නව ආණ්ඩුවේ ඇමති මණ්ඩලය අද දිවුරුම් දෙයි

නව ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතයි.

නව ආණ්ඩුව මීළඟ මහ මැතිවරණය තෙක් භාරකාර ආණ්ඩුවක් ලෙස කටයුතු කරන අතර එහි කැබිනට් මණ්ඩලය ඇමැතිවරුන් 15 දෙනෙකුගෙන් සමන්විත වනු ඇති බවයි වාර්තාවන්නේ.

එම කැබිනට් මණ්ඩලයට ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් තුන් දෙනෙකු ඇතුළත් වනු ඇති බවද සදහන්.

කැබිනට් ඇමැතිවරුන් 15 දෙනාට අමතරව රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරුන් පත් කිරීමක් සිදු නොවන බවද වාර්තාවනවා.