දිස්ත්‍රික්ක 5කට නායයාමේ අවධානමක්

අධික වැසි සහිත කාලගුණය සමග දිස්ත්‍රික්ක 5කට තවදුරටත් නායයාමේ අවධානමක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.
ඒ අනුව හෙට දිනය දක්වා එම අවධානම බලපැවැත්වෙන දිස්ත්‍රික්ක ලෙස රත්නපුර / කෑගල්ල / නුවරඑළිය/ කලුතර හා ගාල්ල දිස්ත්‍රික්ක නම් කර තිබෙනවා.
නායයාමේ අවධානම් ලක්ෂණ පිළිබද සැලකිලිමත්වන ලෙසයි එම ප්‍රදේශවල ජනතාවට ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දෙන්නේ.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න