දිල්ෂාන් කෙළින් කතා කරයි

 කලක් ලොව අංක එකේ තුුන් ඉරියව් ක‍්‍රිකට් ක‍්‍රීඩකයා වූ තිලකරත්න ඩිල්ෂාන් ලෝකයටම ඩිල් ස්කූප් පහර හදුන්වා දුන්නේය. දැන් ඔහු ක‍්‍රිකට් වේදිකාවෙන් බැස ගොස් දේශපාලන වේදිකාවට ගොඩ වී තිබේ. එවන් පසුබිමක දේශපාලනය සහ ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ වැටීම සම්බන්ධයෙන් ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ සමග ඔහු මෙසේ ෙදාඩමළු විය.

ප‍්‍රශ්නය – තිලකරත්න ඩිල්ෂාන් ක‍්‍රිකට් ක‍්‍රීඩාවෙන් විශ‍්‍රාම ගැනීමත් සමග දේශපාලන වේදිකාවට පිවිස තිබෙනවා. දේශපාලනය නමැති මඩ ගොහොරුවට වැටීමෙන් ක‍්‍රිකට් වලින් ගොඩනගා ගත් කීර්ති නාමය නැති වෙන්න පුළුවන් නේද

පිළිතුර – ක‍්‍රිකට් වලින් සමුගෙන මම කෙළින්ම දේශපාලනයට ආවේ නැහැ. මම සමුගත්තට පස්සෙ මගේ ව්‍යාපාරත් එක්ක තමයි ජීවත් වුණේ. දේශපාලනය කියන්නෙ මඩගොහොරුවක් තමයි. නමුත් මඩ ගා ගත්ත නැති මිනිස්සුත් එතන ඉන්නවා. මේ රට හදන්න ඕන නම් අපිට කොන්ද පණ තියෙන නායකයෙක් අවශ්‍යයි. අවුරුදු 10-20 ක් අපි දුක් මහන්සි වෙලා අපි ක‍්‍රීඩා කළා රට වෙනුවෙන්. නමුත් අනාගත පරම්පරාවට නිදහසේ හුස්ම ගන්න පුළුවන් පරිසරයක් අපි හදන්න ඕන. දැන් ගොඩක් අය රට අතහැරලා යනවා. අපේ රට අර්ථිකය අතින් ඇෆ්ගනිස්තානයට වඩා පල්ලෙහාට ගිහිල්ලා. ක‍්‍රිකට් වලිනුත් එහෙමයි. මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව රටට දෙයක් කළා. යුද්ධය නැති කළා. අධිවේගී මාර්ග තිබ්බා. අපි එදා පුහුණු වීම්වලට ගිය රේස්කෝස් එක ගස් වැවිලා ජරාවක් තිබ්බෙ. එ්වා ඉතාමත් අලංකාර ලෙස ගොඩ නැගුවා. දැන් එ්වා ලස්සනට තියෙනවා. එ් නිසා ලස්සනට වැඩ කරන්න පුළුවන් නායකයෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා තියෙන නිසා තමයි මම ඔහුට සහය දෙන්න ආවේ. යුද්ධය ඉවර කරපු මහින්ද මහත්තයා සහ ගෝඨාභය මහත්තයා අපේ රටේ සංවර්ධනය යළිත් ගොඩ නගයි කියලා. මට තියෙන හෝටලයටත් සංචාරකයන් 21 වැනිදා ප‍්‍රහාරයෙන් පස්සෙ එන්නෙ නැහැ. 10% ක්වත් නැහැ. මම විතරක් නෙමෙයි සංචාරකයන් එන්නෙ නැති වුණහම පලතුරු විකුණන වෙළෙන්දා පවා අසරණ වෙනවා. අපි අවුරුදු 30 ක යුද්ධයෙන් පරිප්පුවක් කෑවා. එ් නිසා හරි නීතියක් ඇතිව හැම ක්ෂේත‍්‍රයම දියුණුවෙයි කියලා තමයි මම දේශපාලන වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දෙන්න තීරණය කළේ.

ප‍්‍රශ්නය – ඔබට කවුරු හරි ආරාධනා කළාද අපිට සහය දෙන්න එන්න කියලා

පිළිතුර – නැහැ මට කිසිම ආරාධනාවක් කවුරුත් කළේ නැහැ. මගේ තීරණයක් අනුව තමයි මම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට වැඩ කළේ. ගොඩක් අය දන්නවා මම මහින්ද රාජපක්ෂ කියන චරිතයට ගොඩක් ගරු කරනවා කියලා. ඔහුට තියෙන ගරුත්වය එතුමාට වගේම ආරක්ෂක ලේකම්වරයාට සහ ත‍්‍රිවිධ හමුදාවටම එ් ගෞරවය දිය යුතුයි. එ් නිසා මහින්ද සහ ගෝඨාභය සුසංයෝගය මේ රට යළිත් ගොඩ නගයි කියලා මට ලොකු විශ්වාසයක් තියෙන නිසා තමයි මම සහය දෙන්නෙ. මම දේශපාලනයට එනවද නැද්ද කියන එක හෝ ඡුන්දය ඉල්ලන එක පස්සෙ කියන්නම්.

ප‍්‍රශ්නය – ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් බොහෝ දෙනෙක් ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දැක්වූවා. විශේෂයෙන් ලසිත් මාලිංග එක්දින තරගවලදී සමුගැනීමේදී කළ කතාව සහ මුත්තයියා මුරලිදරන් වියත්මග වේදිකාවට පැමිණීම හො`දම උදාහරණ. ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් සහ රාජපක්ෂවරුන් අතර තියෙන සම්බන්ධය මොකද්ද

පිළිතුර – ක‍්‍රිකට් ක‍්‍රීඩකයෝ විතරක් නෙමෙයි රටෙන් 75% ක්ම ඔහුට ආදරය කරනවා. උදාහරණයක් වශයෙන් මහින්ද රාජපක්ෂ කියන චරිතයට හැමෝම ආදරය කරනවා. උපතින්ම කොළ පාට සහ නිල්පාට සංකල්පයකින් තොරව මහින්ද රාජපක්ෂ මහතාට ආදරය කරනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා කවදාත් දේශපාලනය කරපු කෙනෙක් නෙමෙයි. එ් නිසා ඔහු ජනාධිපතිවරයා විදිහට අපේ දරුවන්ට ලංකාව සුන්දර රටක් කරයි කියන විශ්වාස තියෙනවා.

ප‍්‍රශ්නය – පාකිස්තානයේ ඉම්රාන් ඛාන් ක‍්‍රිකට් පිටියෙන් දේශපාලනයට ඇවිත් ජනාධිපති වුණා. ශ‍්‍රී ලංකාවේ අර්ජුන රණතුංග සහ සනත් ජයසූරිය දේශාපලන වේදිකාවට පැමිණියා. නමුත් ඔවුන් එක් එක් පිලකට විවිධ අවස්ථාවලදී සහය දීලා තියෙනවා. ඔබත් කවදා හරි පිල් මාරුකරන දේශපාලනඥයෙක් වේවිද?

පිළිතුර – මම හැමදාම කෙළින් වැඩ කරන කෙළින් කතා කරන කෙනෙක්. මට දේශපාලනයට එන්න කියලා සාමාන්‍ය ජනතාවගෙන් ලොකු ඉල්ලීමක් තියෙනවා.

ප‍්‍රශ්නය – 2015 වසරෙන් පස්සෙ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ පරාජයන් ගොඩ වැඩි වෙලා තියෙනවා. එ්කට හේතුව සංගක්කාර, මහේල සහ ඩිල්ෂාන් එක ළ`ග සමුගැනීම නේද?

පිළිතුර – තුන්දෙනාම අයින් වෙච්ච එක ලොකු පාඩුවක්. අවුරුදු 10-15 ක් විතර අපි තුන්දෙනාගෙන්

පිතිකරණ අංශයට වුණ සේවය කණ්ඩායමට නැතිවීම එකපාර හදාගන්න බැහැ. නමුත් මම 2019 ලෝක කුසලාන වෙනකම් ක‍්‍රීඩා කරන්න බලාගෙන හිටියා. මොකද මම එ් වෙලාවෙ ලෝකයේ තුන් ඉරියව් ක‍්‍රීඩකයන්ගෙන් අංක එක හිටියේ. එක්දින පිතිකරු ලැයිස්තුවේ අංක හතර. නමුත් 2015 න් පස්සෙ ආපු ප‍්‍රශ්නත් එක්ක මට සමුගන්න වුණා. මාව සමහර සංචාරවලට දාලා ගියා. කිසි හේතුවක් නැතිව මාව සංචාරවලට ගෙනිච්චෙ නැති නිසා මම ගැටුම් ඇති නොකර සමුගත්තා.

ප‍්‍රශ්නය – 2019 ලෝක කුසලාන වන තෙක් ක‍්‍රීඩා කරන්න හිටපු ඩිල්ෂාන්ට පල නොකියා පලා බෙදපු කතාවක්ද වුණේ.

පිළිතුර – අනිවාර්යයෙන්ම එහෙම තමයි වුණේ. මම එක්දින සහ විස්සයි විස්ස විතරයි ක‍්‍රීඩා කළේ. එ්ත් මාව ගෙනියන්නෙ නැති නිසා මට තේරුණා එ් අය කරන්නෙ මොකද්ද කියලා. සමහර සංචාර යන්නෙ නැහැ කියලා තේරීම් කමිටු සභාපති මට අ`ඩ ගහලා කිව්වා. මම ඇයි කිව්වහම එ් අය කිව්වෙ නවකයන්ට අවස්ථාව දෙන්න ඕන කියලා. මම කිව්වා මම එක සංචාරයක් ගියේ නැති වුණාම මාසයක් දෙකක් ජාත්‍යන්තර කී‍්‍රඩාවෙන් ඉවත් වෙනවා. හැබැයි මම සමුගත්තට පස්සෙ මාස හයකින් මට තේරුණා සමුගැනීම වැරදියි කියලා. ඊට පස්සෙත් මම ආයිත් අවශ්‍ය නම් එන්නම් කිව්වා.

ප‍්‍ර‍්‍ර‍්‍ර‍්‍ර‍්‍ර‍්‍ර‍්‍රශ්නය – නවකයන් කියලා කණ්ඩායම ගෙනාපු ක‍්‍රීඩකයන් අද හොයා ගන්නවත් නැහැ. එහෙම බැලූවහම 2015 න් පස්සෙ නවකයන් සහ ජ්‍යෙෂ්ඨ දෙගොල්ලන්ම අනාථ වෙලා කියන චෝදනාව ඔබට කරන්න පුළුවන්ද?

පිළිතුර – නවකයන් ගේන්න තිබ්බෙ අපි ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් තුන්දෙනා ඉන්න වෙලාවෙ. මම නායකත්වය කරපු කාලේ ආපු නවකයන් සහ අපි තුන් දෙනා කණ්ඩායමේ ඉන්න කොට ආපු නවකයන් හො`දට කළා. චන්දිමාල් වගේ අය. මම ටෙස්ට් කණ්ඩායමට එන්න කලින් 1995 ඉ`දන් 1999 වෙනකම් හැම අවුරුද්දකම පි‍්‍රමියර් තරගාවලියේදී ලකුණු දහස සම්පූර්ණ කරලා තමයි කණ්ඩායමට ආවේ. දැන් සමහර ක‍්‍රීඩකයන් එක තරගයක්වත් ක‍්‍රීඩා නොකර ජාතික කණ්ඩායම ක‍්‍රීඩා කරනවා. අපේ පාසල් ක‍්‍රිකට් ඉස්සර වගේ නැහැ. මම, සංගා, මහේල, තිලාන්, නුවන් සොයිසා, චාමර සිල්වා, රංගන හේරත් යන නම් පාසල් කාලයේ ඉ`දලා කතා වුණා. දැන් 19 න් පහළ කණ්ඩායමේ නම් කීයද තියෙන්නෙ ජාතික කණ්ඩායමට එන්න පුළුවන් කියලා කියන්න. මගේ අවසන් තරගයේදී ආරම්භක පිතිකරු කළේ අවිශ්ක ප‍්‍රනාන්දු. ඔහුව ඊට පස්සෙ මම දැක්කේ එංගලන්ත සංචාරයේදී. එ් ක‍්‍රීඩකයන්ව එක දිගට ක‍්‍රීඩා කරවන්න ඕන. එ් නිසා කිසිම සැලැස්මක් නැතිව ඔහේ දානවා. ලෝක කුසලානට ගිය සමහර ක‍්‍රීඩකයන් කොහොමද කණ්ඩායමට ආවේ කියන එක ලොකු ප‍්‍රශ්නයක්. එ් ක‍්‍රීඩකයන් දැන් ක‍්‍රිකට් කොන්ත‍්‍රාත්තුවේත් නැහැ. කිසිම සැලැස්මක් නැතිවීම තමයි මේ ප‍්‍රශ්නයට හේතුව.

ප‍්‍රශ්නය – ක‍්‍රිකට් ගොඩ ගන්න ඔබට සේවය කරන්න පුළුවන් නේද? ඇයි ඉදිරිපත් වෙන්නෙ නැත්තෙ

පිළිතුර – මම ක‍්‍රිකට්වලට උදව් වෙන්න මේ පරිපාලනයත් සමග සාකච්ඡුා කළා. මම ක‍්‍රිකට් ආයතනයේ විධායක නිලධාරියෙක්ව හම්බ වෙන්න ගියා පසුගිය නවසීලන්ත සංචාරය අතරතුරදී. ගිහින් මම කිව්වා වසරක් දෙකක් මම ක‍්‍රිකට් වලට වැඩ කරන්නම් කියලා. ඊට පස්සෙ කිව්වා ලබන සුමානෙ ඉ`දන් වැඩ කරන්න පුළුවන්ද කියලා. මම කිව්වා පුළුවන් කියලා. එදායින් පස්සෙ අද වෙනකම් මට දුරකතනයක්වත් නැහැ මේ පරිපාලනයෙන්. ඇත්තටම හරිම කනගාටුයි මගේ අත්දැකීම් බෙදාගන්න බැරි වුණ එක ගැන.

ප‍්‍රශ්නය – ක‍්‍රිකට් පරිපාලනය ¥ෂිත වෙලා තියෙනවද

පිළිතුර – ක‍්‍රිකට් පරිපාලනය ¥ෂිත වුණා කියලා ක‍්‍රීඩාව නරක් වෙන්න බැහැ. අපේ තියෙන්නෙ කෙටි සැලැස්මක් විතරයි. දීර්ඝ කාලීන සැලැස්මක් නැහැ. ලෝක කුසලානට නායකයා තෝරන්නෙ එක පාරට. 2003 ඉ`දන් අපි දන්නවා 2007 වෙනකොට ක‍්‍රීඩා කරන්නෙ කියලා. කිසිම සැලැස්මක් නැහැ. සමහර තේරීම් කමිටු සාමාජිකයන් තරග බලන්නෙ නැහැ. ඔවුන් ව්‍යාපාරවල යෙදිලා ඉන්නවා. ඔවුන් කරන්නෙ ලකුණු සටහන විතරයි. සමහර විට ලකුණු සියය ගහන එක්කෙනාට වඩා ලකුණු 20 ගහන කෙනා දක්ෂ වෙන්න පුළුවන්. ඇස් දෙකෙන් ක‍්‍රිකට් බලන්නෙ නැතිව තෝරන්න බැහැ. අපේ දක්ෂ ක‍්‍රීඩකයන් ඉන්නවා. පාකිස්තානයට ගිහිල්ලා 3-0 කින් දිනනවා. ඔස්ටේ‍්‍රලියාවට ගිහිල්ලා 3-0 කින් පරදිනවා. එක පාරට පුහුණුකරුවෙක් ගෙනාවා ලෝකයේ වැඩිම ගාණක් දීලා. අපේ රටේ ඕන තරම් පුහුණුකරුවන් ඉන්නවා. මම නායකත්වය කරන කාලයේ පුහුණුකරුවන් හතර දෙනෙක් හිටියා. එහෙම ඉ`දලත් අපි ජයග‍්‍රහණය කළා. පළමු විස්සයි විස්ස තරගාවලිය ලංකාවේ ජයග‍්‍රහණය කළේ මගේ නායකත්වය යටතේ. පුහුණුකරුවන් හතර දෙනෙක් මාරුවෙන් මාරුවට සැලැස්මවල් වෙනස් කරද්දි වුණත් අපි ජයග‍්‍රහණය කළා.

ප‍්‍රශ්නය – විස්සයි විස්ස ලෝක කුසලාන තියෙන්නෙ ඔස්ටේ‍්‍රලියාවේ. පාකිස්තානයේදී 3-0 කින් දිනපු කණ්ඩායම ඔස්ටේ‍්‍රලියාවේ ගිහින් 3-0 කින් පරාජය වුණා. මොකද මේකට හේතුව.

පිළිතුර – කණ්ඩායම් දෙක ගත්තොත් ලොකු වෙනසක් තියෙනවා. ඔස්ටේ‍්‍රලියාවේ ක‍්‍රීඩා කරද්දී ලේසි නැහැ. ඔස්ටේ‍්‍රලියාවේ කඩුලූ ගත්තෙ වේග පන්දු යවන්නෝ. අපි එ්කට ලෑස්ති වෙලා හිටියේ නැහැ. වේග පන්දු යවන්නන්ට මුහුණ දෙන්න පුළුවන් පිතිකරුවන් හිටියද කියන එකත් ප‍්‍රශ්නයක්. අපි ඔස්ටේ‍්‍රලියාව සහ දකුණු අප‍්‍රිකාවේ සංචාරවලට යන්න කලින් අපි පන්දු යැවීමේ මැෂින් එකට ගිහින් ඉපිලීම වැඩි වෙන විදිහට පුහුණුවීම් කරනවා. මම දන්නෙ නැහැ දැන් එහෙම වෙනවද කියලා. ක‍්‍රීඩකයන් විතරක් නෙමෙයි පරිපාලනය සහ පුහුණුකරුවන් මේවා සැලසුම් කරන්න ඕන.

ප‍්‍ර‍්‍ර‍්‍ර‍්‍ර‍්‍ර‍්‍ර‍්‍ර‍්‍රශ්නය – නවකයන් කියන ක‍්‍රීඩකයන් දැන් කණ්ඩායමේ ස්ථාවර නැහැ නේද?

පිළිතුුුර – දැන් ඉන්න කිසිම නවකයකුට කණ්ඩායමේ ස්ථානය ස්ථාවර නැහැ. ක‍්‍රීඩකයන්ගේ මනස නැහැ ඔවුන් සමුගන්න කොට ඉලක්කයකට යනවා කියලා. දැන් ඉන්න ක‍්‍රීඩකයන් තරගයක් ඉවර වුණාම ෆේස් බුක් එකේ හරි ට්විටර් එකේ හරි පින්තූරයක් දාලා ඔහේ ඉන්නවා. අපිට එ් කාලෙ ඉලක්කයක් තිබ්බා. මම බැලූවේ ටෙස්ට් ලකුණු දහස ගහන්නෙ කොහොමද කියලා. එ් වගේ ක‍්‍රීඩකයන්ට ඉලක්කයක් තියෙන්නෙ ඕන ශතක කීයක් ගහනවද ලකුණු කීයක් ගහනවද කියලා. මට නම් දැන් ඉන්න ක‍්‍රීඩකයන්ගෙන් එහෙම දෙයක් පේන්න නැහැ. අපි එ් කාලේ තරගයක් පැරදුනාම කාමරයෙන් එළියට එන්නෙ නැහැ ඊළ`ග තරගය කොහොමද දිනන්නෙ කියලා. අපි ඉස්සර හය හත් දෙනෙක් එකතු වෙලා කෑම කෑවත් කතා කරන්නෙ ඊලග තරගය කොහොමද කරන්නෙ කියලා. මගේ අන්තිම කාලෙදිත් නවකයන්ගෙන් මම එ් දේ දැක්කෙ නැහැ. එ් නිසා එතනත් ලොකු වෙනසක් තියෙනවා.

දැඩි පරිපාලනයක් ඇවිල්ලා දැඩි තීරණ ගන්න මනුෂ්‍යයෙක් ආවොත් මේක හදන්න පුළුවන්. මම අහලා තියෙනවා දැන් ඉන්න ක‍්‍රීඩකයන් පුහුණුවීම්වලට ඇවිල්ලා ඉවර වෙලා බෑග් එක අරන් ඔහේ යනවලූ. අපි පුහුණුවීම් ඉවර වෙලා වැඩිපුර පැය භාගයක් හරි තවත් පුහුණුවීම් කරනවා. මම එ් කාලේ පුහුණුවීම් ඉවර වෙලා පන්දු රැුකීමේ පුහුණුවීම් කරනවා. හො`දම උදාහරණය මුරලි අයියා. ඔහුගේ අන්තිම ටෙස්ට් තරගය ගාල්ලේදී හෙට තියෙනවනම් ඔහු එස්.එස්.සී. එකේදී වැඩිපුර පැයක් පුහුණුවීම් කරලා තමයි හෝටලයට ආවේ. ඔහු ලෝකයේ බිහිවෙච්ච අංක එකේ පන්දු යවන්නා. ඔහු සමුගන්න පැය 24 ක් තියලත් වැඩිපුර පුහුණුවීම් කරනවා. අපේ රටේ ජාතික කොඩිය අරගෙන යන කොට  වගකීම ඉටු කරන්න එ් ක‍්‍රීඩකයන් කැපවීම කරන්න ඕන. අපිට එදා තිබිච්ච පසුබිම දැන් නැතිවීමත් වෙන්න පුළුවන් මේ පරාජයන්වලට හේතුව.

සාකච්ඡු කළෙ – අසේල විතාන – Divaina