විපක්ෂනායක ධුරය සජිත්ට / මනෝ ගනේෂන් කියයි

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ලෙස නම්කිරීමට නියමිත බව හිටපු අමාත්‍ය මනෝ ගනේෂන් මහතා සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කරනවා.

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ, එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් මෙන්ම කථානායක කරු ජයසූරිය මහතා හා පැවැති සාකච්ඡාවලින් පසුව  මෙසේ සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂනායකවරයා ලෙස පත්කිරීමට නියමිත බව මනෝ ගනේෂන් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.