මහ මැතිවරණයේදී යළි නැගී සිටිනවා / හිටපු රාජ්‍ය අමාත්‍ය ජේ සී අලවතුවල

ජනතාව ලබාදුන් තීන්දුවට හිස නමමින් ආණ්ඩු බලය භාරදී ඉදිරි මහ මැතිවරණයේදී ශක්ත්මත්ව නැගී සිටීමට එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානය කටයුතු කරන බව හිටපු රාජ්‍ය අමාත්‍ය , පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා පවසනවා.
ප්‍රජාතන්ත්‍රවාදීව ජනතාව ලබාදුන් ජන්දයට හිස නමා ආචාර කරමින් මෙම තීන්දුවට එළඹි බවයි ජේ සී අලවතුවල මහතා ප්‍රකාශ කළේ.
මේ එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා.

ජනතාව ජනාධිපතිවරණයේදී තීන්දුවක් ලබාදුන්නා.අපි එයට හිස නැමිය යුතුයි. අපි සූදානම් ඉදිරි මහ මැතිවරණයේදී පක්ෂයක් සන්ධානයක් ලෙස ශක්තිමත්ව නැගී සිටින්න.
පසුගිය වසර 4ක කාලය තුල ආණ්ඩුවක් විදියට අපි රටට බොහෝ දේ ඉටු කළා.
නමුත් කකුලෙන් ඇදීම් / බොරු චෝදනා ආදිය නිසා අපේ ගමන යම් ප්‍රමාණයකින් අඩාල වූ බව අසත්‍යයක් නෙවෙයි. එය මේ රටේ ජනතාව හොදින්ම දන්නවා.
අපි ඒ ගැන පසුතැවෙන්න කටයුතු කරන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂය විදියට අපි මේ රටට බොහෝ දේ ඉටු කරලා තිඛෙනවා. ඉටු කරන්න නොහැකිවූ දේ තිඛෙනවා.නමුත් අපි ඉදිරි මහ මැතිවරණයේදී වඩාත් ප්‍රබලව ජනතාව ආමන්ත්‍රණය කරමින් මේ ගමන ඉදිරියට ගෙනයනවා.

ඒ අනුව ලංකාවේ දැවැන්තම පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය යළි දැවැන්ත ගමනකට අවතීර්ණ කිරීමයි අපේ මීළග අරමුණ වන්නේ. ඒ හරහා මෙරට ජනතාවට ලබාදිය හැකි සංවර්ධනය අපි අනාගතයේදී නිසැකවම ලබාදෙනවා.