දහ අට වංගුව ගැන නොදන්න කතාව

 මහනුවර සිට කුණ්ඩසාලේ – දිගන (රජවැල්ල* හරහා මහියංගනයට ඇති දුර කිලෝමීටර් හැත්තෑ දෙකකි. (72* මහියංගනයට විහිදෙන මාර්ගයේ ඉතාම දුෂ්කර බිහිසුණු කොටස දහඅට වංගුවයි. දහඅට වංගුව හා ඒ අවට පරිසරයේ භූගෝල විiාත්මක හා පාරිසරික සටහනක් මේ ලිපියේ එයි. මහියංගන පාර හසලක පසු කොට වේරගංතොටට ළංවන විට මහවැලි ගඟ හමුවෙයි. 1950 පසු වනතුරුත් වේරගංතොට තොටුපළෙන් එගොඩ මෙගොඩ ගියේ ඔරුවලිනි. එය එදා කිඹුලන් ගහන තොටුපළක් විය. මහියංගන වන්දනා සමයට එකල ගඟ හරහා හිස් බැරල් දමා ඉදිකළ තාවකාලික පටු පාලමක් සකස් කිරීම සිරිත විය. මහනුවර සිට යන විට එදා මාඩුගොඩ නමින් හැඳින්වූ උඩුදුම්බර නගරය හතළිස් හත කණුවේ පිහිටා ඇත. ‘මාඩුගොඩ’ යනුවෙන් නම ලැබී තිබුණේ එහි බහුල ලෙස නිදැල්ලේ ගවයන් ගැවසුණු නිසාය. අදත් වේඬරුව හා ඉන් පහළ ප‍්‍රදේශවල සිට

හුන්නස්ගිරිය නගරයට තවලම්වලින් භාණ්ඩ ගෙන එනු දැකිය හැක. උඩුදුම්බර පසු කළ විට හමුවන ගුරුළුපොත ඔය අද්දර පිහිටි කදිම තැනිතලා බිමක පිහිටා ඇත. මෙම ඔයේ ගස් සෙවණට වී ගෙන යන කෑම බීම කෑම සිරිතක් ලෙස සිදු වෙයි. තැනිතලා බිමේ පිරිසිදු වතුර, ප‍්‍රසන්න දේශගුණය ගුරුළුපොතදී හමුවේ. ගුරුළුපොත පසු කළ විට 69 කණුවේ පාසලකට ළඟා වනතුරු මුළු ප‍්‍රදේශයම අධික වංගු සහිත බෑවුම් හා දරුණු ප‍්‍රපාතයයි. මේ අවට නිවාස ඇත්තේ කීපයකි. පරිසරය පාළුය. දෙපස විහිද ඇත්තේ වික්ටෝරියා – රන්දෙනිගල – රන්ටැඹේ රක්ෂිතයට අයත් වනාන්තරයි.

හසලක නගරය ඉදිවීමට පෙර මේ ප‍්‍රදේශය ‘මිනිපේ’ යන පොදු නමින් හඳුන්වන ලදී. එහි අතීත නාමය වූයේ ‘මිණිබේ’ යනුයි. මිණිබේ යන නාමයේ අර්ථය මැණික් බහුල වීම යනුයි. හසලක ජලාශයේ හා අවට අදත් බහුලව මැණික් හමුවෙයි. හසලක සිට සැතපුම් හයක් පමණ ඈතින් පිහිටි රත්න ඇල්ල දියඇල්ලට ඒ නම ලැබී ඇත්තේ ද මැණික් බහුල ලෙස රත්න ඇල්ල හා අවටින් හමුවන බැවිනි. රත්න ඇල්ලට ඉහළින් එම ඔයේම තවත් කුඩා දියඇලි හතක් පිහිටා ඇත. ඝන වනාන්තරයක් ලෙස පැවති මිණිබේ – මහියංගන ප‍්‍රදේශ කි‍්‍ර. පූ. 6 වන සියවස පමණ බුදුහිමි පළමුවරට මහියංගන යක්ෂයන් දමනය කිරීමට පැමිණි ප‍්‍රදේශයයි. එහිදී බුදුහිමි පැමිණි මහානාග වන උiානය එදා නා ගස් බහුල කැලෑවක් විය. මෙහි යක්ෂයන් ලෙස හඳුන්වා ඇත්තේ වැදි පරපුරයි. දඹාන අවට අදත් වැද්දෝ ජීවත් වෙති. මේ අවට ඇති පාරම්පරික පැරැුණි සිංහල ගම් ශිෂ්ටත්වයට පත්වූ සිංහල ගැමි ජීවිතයට හුරු වූ වැද්දන් එදා සිටි ගම්මාන බව පෙනී යයි.

සිරිසඟබෝ කුමරු ඇතිදැඩි කළ නන්ද හිමි වාසය කළේ මහියංගන විහාරයේ බව ‘අත්තනගලූ වංශය’ කියයි.

දුටුගැමුණු රජුකල සොරබොර වැව කරවූ බුලතා යෝධයා ජීවත් වී ඇත්තේ උඩුදුම්බරයි. මහවෙල සිට මොරයාය දක්වා එදා බහුල ලෙස භාවිතා වූ ගල්පඩිහෙළ ප‍්‍රපාතය හරහා දැවැන්ත ගල්කුට්ටි තබා ගල්පඩිහෙළ පියගැට පෙළ බැන්දේ බුලතාගේ බිරිඳ බව කියවෙයි. ජනප‍්‍රවාද අනුව මිනිපේ ඇළ මුලින්ම කපවා ඇත්තේ ධාතුසේන රජුය. මහවැලි ගඟ ගලා එන විට ස්වාභාවික ජල වංගුවකින් නික්මෙන ජලය මිනිපේ ඇළ ලෙස එදා වරින්වර දිගු කොට වස්ගමුව හරහා පොලොන්නරුව – ති‍්‍රකුණාමලය දක්වා විහිද තිබූ බව පෙනී යයි. අද මෙම ඇළ වස්ගමුව අභය භූමිය දක්වා ගලා යයි. හසලක නගරයට කිලෝමීටර් දෙකක් පමණ ඉහළ රාවණ ඔසු උයන පිහිටා ඇත. රාවණ ඔසු උයන මෙන්ම ගුරුළුපොත දියඇල්ල අවට ප‍්‍රදේශයේ රාවණ පිළිබඳ කතා පැතිර පවතී. රාවණා විසින් පැහැරගෙන ආ සීතා කුමරිය ගුරුළුපොත දියඇල්ල අවට සඟවා සිටි බව කියැවෙයි. මෙම දියඇල්ල හුණුගල් මිශ‍්‍රිත පරිසරයකට ඇදවැටෙයි. අද මෙහි වැටෙන ජල ප‍්‍රමාණය අඩුය. රාවණ ඔසු උයන එදා රාවණ රජුගේ ඖෂධ උiානයක් බව කියැවෙයි. පොලොන්නරු කාලය වනවිට ගුරුළුපොත බලකොටුව යුදමය අතින් ඉතා වැදගත් වෙයි. මාඝ රජු කල මේ දුෂ්කර කැලෑ ප‍්‍රදේශවල ආරක්ෂිත බලකොටු තුළ සොළීන්ට විරුද්ධව නැඟී සිටි සිංහල සෙන්පතියන් වාසය කර ඇත. එමෙන්ම යුද පැරදී පසුබැස සිංහල රජවරුන් මේ ප‍්‍රදේශය යුද්ධයට නැවත සූදානම් වීම සඳහා යුද පසුබිමක් ඇතිව භාවිත කර ඇත.

කුණ්ඩසාලේ රජකළ ශී‍්‍ර වීර පරාක‍්‍රම නරේන්ද්‍රසිංහ රජු කල (කි‍්‍ර.ව. 1707-1739* දහඅට වංගුව අවට ප‍්‍රදේශය ඒ රජු විසින් ඇති කළ පල්ලෙකැලේ පැණි මොර කැලෑවට යට විය. නරේන්ද්‍රසිංහ රජු පල්ලෙකැලේ අවට තිබූ ගම් ඉවත් කොට ඒ වැසියන් වෙනත් ප‍්‍රදේශවල පදිංචි කරවා ඇති කළ පැණි මොර කැලෑව පල්ලෙකැලේ, මොරගහමුල, උඩුදුම්බර, දහඅට වංගුව, මොරයාය, රන්ටැඹේ දක්වා එදා විහිදී තිබිණි. නරේන්ද්‍රසිංහ රජුගේ මරණයෙන් කලකට පසු වෙනත් ගස් වැවී මොර වනාන්තරය ක‍්‍රමයෙන් විනාශ විය. හුන්නස්ගිරියට නුදුරුව ඇති මොරගහමුලට ඒ නම ලැබුණේ මේ පැණි මොර කැලෑවට අයත් දැවැන්ත මොර ගසක් යට ඉදිකර තිබූ පැරණි කතරගම් දේවාලය නිසාය. කලකට පෙර මේ මොර ගස විනාශව ඇතත් අදත් ඒ ස්ථාන නාමය භාවිතා වෙයි. වික්ටෝරියා ව්‍යාපාරය නිසා මේ කතරගම් දේවාලය පල්ලෙකැලේට ගෙන එන ලදී. එදා දහඅට වංගුව දෙසට යන අය යාන වාහන සියල්ල මොරගහමුල නවතා දේවාලයට පඬුරු දමා යෑම චාරිත‍්‍රය විය. දහඅට වංගුව යාබද වන ලැහැබ තුළ මොරකැටිය නමින් කැලෑ ප‍්‍රදේශයක් ඇත. එදා නරේන්ද්‍රසිංහ රජුගේ පැණි මොර කැලෑවේ ශේෂ වූ මොර ගස් මොරකැටිය තුළ අදත් අහම්බෙන් ඉතිරිව ඇත. මිණිබේ මොරයායට ‘මොරයාය’ යන නම ලැබුණේ නරේන්ද්‍රසිංහ රජුගේ මොර කැලෑව මේ ප‍්‍රදේශය හරහා විහිදී ගිය බැවිනි. 1945 පමණ ඞී. එස්. සේනානායක මහතා මිනිපේ ගොවිජනපදය ආරම්භ කිරීමට මෙහි කැලෑ එළිකරනතුරු මොරයාය අවට නරේන්ද්‍රසිංහ රජු කාලයට අයත් පැරණි පැණි මොර ගස් තිබී ඇත. දහස් ගණනක් කම්කරුවන් යොදවා මේ කැලෑව මිනිපේ ගොවි ජනපදය සඳහා හෙළි කළේ 1945 අවටය. අද පැණි මොර කැලෑව නැතත් මොරයාය නම තවම භාවිතා වෙයි.

දහඅට වංගුව හා අවට ප‍්‍රදේශයේ කැපී පෙනෙන පාරිසරික ලක්ෂණ කීපයක් මෙසේ කෙටියෙන් දැක්විය හැක.

1. උඩදුම්බර නගරයේ පිහිටි 47 කණුවේ සිට හසලක පිහිටි 69 කණුව දක්වා දිගටම පහළට බෑවුම විහිදෙයි. හසලක සිට මහනුවර දෙසට එන විට මේ ප‍්‍රදේශය ඉහළට විහිදෙන කන්ද සහිත පටු පාරක් වෙයි.

2. මේ ප‍්‍රදේශය ඉතා පටු දුෂ්කර වංගු සහිත පාර නිතර ගල් පෙරළී නාය යන අවදානම් ප‍්‍රදේශයකි. කන්ද, කැලෑව, පාළුව, වන සතුන්, තද මීදුම හා උඩදුම්බර නගරය ආශි‍්‍රතව හුන්නස්ගිරිය කන්ද නිසා නිතර වර්ෂාව මීදුම ඇති කරයි. දහඅට වංගු ප‍්‍රදේශය දහදිය පෙරාගෙන එන විට හුන්නස්ගිරි කඳු ප‍්‍රදේශය ළං වනවිට එකවර මුළු පරිසරය වසා ගනී. හුන්නස්ගිරි කන්දේ ඉහළ උස මේ නිතර වර්ෂාව හා මීදුමට හේතුවයි.

3. 54 කණුවේ පිහිටි ටැම්මිටියාව පසු කළ විට 57 කණුවේ පෝප් පිටිය ඇත. දහඅට වංගු

ඇරැුඹෙන්නේ 61 කණුවේ සිටයි. ගුරුළුපොත පසු කළ විට 69 කණුවේ පිහිටි හසලකට යනතුරු සැතපුම් අටක් පමණ ප‍්‍රදේශය මිනිස් වාසයෙන් තොර කැලෑවයි. දරුණු ප‍්‍රපාතය සමඟ සැතපුම් අටක් පමණ ප‍්‍රදේශය මිනිස් වාසයෙන් තොර කැලෑවයි. දරුණු ප‍්‍රපාතය සමඟ සැතපුම් අටක් පමණ දුරට වික්ටෝරියා රන්දෙණිගල රක්ෂිතයට අයත් ජනශුන්‍ය පාළු වනාන්තරය මෙහි විහිද යයි. කැලෑව හා වන සතුන් පිරී ඇත. මේ පාළු අඩවිය පටු වංගු වංගු සහිත ඒ ගම් පිහිටා නැති බැවින් 57, 58, 59, 60 ආදී ලෙසින් කණුවේ අංකයෙන් හැඳින්වීම

මගීන්ගේ හා රියැදුරන්ගේ සිරිතයි. 61 කණුවෙන් දහඅට වංගුව ඇරැුඹෙන අතර ගුරුළුපොත කඩ මණ්ඩියෙන් බැස්ම බොහෝදුරට නිමා වෙයි. එහි මුළු නිමාව 69 කණුවේ පිහිටි හසලකයි. දහඅට වංගුව යයි භාවිත වුවත් දහඅටවැනි වංගුව මෑත කළ පාර පුළුල් කිරීමේදී විනාශ වී ඇති බැවින් දැන් ඇත්තේ වංගු දාහතකි. (17*

4. මේ දුෂ්කර පටු වංගු කඳු මුදුන් ප‍්‍රපාත සියල්ල ඇති වන්නේ නකල්ස් කඳුවැටියේ දුර්ගම කොටස් මේ පාර හා ප‍්‍රදේශ හරහා විහිදී යෑම නිසාය. දහඅට වංගුව පාර මෙසේ දුෂ්කර වී ඇත්තේ නකල්ස් කැලෑවේ පා මුලින් ඒ විහිදී යන බැවිනි.

5. අතීතයේ දහඅට වංගු පාර භාවිත වී නැත. ඒ වෙනුවට උඩදුම්බර සිට මහවෙලට ගොස් එහි අම්බලම ළඟින් පහළට විහිදෙන ගල්පෙඩිහෙළ නමැති ඉතා පටු දුෂ්කර බියකරු ප‍්‍රපාතය දිගේ බැස ගෙන ගිය විට මොරයාය හමුවෙයි. මොරයායේ සිට ඉන්පසු මහියංගනයට යෑම එදා චාරිත‍්‍රය විය. මේ ගල්පෙඩිහෙළ දුර්ග මාර්ගය සකස් කළේ බුලතා යෝධයාගේ බිරිඳ බව ජනකතාවල එයි.

6. අවුරුද්දේ මාස කීපයක් දහඅට වංගුව ප‍්‍රදේශය දැඩි සුළඟින් පීඩා විඳියි. රට මැද සිට හුන්නස්ගිරිය මීමුරේ දෙසට මේ දරුණු සුළං ප‍්‍රවාහය ඇදී යයි. සුළං කාලයට ගහකොළ කැලෑව දරුණු ලෙස කැළඹෙයි.

7. නකල්ස් කඳුවැටියට අයත් අඩි හාරදාහ තරම උස් කඳුවැටි මේ ප‍්‍රදේශයේ තැනින් තැන කඳු මුදුන් ලෙස උඩට නැඟී ඇත. හුන්නස්ගිරි කඳුවැටිය, ගලේනුවර කඳුවැටිය, හසලක යහංගල කඳුවැටිය, උඩගල දෙබොක්ක කඳුවැටිය ඉන් කීපයකි. මේ කඳු ගැට ප‍්‍රදේශයේ දේශගුණය මෙන්ම ගමනාගමනයට බාධක ලෙස තදින් බලපායි.

8. ඉංගී‍්‍රසි වතු යුගයේදී මුලින් කෝපි ඉන්පසු තේ මේ අවට උස් කඳු මුදුන් ආශි‍්‍රතව පැතිර ගියේය. සුදු වතුකරුවන් අසුන් පිට යෑමට යොදා ගත් අඩි දෙකක් පමණ පළල ගල් ඇල්ලූ පටු පාරවල් මේ කඳු මැදින් හා කඳු අතරින් එදා භාවිත වූ අතර අදත් ඒවා දැකිය හැක. උඩදුම්බරට අයත් රංගල – තංගප්පුව සිට කඳු පාමුලින් ද හා මිනිපේ යහංගල කඳු ආශි‍්‍රතව දැකිය හැක. අවුරුදු 150 ක් පමණ පැරණි කළු ගල් ඇල්ලූ මේ පටු මාර්ග අදත් යා හැකි පරිදි ඉතිරි වී ඇත.

9. අද දහඅට වංගුව ලෙස භාවිත වන පාර ගල් දමා සකස් කර ඇත්තේ 1925 පමණය. එයට පෙර මේ වංගු සහිත පාර පස් දමා පිරවූ වර්ෂාවට මඩ වන බෑවුම නිසා නිතර සේදී අඩි පාරක් ලෙස භාවිත වී ඇත. (බස් රථ හා වාහන වංගු 18 පසු කර යෑමට පෙර පරිසරය – වනාන්තරය හුරු පුරුදු

ගම්මුන් වෙළෙඳුන් වනාන්තරය මැදින් කෙටි පාරවල්වලින් ඉතා කෙටි වේලාවකදී වංගු 18 පයින් යෑමට පුරුදු වී ඇත.*

10. දහඅට වංගුව ආශි‍්‍රත වනාන්තරය තුළ ඉබේ වැවුණු ඇඹුල් පේර, වෙනත් පේර වර්ග, හිඹුටු, වැල, වරකා, ගල්සියඹලා වැනි පලතුරු එකතු කර මහ පාරට පැමිණ යන එන වාහනවලට අලෙවි කරන ගැමියන් පාර දෙපස දැකිය හැක. එමෙන්ම කැලෑ ඖෂධ, මල්, පළා වර්ග විකිණීමට ගෙන එන ගම්මුන් හමු වෙයි.

11. පාරේ යන එන වාහනවලින් කෑමට හුරු පුරුදු වූ රිලා රංචු වංගු ආශි‍්‍රතව යන එන රථ වාහනවලට පනිමින් කෑම ඉල්ලා සිටීමට තරම් උන් පුරුද්දකට වැටී ඇත.

12. බස් ජනසතු කිරීමට පෙර මේ දහඅට වංගු පාර ඉතා පටු අතිශය දුෂ්කර අවදානම් පාරක් වූ බැවින් සාමාන්‍ය රියැදුරන් බස් රථ ගෙනවුත් 54 කණුවේ ටැම්මිටියාවේ නැවැත්වීම සිරිත විය. ඉන්පසු ඉතා පළපුරුදු පැරණි දක්ෂ රියැදුරන් දහඅට වංගුව සහිත දුෂ්කර කොටසේ එම බස් රථ පැදවීමට යෙදවීම සිරිත විය. ඒ තරමට මේ වංගු හා පටු පාර මාරක හා අවදානම් විය. පසු කල පාර හා වංගු පළල් කළ බැවින් අවදානම අඩු විය.

13. දහඅට වංගු පහළට බසින විට අලූතින් ඉදිවූ මහවැලි ජලාශ වෙනත් ජලාශ ඈත ඇති කුඩා වැව්, කුඹුරු යායවල් මහියංගන දාගැබ එකම තැනිතලා බිමක සැතපුම් ගණනක් ඈතට විහිදී පැතිර යන ආකාරය පැය ගණනක් බලා සිටිය හැකි විසිතුරු දර්ශනයකි. (අප තෙල්දෙණිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ලෙස සේවය කරද්දී ලැබූ අත්දැකීම් ආශ‍්‍රයෙන් මේ ලිපිය සකස් කර ඇත.*

වත්තේගම හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ
එස්. කේ. ජයවර්ධන