විජයකලා වෙනුවෙන් යාපනයේ පෝස්ටර් අලවලා

හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය විසින් යාපනයේදී සිදු කරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශය අඩංගු සංස්කරණය නොකළ වීඩියෝ දර්ශන, හඬපට සහ පුවත්පත් වාර්තා පරීක්ෂණ කටයුතු සඳහා පොලිසිය වෙත ලබාදෙන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක සියලුම විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ආයතනවලට නියෝග කර තිබෙනවා.

කොළඹ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් ඉදිරිපත් කළ වාර්තාවක් සලකා බැලීමෙන් පසුවයි අධිකරණය මෙම නියෝගය නිකුත් කළේ.

පසුගිය දා යාපනය වීරසිංහම් ශාලාවේ පැවති රැස්වීමක දී එල්ටීටීඊ සංවිධානය යළි ක්‍රියාත්මක විය යුතු බවට ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මියගේ විසින් කරන ලද ප්‍රකාශයක් තුළින් ඇය රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවට මාගල්කන්දේ සුදත්ත හිමියන් ඉදිරිපත් කළ පැමිණිල්ලක සදහන් වන බවයි පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළේ.

මේ අතර ඝාතනයට ලක් හිටපු අමාත්‍ය ටී මහේෂ්වරන්ගේ ඡායාරූපයක් ද සහිතව යාපනයේ අලවා තිබුණු පෝස්ටර්වල සඳහන් වූයේ දෙමළ ජනතාවගේ නිදහස වෙනුවෙන් විජයකලා මහේෂ්වරන් මහත්මියගේ සැමියා දිවි පූජා කළ අතර, මන්ත්‍රීවරිය දෙමළ ජනතාව වෙනුවෙන් සිය අමාත්‍ය පදවිය පූජා කළ බවයි.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.