රජයේ වාහනයක් අනතුරට ලක් කළ රංගේ බණ්ඩාරගේ පුත්‍රයා අත්අඩංගුවට

රාජ්‍ය අමාත්‍ය පාලිත රංගෙ බණ්ඩාර මහතාගේ පුත් යශෝධ රංගෙ බණ්ඩාර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ රජයේ දේපලක් සාපරාධී සාවද්‍ය පරිහරණය, බීමත්ව රිය පදවා රිය අනතුරක් කිරීම, කඩුවක් සන්තකයේ තබාගෙන තහනම් පිහි ආඥා පනත යටතේ වරදක් කිරීම යන චෝදනා මතයි.

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින විට ආරච්චිකට්ටුව පොලීසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යශෝධ රංගෙ බණ්ඩාර පසුගියදා වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන ආමාත්‍යාංශයට අයත් වාහනයකින් ගමන් කරමින් සිටියදී අනතුරකට ලක්වූ අතර එහිදී එම රථයට දැඩිව හානි සිදුව තිබුණා.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.