පූජ්‍ය පක්ෂ දේශපාලනය කිරීම හානියක් / කාදිනල් හිමි

පුජ්‍ය  පක්ෂය දේශපාලන වේදිකාවට  නැගිම රටට ලොකු විනාශයක් ගෙන එන බව අතිඋතුම්  මැල්කම්  කාදිනල් රංජිත් පියතුමන් පවසනවා.

රුහුණු විශ්ව විද්‍යාලයේ 26 වන උපාධි ප‍්‍රධාන උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙසින් සහභාගි වෙමින්එකුමා මේ බව සදහන් කළා.

‘‘ අපි මේ  රටේ  අතිතයට පොඩ්ඩක් එබිකන් කරලා බලමු .  අපේ රට තුළ  අතීතයේ තිබුණේ  අධ්‍යාත්මික මානව සම්පත් කළමණාකරන පරිපාලන ක‍්‍රමයක් යටතේ රාජ්‍ය පාලනය වුණේ .  අනුරාධපුර රාජධානිය ලෝක ඉතිහාසයේ දිර්ඝ කාලයක් පැවති රාජධානියක් .  නමුත් ඒ කාලය තුළ  කිසිම රජ කෙනෙක් වෙනුවෙන් මාළිගාවක් හෝ ස්මාරකයක් ඉදිකරලා නැහැ . තමන් සිහිවිම සදහා ස්මාරක හදපු යුගයක් නෙමෙයි තිබුණේ වෙන කෙනෙක් තමන් වෙනුවෙන් ස්මාරක හදනවා . අද අපේ පුජ්‍ය පක්ෂයේ ඇතැම්   සමාජිකයින් දේශපාලන අතකොලූ  බවට පත්වෙලා . රටේ ජනතාවට සහ පාලකයන්ට අධ්‍යාත්මික නායකත්වයක් ලබාදිම ඔවුන් අතින් ක‍්‍රම ක‍්‍රමයෙන් ගිලිහෙමින් පවතිනවා . අන්තර්ජාතිත දත්ත වාර්තා අනුව අද අපේ රට ලෝකයේ වැඩිම සියදිවි නසා ගන්නා රටවල් අතුරින් පළවෙනිම රට .  ළමා අපයෝජන සහ ස්ති‍්‍ර දුෂණ අතින් පළවෙනිම තැන ඉන්නේ අපේ රට   49% ක් තිබුණ  වනාන්තර ප‍්‍රමාණය  18% දක්වා අඩුවෙලා තියෙනවා .  රසායන ද්‍රව්‍ය මත්ද්‍රව්‍ය භාවිතය සහ බෝ නොවන ලෙඩ රෝග බෝවෙමින් මේ  අධ්‍යාත්මික  පදනම බිඳ  වැටිම නිසා ඇතිවි තිබෙනවා කියන එක බුද්ධිමත්ව විමසා බැලිය යුතුයි.

මම මේ  හැම එක්කම කියන්නේ ඔබලගේ හිතට දුක ගෙන දෙන්න නෙමෙයි මේ  අභියෝගයට මුහුණ  දෙන්න ඕන  නිසයි . අපි අධ්‍යාත්මික ආගම්  වලින් පෝෂණය වුණ  අය.  ඒ නිසා අපිට හැකිව තිබෙනවා මේ  තත්ත්වය වෙනස් කරන්න . අපේ රට ලෝකේ ඉදිරියට යන්න ඕන  එහෙම කරන්නට නම්  අපේ අධ්‍යාපනය , ජාති ,  ආගම් , භාෂා හා පංති ලෙස බෙදා වෙන් නොකරන පොදු අධ්‍යාත්මික පදනමකට යොමු කල යුතුයි .  සැමට එක හා සමාන නීති රාමුවක් ඇතිකල යුතුයි . දේශපාලන නායකයන් ලෙස අධ්‍යාත්මික පදනමකින් යුත් උගතුන් බුද්ධිමතුන් පුහුණුව ලද විශේෂඥයන් තෝරාගත යුතුයි . ලැයිස්තුවට දාන හැමෝම තෝරගන්න ඕන  නැහැ.  ඔලූව පාවිච්චි කරලා තොරගන්න ඕන .

මේ  රට පාලනය කරන්න පුළුවන් රටට  අවශ්‍ය සාධාරණය යුක්තිය ප‍්‍රගතිය ලබාදෙන්න පුළුවන් අධ්‍යාත්මික දියුණුව දෙන්න පුළුවන් කාටද කියලා හිතලා ජන්දය දාන්න ඕන . ඔහේ නිකමි රැල්ලට  යන එක නෙමෙයි කරන්න ඕන . පුජ්‍ය පක්ෂය දේශපාලනයෙන් ඉවත් වි අධ්‍යාත්මික පැවැත්ම සදහා සමාජය බලගන්වන්නට සැබෑ  ප‍්‍රගතියක් කරා ගමන් කිරිමට නායකත්වය  දෙන පිරිසක් බවට පත්විය යුතුයි . වේදිකාවල කැගහන්න නෙමෙයි . පැවිදි පුජක අය දේශපාලන වේදිකාවට  නගිනවනම්  රටට කරන්නෙ ලොකු විනාශයක් .  අපි නායකත්වය දෙන්න ඕන දේශපාලන වේදිකාවෙන්  එළියේ ඉදගෙන . එවිට අධ්‍යාත්මික මානව සම්පත් කළමනාකරන සංස්කෘතිය අපේ රට තුළ නිර්මාණය වෙන බව මාගේ විස්වාසයි ’’