බලය පරපුරෙන් පරපුරට ගෙනයාමට ඉඩදීම නවතමු / අනුර දිසානායක

රට පාලනය කිරීමේ බලය පරපුරෙන් පරපුරට ගෙනයාමට මෙරට දේශපාලනයේ ප්‍රධාන පක්ෂ උත්සාහ කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර දිසානායක මහතා පවසනවා.
එය වලක්වා දේශපාලන බහිරවයන්ගෙන් රට ආරක්ෂා කළ යුතු බවයි මන්ත්‍රීවරයා මාතරදී පැවැති ජන රැළියක් අමතමින් සදහන් කළේ.

මේ රටේ ජනතාව ආණ්ඩු පත්කළේ බොහෝ සුභවාදී බලාපොරොත්තු ඇතුව. මේ පක්ෂ දෙකට බලය දුන්නු පාක්ෂිකයන් අනාගතයේ හොඳ රටක් අපට නිර්මාණය වෙයි කියලා තමයි හිතුවේ. නමුත් පාලකයෝ මොකද කළේ? ඒ සියලූ ජනතා අපේක්ෂාවන්ට පටහැනිව තමයි පාලකයෝ රට පාලනය කළේ. හැමදාමත් ඡන්ද පොළට ගිහිල්ලා ජනතාව ආණ්ඩුවක් හදනවා. නමුත් හැදෙන ආණ්ඩුව ජනතාවට ප්‍රතිපක්ෂව කටයුතු කරනවා. අපේ රටේ ජනතාවට ආණ්ඩු 15ක අත්දැකීම් තිඛෙනවා. ඒ අත්දැකීම් අනුව පෙන්වා දී තිඛෙන්නේ මේ පාලකයන්ට අපේ රටත්, ජනතාවත් අඟලක්වත් ඉහළට ඔසවා තබන්න බැරිබවයි. ඒ නිසා නොවැම්බර් 16 අධිෂ්ඨානශීලී, බලවත් තීන්දුවක් අරගන යල්පැනගිය දේශපාලන කඳවුරු දෙක ප්‍රතික්ෂේප කොට නව මාවතකට අපේ රට අවතීර්ණ කරන්න කියන ඉල්ලීම කරන්න තමයි අපේ තමුන්නාන්සේලා හමුවට ආවේ.

සාමාන්‍ය ජනතාවගේ කතාබහක් තිඛෙනවා, ඡන්දේ දුන්නට ඔයගොල්ලෝ දිනන්නේ නැහැනේ කියලා. ජනතාව සාමාන්‍යයෙන් අපේක්ෂා කරන්නේ දිනන්න ඡන්දය දෙන්න. නමුත් දිනන්නාට ඡන්දය දුන්නාට ජනතාව හැමදාම පැරදිලා. දැනුත් පැරදිලා. හැබැයි ජනතාවට සැබෑ නියත ජයග්‍රහණයක් ඕන නම්, අද අපේ ජනතාවට හැරෙන්න තිඛෙන්නේ මාලිමාව දිසාවට පමණයි. දේශපාලූවෝ දිනන පැත්තට නොවෙයි, ජනතාව දිනන පැත්තට ඡන්දය දෙන්න ඕන නම් එසේ දිය යුත්තේ මාලිමාවටයි. අපි ඒ පණිවුඩය ගම්වලට ගෙන යා යුතුයි. අවුරුදු 71ක් පුරා ඔබ පැරදුණා. ඔබට දිනන්න ඕන නම් ඡන්දය දෙන්න තිඛෙන්නේ මාලිමාවට පමණක් බව අපි ජනතාවට සහතික කර කියනවා.
තව කතා බහක් තිඛෙනවා. ජාතික ජන බලවේගය හොඳයි. ඒ අය කියන ඒවා සාර්ථකයි. ඇත්ත. නමුත් අරයා එයි, මෙයා එයි අන්න ඒක වළක්වන්න ඕන කියලා. රාජපක්ෂලා එනවනේ, ඒ ගොල්ලෝ පරාජය කරන්න ඡන්දය දෙන්න ඕන කියලා. එතකොට මේ රටේ ජනතාව 2015 දී පරාජය කළේ අප්පුහාමිලාද? 2015 දී ලංකාවේ වැඩිම ජනතාවක් ඡන්දය දීලා රාජපක්ෂලා පරාජය කළා. එදා බැසිල් රාජපක්ෂ ජාතික ඇඳුම ගලවලා, කලිසමයි කෝට් එකයි ඇඳලා ඇමෙරිකාවට ගියා. ගෝඨාභය රාජපක්ෂ තමන්ගේ ගෙදර ඇති කරපු අලි ටික පනාගොඩ කෑම්ප් එකට භාරදීලා, ගෙදර තිබුණ මිනීමෝරු මාලූ ටැංකියත් කඩලා මිරිහානේ ගෙදරට ගියා. මහින්ද රාජපක්ෂ දෝතින්ම අරගෙන ශී්‍ර.ල.නි.ප.ය මෛතී්‍රට භාරදුන්නා. ඒ ඔක්කෝම කළේ බයට.
අපරාධකාරයා තමයි දන්නේ තමන්ගේ අපරාධයේ තරම. හොරු තමයි දන්නේ තමන්ගේ හොරකමේ විශාලත්වය. ඒ නිසා තමයි රාජපක්ෂලා බය වුණේ. ඒ රාජපක්ෂලාට යළි ඔක්සිජන් දීලා ශක්තිමත් කොට මේ මැතිවරණයට ගෙනාවේ කවුද? රනිල්, මෛතී්‍ර, සාගල, සජිත් නොවෙයිද? දැන් නැවත ජනතාවට කියන්නේ මොකටද ඔවුන්ම පරාජය කරන්න කියලා. රාජපක්ෂලා පරාජය කරන්නත් ඕනැ. රාජපක්ෂලාව දිවිහිමියෙන් ආරක්ෂා කරපු එක්සත් ජාතික පක්ෂයත් පරාජය කරන්න ඕනැ. සජිත් අවුරුදු 19ක් පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඔය 19 හැන්සාඩ් එකතු කළොත් එක වචනයක් සජිත්, ගෝඨාභය ගැන සඳහන් කරලා නැහැ. පුළුවන්නම් සජිත්ගේ ප්‍රධාන ඒජන්ත මංගලට පෙන්නන්න කියන්න. ඒ ගොල්ලෝ කුළුපග මිතුරන්. ඔවුන් එකිනෙකා ආරක්ෂාකර ගැනීමට බැඳී සිටින දේශපාලන කඳවුරුවල අය. ඒ නිසා ජනතාව ඛෙදිලා රණ්ඩුවෙලා ඇනකොටා ගෙන කිසිම ඵලක් නැහැ. මේ දෙක ඉතාම සමීප දේශපාලන කඳවුරු. මේ දෙකම ප්‍රතික්ෂේප කරලා නව කඳවුරකට මේ මැතිවරණයේදී මේ රට භාරදිය යුතුයි. ඒ කඳවුර අන්කිසිවක් නොවෙයි, ජාතික ජන බලවේගයයි. මේ රටේ දරුවන්ට, වැඩිහිටියන්ට, කාන්තාවන්ට, ආබාධිතයන් ඇතුළු සියලූ දෙනාට මනුෂ්‍යත්වයෙන් පිරි සමාජයක් අපි නිර්මාණය කරන්න ඕනැ. ආර්ථීකය පමණක් නොවෙයි හැම ක්ෂේත්‍රයකම අපේ රටේ ජනතාවට ඉතාමත් හොඳ ජීවිතයක් ගත කිරීමේ තත්වය අපි මේ රටේ ජනතාවට ගොඩනඟලා දෙනවා. ඒ වුවමනාව අපිට තිඛෙනවා. අපිට ක්ෂේත්‍ර ගණනාවක වැඩ තිඛෙනවා. ඉන් ප්‍රධානතම එක තමයි මේ දේශපාලන පොරපිටිය අපි ශ=ද්ධ කරන්න ඕනැ. මේ පොරපිටියේ ඉන්නේ ඒක අරක්ගත් බහිරවයන් කණ්ඩායමක්. පරම්පරාවෙන් පරම්පරාවට එනවා. 2015 අවුරුද්දේ පාර්ලිමේන්තුවට ආසන්න වශයෙන් අලූත් මන්තී්‍රවරු තිස් ගණනක් ආවා. ඒ අලූත් මන්තී්‍රවරුන්ගෙන් අපේ පක්ෂයේ හැර, එක මන්තී්‍රවරයයි දේශපාලන පරම්පරාවකට සම්බන්ධ නැතුව ආවේ. එයත් මාධ්‍යයක තරුවක්. නිරෝෂණී. අනිත් ඔක්කෝම කවුද? තාත්තා එක්කෝ ඇමතිවෙලා හිටියා. නැතිනම් අම්මා ඇමතිනිය වෙලා හිටියා. එක්කෝ ඒ දෙන්නගෙන් කෙනෙක් පළාත් සභාවේ හිටියා. ඒ අයගෙන් තමයි පාර්ලිමේන්තුවට ආවේ. ඒ නිසා අපේ නව තරුණ පරම්පරාවට දේශපාලනයේ කිසිදු දොරටුවක් විවෘත වෙන්නේ නැහැ. පවුලේ දේපොළ පරම්පරාවෙන් පරම්පරාවට පාලනය කරනවා වගේ ආණ්ඩුවත් පරම්පරාවෙන් පරම්පරාවට රට පාලනය කරනවා.

ඩී.එස්. සේනානායක පාලනය කළා. එයාගේ පුතා ඩඩ්ලි සේනානායක පාලනය කළා. බණ්ඩාරනායක පාලනය කළා. ඊට පස්සේ එයාගේ නෝනා රට පාලනය කළා. ස්වාමියා මිය ගියහම බිරිඳ කඩේ බලා ගන්නවා. ඊට පස්සේ ෙජ්.ආර්. පාලනය කළා. ඊට පස්සේ එයාගේ බෑනා, රනිල් පාලනය කළා. ප්‍රේමදාස පාලනය කළා. දැන් සජිත් පාලනය ඉල්ලනවා. මහින්ද පාලනය කළා. දැන් මහින්ද මොකක්ද කියන්න හදන්නේ. මගේ කොල්ලා ලොකුවෙන කල් තාවකාලිකව බාප්පාට දෙන්න කියලා. මේ ගොල්ලන්ගේ දේපොළද මේ. ආණ්ඩුකරණයක් රටක එහෙම වෙන්න ඕනැද? ඒ නිසා අපි මේ රටේ දේශපාලන නිදහසත්, සාධාරණත්වයක් නිර්මාණය කරනවා. ඈත ගමක ඉන්න තරුණයෙකුට වුණත් මේ රට පාලනය කිරීමට, පාලන ව්‍යුහයට හවුල්වීමට සමත්වන විධියට පරම්පරාවෙන් පරම්පරාවට භුක්තිය ලෙස එන දේශපාලනය නොකර, තරග වදින ප්‍රධාන පෙළේ අපේක්ෂකයෙක් ඉන්නවා නම් ඒ මම විතරයි. අපේ රටේ පාලනයට නව තරුණ පරම්පරාවට අවතීරණ වෙන්න ඉඩකඩ සලසන්න ඕනැ. මේ ගොල්ලෝ එහෙම ඉඩදීලා නැහැ.

මේ නොවැම්බර් 16 වැනිදාට මේ බහිරවයන් ටික පලවා හැරීමේ තීන්දුව ගන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ඡන්ද එක පක්ෂයකින් අරගෙන ඊට පස්සේ අනෙක් පක්ෂයට පනිනවා. ඊළඟට ඡන්දය ඉල්ලන කොට වර්ජනය කරපු පක්ෂයට ඇති තරම් බැට දෙනවා. ඊට පස්සේ නැවත මේකෙන් අරකට පනිනවා. මේ නිකන් නොවෙයි. පනින හැම පියවරකටම කෝටි ගණන් ධනය හුවමාරු වෙනවා. ගහක කඳ විකුණන්නේ වට අඩි ප්‍රමාණයට වගේ පාර්ලිමේන්තුවේ හිටපු අවුරුදු ගණනට ගණන් බලලා විකිණෙනවා. අපි මේ නරුම දේශපාලන සංස්කෘතිය නතර කරන බවට ඔබට සහතික වෙනවා.
මේ රට නව දේශපාලන සංස්කෘතියකට පරිවර්තනය කිරීමේ කාර්යයේදී කාන්තාව සතුව තමයි විශාලම කාර්යභාරයක් සතුව තිඛෙන්නේ. අපි ඒ සඳහා පෙරට එන්න කියලා ඔබට ආරාධනා කරනවා. තව සතියයි මැතිවරණයට තියෙන්නේ. ඔබ ගමට ගිහින් කාන්තාවෝ අවදි කරන්න. ඔබට තමයි ඒක හොඳටම කරන්න පුළුවන්. අපි ඔක්කෝම එකතු වුණොත්, දැඩි අධිෂ්ඨානයක් හිතට ගත්තොත් සහතික වශයෙන්ම අපිට ජයග්‍රහණය ලබන්න පුළුවන්.
මේ වේදිකාවේ ඉන්න අය ජනතාවට ණය නැහැ…

සුනිල් හඳුන්නෙත්ති සහෝදරයා …

ජනාධිපතිවරණයට තව සතියයි තිඛෙන්නේ. මේ කාලය වන විට මීට කලින් මැතිවරණ හරිම උණුසුම්. ඔට්ටුත් අල්ලනවා. මුදල්, ගෙවල්, වාහන මේ විධියට සමහරු ඔට්ටු අල්ලනවා. හැබැයි ඔබලා දැකලා තිඛෙනවාද මේ ජනාධිපතිවරණයේදී එහෙම ඔට්ටු අල්ලනවා. මේ ජනාධිපතිවරණයේදී කොළ, නිල්, කඳවුරු දෙකේම අය ඉන්නේ හරිම දෙගිඩියාවකින්. අන්න ඒ දෙගිඩියාවට ඒ කඳවුරු දෙක පත්කළේ ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර සහෝදරයාගේ ආගමනය විසින්. ඔන්න අපි ලබපු පළමු ජයග්‍රහණය. දැන් ඔට්ටු ඇල්ලීම පසෙක දමලා අහනවා 50% ගන්න පුළුවන් වෙයිද කියලා. දෙවෙනි මනාපය ගැන කථා කරනවා. මීට කලින් හය වතාවක් ජනාධිපතිවරණ තිබ්බට දෙවෙනි මනාප කථාවක් ආවෙ නැහැ. ඒ නිසා මේ ජනාධිපතිවරණයේ ආරම්භයේදීම දෙවෙනි මනාපය ගැන කථාකරනවා. 50% සැකය නිර්මාණය කරන්න සමත් වුණේ ජාතික ජන බලවේගයයි. මේ 16 වැනිදා වෙනකොට ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ඉහළම ජයග්‍රහණය ලබන අන්දමේ මැතිවරණ ව්‍යාපාරයක් අපි මේ ජනාධිපතිවරණය හරහා නිර්මාණය කරලා තිඛෙනවා. සටන අපේ අතට ඇවිල්ලා. ජනතාවට දිනන්න අවස්ථාව දැන් එළැඹිලා තිඛෙනවා.
සමහරු නොදන්නකමට අපෙන් අහනවා දිනන්න පුළුවන්ද කියලා. සමහරු ලෑස්තිවෙලා ඉන්නවා දිනනවා නම් ඡන්දය දෙන්න. දිනනවා නම් නොවෙයි දිනවන්නයි ඡන්දය දෙන්න ඕනැ. ඔව්. අපි කියනවා අනුර කුමාර දිසානායක සහෝදරයා මේ 17 වැනිදාට රටේ නායකයා බවට පත්කරවන්න පුළුවන් ඔබට. ඒ සඳහා අවශ්‍ය වෙලා තිඛෙන්නේ තව එක ඡන්දයයි. ඒ ඡන්දය ඔබේ ඡන්දයයි. ඔබේ ඡන්දය දෙන්න ඔබ සූදානම් නම් අපි සූදානම් ඒ ජයග්‍රහණය රටේ ජනතාවට අරන් දෙන්න. ඔබ ඔබේ මිත්‍රයා එක්ක කතා කරන්න. ඥාතියා එක්ක අසල්වැසියා එක්ක කතා කරන්න. තව දවස් අටක් තිඛෙනවා. කරුණු පහදලා දෙන්න. එහෙම කරලා මෙතෙක් පරාජය වෙච්ච ජනතාවගේ ජයග්‍රහණය අනාගත පරම්පරාවට අප ගෙනත් දෙන්න සූදානම් කියන පණිවුඩය අපි ගමින් ගමට අරන් යමු.

මාතර ජනතාව, රටට අලූත් ජයග්‍රහණ ගෙනා ධෛර්යය සම්පන්න ජනතාවක්. මේ රට ගොඩනඟන්න අවශ්‍ය ධෛර්යය, දැනුම, සැලසුම් අපි ළඟ තිඛෙනවා. ඒ සඳහා ස්වේච්ඡාවෙන් අපිට උදව් කරන, දියුණු මානව ප්‍රාග්ධනයක් මේ වේදිකාවේ ඉන්නවා. මේ වේදිකාවේ ඉන්න අය ජනතාවට ණය නැහැ. වචනයකින් හරි ජනතාව රවට්ටලා නැහැ. ඒ විතරක් නොවෙයි 17 වැනිදායින් පස්සේ ස්වේච්ඡාවෙන් මේ රට හදන්න, රට වෙනුවෙන් වැඩකරන්න සූදානම් මුළු ලෝකය පුරා විසිරිච්චි ශී්‍ර ලාංකික ප්‍රජාවක් ඉන්නවා. මැදපෙරදිග දුක්විඳිමින් වැඩ කරන සහෝදර සහෝදරියෝ. කොරියාව, කැනඩාව, එංගලන්තය, ස්විස්ටර්ලන්තය, ප්‍රංශය, ඉතාලිය ජපානය, ඇමෙරිකාව වගේ රටවල වැඩකරන විවිධ වෘත්තීන්වල යෙදෙන වෘත්තීයවේදීන්, බුද්ධිමතුන්, උගතුන් අපිත් සමග ඉන්නවා. ඔවුන් සූදානම් ලංකාවට ඇවිල්ලා රට හදන්න ස්වේච්ඡාවෙන් වැඩකරන්න. ඒ සියලූ දෙනා එකතු කරගෙන මේ රට අපි හදමු. ඒ සඳහා මාලිමාව ඉදිරියේ කතිරය ගසමු. අනුර කුමාර සහෝදරයාව ඉහළින්ම දිනවමු කියා මා ඔඛෙන් ඉල්ලා සිටිනවා.
අපේ දරුවන්ට සුභදායක රටක් ගොඩනගන්න එකතු වෙන්න…

සරෝජා පෝල්රාජ් සහෝදරිය – මාතර රැලියේදී…

මේ වෙලාවේ ඉතා සතුටින්ම සිටින ජනතාව ඉන්නේ ජාතික ජන බලවේගයේ වේදිකාව වටා කියලා අපි කියනවා. මේ රටේ ජනතාවගේ සියලූ රීරිමාංශ සූරාකන මේ විලිලැජ්ජා නැති දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න උදාර අභිමානවත්, ජනතාවට පිටකොන්දක් දෙන්න පුළුවන්, නිදහසේ සතුටින් ජීවත්වෙන්න පුළුවන්, ජනතාවක් නිර්මාණය කරන්න පුළුවන් වේදිකාවක්, බලවේගයක් සහ ඒ බලවේගය ඉදිරියට ගෙනයන්න පුළුවන් නායකත්වයක් අපිට හම්බවෙලා තිඛෙනවා. ඒ තමයි ජාතික ජන බලවේගය.

අපිට ආඩම්බර වෙන්න කාරණා රැසක් තිඛෙනවා. විශේෂයෙන්ම මේ වෙනකොට ඔබ අපි සියලූ දෙනාම ජයග්‍රාහී බව විශ්වාසය කරන්න. ඒක සුළුපටු ජයක් නොවෙයි. අවුරුදු 71ක් වංචාවෙන්, දූෂණයෙන් සහ හොරාකෑම්වලින් පිරිලා තිබුණු මේ ලංකාවට කිසිදු ලාභ අපේක්ෂාවකින් තොරව, දේශපාලනය ස්වේච්ඡා සේවයක් වගේම ගරු සේවයක් බවට පත්කරන්න පුළුවන්, අලූත් දේශපාලන පිටුවක් අරඹන දිනය තමයි මේ නොවැම්බර් 16 වැනිදා, අහිමි කරපු සතුට නැවත ලබාගැනීමේ දිනය තමයි නොවැම්බර් 16 වැනිදා කියන්නේ. පසුගිය 20 වැනිදා වන විට අපි ලංකාවේ කාන්තා සංවිධාන, ස්තී්‍රවාදී ප්‍රගතිශීලී චින්තනයක් සහිතව, අපේ රටේ ඉදිරිගමන වෙනුවෙන් ඒකරාශී කරන්න පුළුවන් කාන්තා සංවිධාන 18කට ආසන්න ප්‍රමාණයක් ඒකරාශීවෙලා, අපි ප්‍රගතිශීලි ස්තී්‍ර එකමුතුවක් සංවිධානය කළා. සමස්ත ලංකාවේ ශී්‍ර ලංකා කාන්තා පරපුරේම අභිලාෂයන් වෙනුවෙන් ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක සහෝදරයා දිනවීම සඳහා අපි ස්තී්‍ර ප්‍රඥප්තියක් ඉදිරිපත් කළා. ඒ නිසා ප්‍රගතිශීලී ස්තී්‍ර එකමුතුව අනුර කුමාර දිසානායක සහෝදරයාගේ සහායට ඉහළින්ම දායක වෙමින් සිටිනවා. අපි බලාපොරොත්තු වෙනවා සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවට එකාවන්ව ජීවත්වීමට පුළුවන්, ඒ වගේම අපේ අනාගත දරුවන්ට සුබදායක සුන්දර ශී්‍ර ලංකාවෙක් ගොඩනඟන්න, මේ රටේ සියලූම ජනයාට එකසමානව අභිමානයෙන් යුතුව ජීවත් විය හැකි, රට ගොඩනැඟිය හැකි එකම බලවේගය ජාතික ජන බලවේගයයි.

ලංකාවේ උපදින දරුවන්ගෙන් 16% දෙනෙක් නිසි බර නැතිව තමයි උපදින්නේ. ලංකාවේ පාසල් දරුවන්ගෙන් 52%ක් රක්තහීනතාවයෙන් පෙළෙනවා. අපේ රට දකුණු ආසියාවේ මන්දපෝෂණයෙන් පෙළෙන රටවල් අතරින් දෙවන තැනයි අපේ රටට තිඛෙන්නේ. ලංකාවේ ගර්භිණී කාන්තාවන්ගෙන් 40%ට ආසන්න ප්‍රමාණයක් රක්තහීනතාව හා ඌන පෝෂණයෙන් පෙළෙනවා. එහෙත් රටක ඉඳගෙන මෙතෙක් කල් අපි අනුන්ට රජවෙන්න කතිරය ගැහැව්වා. ආදරණීය සහෝදරයනි, දියණිවරුනි, මව්වරුනි, මේ ඔබේ අවස්ථාව. අපි තවදුරටත් නාස්තිකාර මිනිසෙක් මෙම 16 වැනිදාට ජනාධිපතිවරණ පුටුවේ වාඩිකරවන්නේ නැහැ කියන අධිෂ්ඨානය ඇතිව, අපේ කතිරයේ බලය පාවිච්චිකර, ඔබ අප හැමදෙනාගේ දරුවන්ගේ හෙට දිනයන් යහපත් කිරීමේ අරමුණින් මාලිමාව ඉදිරියේ කතිරය ගසා අනුර කුමාර දිසානායක සහෝදරයාව දිනවන ලෙස අපි ඔබට එක හ`ඩින් ආරාධනා කරනවා.