බොලිවියානු හිටපු ජනපති මෙක්සිකෝවේ රැකවරණ ලබයි

සිය ධුරයෙන් ඉල්ලා අස්වූ බොලීවියා ජනාධිපති මෙක්සිකෝවේ දේශපාලන රැකවරණය පිළිගෙන තිබෙනවා.

එවෝ මොරාලෙස් සිය ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන බවට නිවේදනය කර දිනකින් අනතුරුව මෙක්සිකෝව සිය රටේ දේශපාලන රැකවරණය ලබා දෙන බව ප්‍රකාශ කළා. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් බොලීවියා ජනාධිපතිවරයා කියා සිටියේ රට හැර යාම අපහසු වූවද තමන් නැවත පැමිණෙන්නේ වඩාත් ශක්තිමත්ව බවයි.මොරායෙස් ජනාධිපතිවරයා මෙක්සිකෝවට රජයේ ගුවන්යානයකින් පිටත් වූ බව එරට විදේශ අමාත්‍යවරයා තහවුරු කළා. බොලීවියා ජනාධිපතිවරයාට සිය ධුරයෙන් අස්වන ලෙස ඉල්ලා රට පුරා උද්ඝෝෂණ පැවැත්වුණා.