TNA සම්පූර්ණ සහාය සජිත් ප්‍රේමදාසට

දෙමළ ජාතික සන්ධානය (TNA) නියෝජන කරන සියලුම පක්ෂවල සහය ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට ලබාදෙන බව නිල වශයෙන් නිවේදනය කර තිඛෙනවා.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබාදීමට තීරණය කළේ කිසිදු කොන්දේසියක් නොමැතිව බවයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා ප්‍රකාශ කළේ.

එහිදී අදහස් දැක්වූ සුමන්තිරන් මහතා….

“ එම යෝජනා වෙන කාර්යක්. ඒ වගේම එම යෝජනා ජනාධිපතිවරණයේ දී අපි කාටවත් ඉදිරිපත් කලේ නැහැ. එවැනි යෝජනා ඇති බව ජනමාධ්‍ය මගින් ප්‍රචාරය වූ අවස්ථාවන්හිදී අපේක්ෂකයින් කියා සිටියේ එවැනි යෝජනා සම්බන්ධයෙන් අවධානයක් යොමු නොකරන බවයි. එම යෝජනාවලට පෙර අපේ දෙමළ ජාතික සන්ධානය අපේක්ෂකයින් සමඟ සාකච්ජා ගණනාවක් පවත්වා තිබෙනවා. ඒ අනුව ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගේ මැතිවරණ ප්‍රකාශ අපි පරීක්‍ෂා කර බැලුවා ඒ වගේම ඒ ගොල්ලන්ගේ පසුබිම පිළිබඳවත් අපි පරික්ෂා කර බැලුවා. ඒ අනුවයි අපි සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කිරිමට තීරණය කළේ යැයි“