සජිත් ප්‍රේමදාසට සහාය දෙන්න උපකාරක පන්ති ගුරුවරු එක්වෙයි

ජනාධිපතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට දිවයිනේ ප්‍රමුඛ පෙළේ උපකාරක පන්ති ගුරුවරුන් රැසක් තීරණය කර තිඛෙනවා.
ඒ පසුගියදා කොලඹ වෝටර්ස් ඒජ් හෝටලයේදී සජිත් ප්‍රේමදාස මහතා සමග පැවැත්වූ විශේෂ සාකච්ජාවකින් පසුවයි.
මෙම හමුව සදහා උපකාරක පන්ති ගුරුවරුන් 1500ක පමණ පිරිසක් එක්ව සිට තිඛෙනවා.
එහිදී උපකාරක පන්ති ගුරුවරුන්ගේ ගැටළු පිළිබද සජිත් ප්‍රේමදාස මහතා විශේෂ අවධානයක් යොමුකර ඇති අතර එම ගැටළු සදහා උපරිම වශයෙන් ප්‍රතිචාර දක්වන බවටයි මෙහිදී එකගතාවය පලකර තිබුණේ.
එසේම උපකාරක පන්ති වලදී සිසුන්ට මතුවන ගැටළු අවම කර ගැනීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ජා පවත්වා තිඛෙනවා.

එහි ප්‍රතිඵලයක් ලෙස ඉදිරියේදී උපකාරක පන්ති ගුරුවරුන්ගේ සේවය වඩාත් ඵලදායීව ලබාගැනීමට මෙන්ම ඔවුන්ට මුහුණපෑමට සිදුවන ගැටළු අවම කිරීමටද නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමටයි එකගතාවය පලව ඇත්තේ.

මෙම සාකච්ජාවේදී හිමිවූ ධනාත්මක ප්‍රතිචාරයන් මත උපකාරක පන්ති ගුරුවරුන්ගේ කොන්දේසි විරහිත සහාය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට එකගතාවය පලව ඇති බව සදහන්.
රාජ්‍ය අමාත්‍ය ජේ සී අලවතුවල මහතාගේ සංවිධානයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිඛෙනවා.