සවුදියේ ශ්‍රමිකයින්ට වාසි දෙමින් කම්කරු නීති දැඩිවෙයි

සවුදි අරාබියේ රැකියා සදහා පැමිණෙන විදෙස් ශ්‍රමිකයින් පීඩාවට පත් කිරීම හා නීති විරෝධී ආකාරයෙන් රදවා තබාගෙන සේවය ලබාගන්නා / වැටුප් නිසි පරිදි ලබා නොදෙන ආයතන හා පුද්ගලයින් පිළිබද දැඩි පියවර ගැනීමට එරට රජය තීරණය කර තිඛෙනවා.
සෞදි විදේශ ගමන් බලපත්‍ර අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කළා.
ඒ අනුව විදෙස් ශ්‍රමිකයින්ට විශ්වාසය ගොඩනැගෙන ආකාරයෙන් කටයුතු කිරීම මෙම වැඩසටහනේ අරමුණයි.
කෙසේ වෙතත් නීති විරෝධී අයුරින් සවුදි අරාබියේ රැදී සිටින්නන්ට හා ඔවුන්ට සහාය ලබා දෙන්නන්ටද මෙහිදී දැඩි පියවර ගන්නා බවයි නිවේදනය කර ඇත්තේ.
එලෙස රැකවරණය ලබාදෙන පුද්ගලයින්ට සෞදි රියාල් 15,000කට වැඩි දඩ මුදලක් අය කරන අතර විදේශිකයෙකු නම් රටින් පිටුවහල් කිරීමට නියමිතයි.
ආයතන හිමිකරුවෙක් නම් විදේශ ශ්‍රමිකයන් බඳාවාගැනීම වසර පහකට අත්හිටුවා මාස හයක සිරදඩුවම් සහ සෞදි රියාල් 100000ක දඩමුදලක් අයකරන අතර පුද්ගලයන් සංඛ්‍යාව අනුව දඩමුදල්ද වැඩිවන බවත් නිවේදනයේ දැක්වෙනවා.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න