ගිනිගත්හේනේදී වෙඩි තැබූ එස් බීගේ ආරක්ෂකයින් 2ක් අත්අඩංගුවට

පොල්පිටිය ප‍්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩිතබා තුවාල සිදුකළ පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස් බී දිසානායක මහතාගේ ආරක්ෂක නිලධාරින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.

ඔවුන් ඇමති ආරක්ෂක කොට්ඨාසයේ පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙක් බවයි මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පවසන්නේ. පිස්තෝල දෙක ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. හිස් පතුරොම් කොපු තුනක් සොයා ගැනීමට හැකිවුණා.

කොස්තාපල්වරුන් දෙදෙනා හදුනාගැනීමේ පෙරට්ටුව සඳහා හැටන් මහේස්ත‍්‍රාත් අධිකරණයටඉදිරිපත් කිරීමට නියමිතයි.

තුවාල ලැබූ එක් පුද්ගලයෙක් කරවනැල්ල රෝහලේ ප‍්‍රතිකාර ලබනවා. අනෙක් පුද්ගලයා ඇතුලත් කර තිබෙන්නේ ගිනිගත්හේන රෝහලටයි.