්ටර් අයිවන් මහතා පවසනවා.
අද මාධ්‍යවේදීන් සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කියා සිටියා.