Author: LankaAnews

හමුදාපති පත් කිරීමට එරෙහි විරෝධතාවලට රජයෙන් පිළිතුරු

හමුදාපති පත් කිරීමට එරෙහි විරෝධතාවලට රජයෙන් පිළිතුරු

ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා හමුදාපති ධූරයට පත් කිරීමට එරෙහිව විවිධ පාර්ශව එල්ල කරන විරෝධය ස්වාභාවික යුක්ති ධර්මයේ මූලික සාධකවලට අනුකූල නොවන බව නිවේදනයක් නිකුත් කරමින් විදේශ අමාත්‍යාංශය පවසනවා. මේ ඊට අදාළ සම්පූර්ණ නිවේදනයයි. ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ශ්‍රී ලංකා යුධ හමුදාපති ධූරයට පත්කිරීම ඉහත පත්කිරීමෙන් අනතුරුව පළ වූ අදහස් දැක්වීම් සම්බන්ධයෙන් පහත කරුණු සඳහන් කරනු ලැබේ. ශ්‍රී ලංකාවේ යුද හමුදාපතිවරයා පත් කිරීම රාජ්‍ය නායකයාගේ ස්වෛරී තීරණයකි. විදේශීය පාර්ශ්වයන් මඟින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයේ උසස්කිරීම් පිළිබඳ තීරණ හා අභ්‍යන්තරික පරිපාලනමය ක්‍රියාවලීන්ට බලපෑම් කිරීමට උත්සාහ දැරීම යුක්ති සහගත නොවන අතර, එය පිළිගත නොහැකි ක්‍රියාවකි. චෝදනා මත පදනම්ව, ඇතැම් ද්විපාර්ශ්වික හවුල්කර
යුරෝපා සංගමයත් නව හමුදාපතිට විරෝධයපායි

යුරෝපා සංගමයත් නව හමුදාපතිට විරෝධයපායි

ලුතිනන් ජනරාල්'ශවේන්ද්‍ර'සිල්වා මහතා හමුදාපති ධූරයට පත් කිරීමට එරෙහි වන බව යුරෝපා සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. මේ ඊට අදාල නිවේදනයයි.
පුපුරණ ද්‍රව්‍ය බෙදාහැරීමට නව නීති හා උපදෙස්

පුපුරණ ද්‍රව්‍ය බෙදාහැරීමට නව නීති හා උපදෙස්

ජාතික ආරක්ෂාව තහවුරු වන අයුරින් පුපුරණ ද්‍රව්‍ය බෙදාහැරීමේ කටයුතු සිදුවිය යුතු බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආරක්ෂක අංශ ප්‍රධානීන් ඇතුළු නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. ආරක්ෂක අංශ ප්‍රධානීන් ඇතුළු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා එම උපදෙස් ලබාදී ඇති අතර පුපුරණ ද්‍රව්‍ය නිකුත් කිරීමේදී සිදුවන අක්‍රමිකතා අවම කරගනිමින් විධිමත් අයුරින් පුපුරණ ද්‍රව්‍ය බෙදාහැරීමේ ක්‍රමවේදයක් සැකසීම පිළිබඳව එහිදි සාකච්ඡා කර ඇති බව සදහන්. අවසර නොලත් ගල් වලවල් සහ මසුන් මැරීම සඳහා පුපුරණ ද්‍රව්‍ය භාවිත කිරීම හේතුවෙන් සිදුවන විශාල පරිසර හානිය පිළිබඳව ද එම සාකච්ඡාවේදී අවධානය යොමු වී තිබෙනවා. පුපුරණ ද්‍රව්‍ය බෙදාහැරීම සඳහා බලපත්‍ර නිකුත් කිරීමට අදා
සජිත් අපේක්ෂකයා කරන්න එජාප පළාත් සභා මන්ත්‍රීවරු එක්වෙයි

සජිත් අපේක්ෂකයා කරන්න එජාප පළාත් සභා මන්ත්‍රීවරු එක්වෙයි

ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ පෙරමුණේ අපේක්ෂකයා ලෙස පක්‍ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළයුතුබවට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පළාත් සභා මන්ත්‍රීවරු 97 දෙනෙක්  ඒකමතිකව යෝජනා කර තිබෙනවා. අජිත් පී පෙරේරා මහතා කියා සිටියේ ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සමඟ පැවති මෙම සාකච්ජාවට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පළාත් සභා මන්ත්‍රීවරුන් 123 දෙනාගෙන් 97 දෙනෙකුම සහභාගී වූ බවයි. අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පළාත් සභා නියෝජිතයන් අතර මෙම හමුව තලවතුගොඩ ග්‍රෑන්ඩ් මොනාච් හෝටලයේදී ඊයේ පැවැත්වුණා. මෙහිදී එජාප පළාත් සභා මන්ත්‍රීවරුන් පවසා ඇත්තේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පොදු සන්ධානයකින් අමාත්‍ය සජිත් ප්‍
මිලියන 29,174ක පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට

මිලියන 29,174ක පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට

රුපියල් මිලියන 29,174ක තවත් පරිපූරක ඇස්තමේන්තුවක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. ඉන් රුපියල් මිලියන 6500ක් වෙන් කර ඇත්තේ ණය ආපසු ගෙවීම් සඳහා වන අතර උපදේශකයින් බඳවා ගැනීම සඳහා රුපියල් ලක්ෂ 300ක ප්‍රතිපාදනයක් ද මෙමගින් ඉල්ලා ඇතැයි සදහන්. මීතොටමුල්ල නාය යාම හේතුවෙන් අනතුරට ලක් වූ ඉඩම් වෙනුවෙන් වන්දි ගෙවීම සඳහා අතිරේක ප්‍රතිපාදන වෙනුවෙන් රුපියල් මිලියන 21ක් වෙන් කර තිබුණා.
මරණ දඩුවම අහෝසි කිරීමට පක්ෂ පෙත්සම් 3ක් විසිවෙයි

මරණ දඩුවම අහෝසි කිරීමට පක්ෂ පෙත්සම් 3ක් විසිවෙයි

මරණීය දඩුවම ලබා දීම අහෝසි කිරීම සදහා වන පනත් කෙටුම්පතට පක්ෂව ඉදිරිපත් කර තිබු පෙත්සම් තුනක් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා. නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේදීයි. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කරනු ලැබුවා.
ලක් විද්‍යාඥයන්ගෙන් විස්මිත තාරකා විද්‍යාත්මක සොයාගැනීමක්

ලක් විද්‍යාඥයන්ගෙන් විස්මිත තාරකා විද්‍යාත්මක සොයාගැනීමක්

ලාංකීය විද්‍යාඥයින් විසින් සොයාගත් ජීවයට හිතකර සාධක සහිත බව සැලකෙන පළමු ග්‍රහ මණ්ඩලය පිළිබද අද මාධ්‍ය වෙත අනාවරණ කෙරුණා. ඒ නවීන තාක්ෂණය පිළිබද මොරටුව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීයි. මොරටුව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ විද්‍යාඥයින් විසින් සොයාගත් මෙම ග්‍රහ මණ්ඩලයට තැඹිලි පැහැ සූර්යයකු වටා භ්‍රමණය වන ග්‍රහලෝක දෙකක් ඇතුලත්. විද්‍යාඥ මහේෂ් හේරත් ,සරෝජ් ගුණසේකර හා මහාචාර්යය චන්දන ජයරත්න යන මහත්වරුන් විසිනුයි මෙම විශිෂ්ට සොයාගැනීම සිදුකර තිබුණේ. මේ ඒ පිළිබද සම්පූර්ණ අනාවරණයයි.
කංජිපානි ඉම්රාන් සමග සබදතා පැවැත්වූ පොලිසියේ 3කට මාරු

කංජිපානි ඉම්රාන් සමග සබදතා පැවැත්වූ පොලිසියේ 3කට මාරු

අත්අඩංගුවේ පසුවන පාතාල කල්ලි සාමාජික කංජිපානි ඉම්රාන් සමඟ සමීප සබඳතා පවත්වා ඇති බවට චෝදනා එල්ලවී සිටින ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ උප පොලිස් පරීක්ෂකවරු තිදෙනෙකු ස්ථාන මාරුකර යවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා. යාපනය, මුලතිව් හා මන්නාරම යන පොලිස් ස්ථාන වෙත මෙම මාරුවීම් ලබා දී ඇති බවයි පොලිසිය ප‍්‍රකාශ කළේ.
ත‍්‍රස්ත චෝදනා මත කිළිනොච්චියේ වෛද්‍යවරයෙක් අත්අඩංගුවට

ත‍්‍රස්ත චෝදනා මත කිළිනොච්චියේ වෛද්‍යවරයෙක් අත්අඩංගුවට

කිලිනොච්චිය පලෙයි රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයා දෙමළ ඩයස්ෆෝරාව ඇතුලු ත්‍රස්ත කටයුතු වලට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැක පිට  කොළඹ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයෙන් හා යුද හමුදා බුද්ධිඅංශ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පලෙයි රෝහලේ ප්‍රධාන වෛද්‍ය වරයා වන වෛද්‍ය සිවරූබන් මහතා (18) දින රාත්‍රියේ කොළඹ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් පිරිසක් හා යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් පිරිසක් විසින් සිදු කරන ලද ප්‍රශ්න කිරීමකින් අනතුරුව වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීමට ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් විසින් පියවර ගෙන තිබුණා. අදාල වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීමෙන් පසුව යාපනයේ පිහිටි ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට භාර දී ඇති අතර මේ වන විට අදාල වෛද්‍ය වරයාගෙන් ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් වි
හමුදාපති පත් කිරීම ගැන අමෙරිකාවේ කනස්සල්ල

හමුදාපති පත් කිරීම ගැන අමෙරිකාවේ කනස්සල්ල

නව යුද හමුදාපති වශයෙන් ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත් කිරීම ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර කීර්ති නාමය යුක්තිය සහ වගකීම වෙනුවෙන් සිදු කළ කැපකිරීම් හෑල්ලුවට ලක් කිරීමක් බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය සඳහන් කරනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාලය පෙන්වා දෙන්නේ යුද හමුදාපති වශයෙන් ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපදය දැඩි සැළකිල්ලෙන් පසුවන බවයි. විශේෂයෙන්ම සංහිදියාව හා සමාජ සමඟිය සඳහා වන අවශ්‍යතාව අතිශයින් වැදගත් අවස්ථාවක මෙම පත් කිරීම ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර කීර්ති නාමය ,යුක්තිය සහ වගකීම් ප්‍රවර්ධනය කිරීම සඳහා කළ කැපකිරීම් හෑල්ලුවට ලක් කරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
නව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා

නව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා

ශ්‍රී ලංකා යුද හමුදාවේ නව හමුදාපති ලෙස මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පත්කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ. ඔහු ශ්‍රී ලංකා යුදු හමුදාවේ 23 වැනි හමුදාපතිවරයා වෙයි. මේ වන විට ඔහු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කරමින් සිටියි. හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක මහතාගේ ධුර කාලය ඊයේ (18දා) අවසන් විය. ඔහු 2017වසරේ ජුනි මාසයේ සිට යුද හමුදාපති ලෙස කටයුතු කළේය. දැනට මේජර් ජනරාල් ධුරයේ සිටින ශවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදාපති ලෙස පත්කිරීමත් සමග ලුතිනන් ජනරාල්ධුරයට උසස්වෙනු ඇත. යුද සමයේදී 58 වැනි සේනාංකයට නායකත්වය දුන් ශවේන්ද්‍ර සිල්වා මහතා ත්‍රස්තවාදය රටින් තුරන් කිරීම වෙනුවෙන් විශිෂ්ට සේවාවක් කළ රණවිරුවෙකි. ශවේන්ද්‍ර සිල්වා මහතා වීර වික්‍රම විභූෂණය, උත්තම සේවා පදක්කම, රණ වික්‍රම පදක්කම
පාස්කු ඉරිදා ප‍්‍රහාරයේ තේරීම් කාරක සභාව මසකින් දීර්ඝ වෙයි

පාස්කු ඉරිදා ප‍්‍රහාරයේ තේරීම් කාරක සභාව මසකින් දීර්ඝ වෙයි

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව තවත් මසකින් දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා. නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා කියා සිටියේ අදාළ විමර්ෂණ සදහා එම තීරණය ගෙන ඇති බවයි. පාස්කු ඉරිදා ප‍්‍රහාර හා ඊට මුල්වූ තත්ත්වයන් පිළිබදවයි එම කාරක සභාව මගින් සොයා බලනු ලබන්නේ.
නවසීලන්තය පරදා ලංකාව අංක 1 වෙයි

නවසීලන්තය පරදා ලංකාව අංක 1 වෙයි

ලෝක ශූරතා ටෙස්ට් තරඟාවලි ලකුණු සටහනේ ලකුණු 60 ලබාගනිමින් ප්‍රථම ස්ථානයට පත්වීමට ශ‍්‍රී ලංකා පිල අද සමත්වුණා. ඒ නවසීළන්තය සමග ටෙස්ට් තරගාවලියේ පළමු තරගය කඩුලු 6කින් ජය ගනිමින්. අද දිනට තරගය ආරම්භ කරන විට ලකුණු 268ක ඉලක්කය හඹායන ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 133ක් රැස් කර ගෙන සිටියා. ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් වන දිමුත් කරුණාරත්න සහ ලහිරු තිරිමාන්න පලමු කඩුල්ලට ලකුණු 161ක විශිෂ්ට සබඳතාවයක් ගොඩනැගූ අතර එය මෙරට ටෙස්ට් තරගයක අවසන් ඉනිමේදී ශ‍්‍රී ලංකා පිලේ හොදම ආරම්භක කඩුල්ලේ සබදතාවයයි. 1992 වසරෙන් පසුව ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවති ටෙස්ට් තරග වලදී පළමු කඩුල්ල වෙනුවෙන් වාර්තා කළ ඉහලම ලකුණු සබඳතාවයද එයයි. අනතුරුව පිටියට පිවිසි කුසල් මෙන්ඩිස්ට පිටියේ සාර්ථක වීමට ඉඩ ලබා නොදුන් අජාස් පටෙල් ශ්‍රී ලංකා ඉනිමේ දෙවන කඩ
ආණ්ඩුවේ තුවක්කු පත්තු නොවුණේ මගේ කාලයේ පමණයි / ජනපති කියයි

ආණ්ඩුවේ තුවක්කු පත්තු නොවුණේ මගේ කාලයේ පමණයි / ජනපති කියයි

ආණ්ඩුවේ තුවක්කුවක් රටේ කිසිදු පුරවැසියෙකුට පත්තු නොවූ එකම යුගය තම පාලන කාලය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. පොළොන්නරුවේ පැවති වැඩසටහනක් අමතමින් ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළා. සැමට සෙවණ ජාතික නිවාස වැඩසටහන යටතේ දිඹුලාගල සොරිවිල කොටාරාගල , දිසාලාගම සහ දිඹුලාගල දලුකාන යන ප්‍රදේශවල ඉදිකළ නව ගම්මාන 3ක් ජනාධිපතිතුමා අතින් අද ජනතා අයිතියට පත් කෙරුණා. ආදිවාසී දිනයට සමගාමීව ජනාධිපතිතුමාගේ මඟ පෙන්විමෙන් මෙම ආදිවාසීන්ගෙන් පැවත එන නව පරපුරේ නිවාස ලාභීන්ගේ අපේක්‍ෂාවන් ඉටු කරමින් ඉදි කළ සොරිවිල කොටාරාගල ආදර්ශ ගම්මානය නව නිවාස 16 කින් සමන්විත වනවා. මූලික පහසුකම් පවා නොමැතිව සිය ජීවිත ගෙන ගිය කොටාරාගල ගම්වැසියන්ට සැමට සෙවණ ජාතික නිවාස වැඩසටහනේ දායකත්වයෙන් වසර දෙකක් වැනි කෙටි කාලයකදී නව නිවාස ඉදිකර දීම විශේෂත්වයක්. දලුකාන ජීවහත්තගම නව ගම්මානය නිවාස 27 කින් සමන්විතයි. ඒ
දියවීගිය ග්ලැසියරයක් වෙනුවෙන් සිහිවටන ස්මාරකයක්

දියවීගිය ග්ලැසියරයක් වෙනුවෙන් සිහිවටන ස්මාරකයක්

කාලගුණ විපර්යාස හේතුවෙන් විනාශ වී ගිය ග්ලැසියරයක් වෙනුවෙන් අයිස්ලන්තය අනුස්මරණ ස්මාරකයක් නිර්මාණය කර තිබෙනවා. අයිස්ලන්තයේ බටහිර ප්‍රදේශයේ තිබූ ඕකේ නම් ග්ලැසියරය වෙනුවෙනුයි මෙම ස්මාරකය නිර්මාණය කර ඇත්තේ. ග්ලැසියරයක් වෙනුවෙන් ස්මාරකයක් ඉදිවන පළමු අවස්ථාව මෙයයි. එය ලෝකඩවලින් ඉදිකර තිබෙනවා. අනාගතයට ලිපියක් යන තේමාවෙන් එහි ග්ලැසියරය පිළිබඳ තොරතුරු සඳහන්.
වැඩ 1,000ක් ගමට හෙටක් ජනසතුවෙයි / අගමැතිගෙන් ඇමති අලවතුවලට පැසසුම්

වැඩ 1,000ක් ගමට හෙටක් ජනසතුවෙයි / අගමැතිගෙන් ඇමති අලවතුවලට පැසසුම්

අභියෝග රැසක් මධ්‍යයයේ  දැවැන්ත සංවර්ධනයක් සිදු කළ රජයට වැඩි බලයක් සහිතව ඉදිරියේදී සීඝ්‍ර සංවර්ධනයක් සිදු කළ හැකි  බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍ය ජේ.සී අලවතුවල මහතාගේ සංකල්පයක් මත වැඩදහසක් ගමට හෙටක් සංවර්ධන ව්‍යාපෘතිය යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති රාශියක් ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි  අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ. කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාවතගම මැතිවරණ කොට්ඨාසයේ සිව් වසරක් තුළදී රුපියල්  මිලියන11,000 ක වියදමින් ඉදිකළ සංවර්ධන ව්‍යාපෘති දහසක් ජනගත කිරීම අද සිද කෙරුණා. පානීය ජල ව්‍යාපෘති ,මාර්ග සංවර්ධන ,නිවාස සංවර්ධන වැඩකටයුතු , ආදී ව්‍යාපෘති රැසක් මාවතගම මැතිවරණ කොට්ඨාසය කේන්ද්‍ර කරගනිමින් සිදු කෙරුණා. රාජ්
ලසන්ත, තාජුඩීන් ,එක්නැලිගොඩ විමර්ශනවල වාර්තා හදිසියේ කැදවයි

ලසන්ත, තාජුඩීන් ,එක්නැලිගොඩ විමර්ශනවල වාර්තා හදිසියේ කැදවයි

පසුගිය රජය සමයේ සිදුවූ ප්‍රසිද්ධ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය, රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය, මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම ඇතුළු සිදුවීම් 6 කට අදාල විමර්ශනවල ප්‍රගතිය සම්බන්ධ වාර්තාවක් වැඩබලන පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කැඳවා තිබෙනවා. කරුණු 11ක් සම්බන්ධව වැඩබලන පොලිස්පතිවරයා විසින් මෙම වාර්තාව කැඳවා ඇති අතර එය මෙම මස 23 වැනිදාට හෝ ඊට පෙර ලැබීමට සළස්වන ලෙස දැනුම්දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළා. ලසන්ත වික්‍රමතුංග ඝාතනය, සහන කණ්ඩායමක පුද්ගලයින් 17 දෙනෙක් ඝාතනය, වසීම් තාජුඩීන් ඝාතනය, කීත් නොයාර් පැහැරගැරනීම, පාසල් සිසුන් ඇතුළු තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම යන සිදුවීම්වල විමර්ශන වාර්තා කැඳවා තිබෙනවා.
ජාතික ජන බලවේගයේ ජනපති අපේක්ෂකයා අනුර දිසානායක

ජාතික ජන බලවේගයේ ජනපති අපේක්ෂකයා අනුර දිසානායක

ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා නම් කරනු ලැබුවා. ඒ ජාතික ජන බලවේගය අද ගාලු මුවදොර පිටියේදී සංවිධානය කළ දැවැන්ත ජනතා රැලියේදීයි. මෙම ජන රැුළියට දැවැන්ත ජනකායක් සහභාගීව සිටියා.  
හිටපු ජනපතිනිය ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ?

හිටපු ජනපතිනිය ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ?

දැනට පුරප්පාඩු වී තිබෙන එ.ජ.නි.ස. ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය තමන්ට ලබාදෙන ලෙස හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කරනවා. එසේම පොහොට්ටුව පක්ෂයේ සභාපතිත්වය භාරගත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මන්ත්‍රී ධුරයෙන් හා විපක්ෂනායක ධුරයෙන් ඉවත් කරන ලෙසත් සෙසු මන්ත්‍රීන් සම්බන්ධයෙන් දැඩි විනය ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසත් චන්ද්‍රිකා මහත්මිය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇතැයිද එම වාර්තා අනාවරණ කළා. කෙසේ වෙතත් මේ පිළිබද පසුව සලකා බලන බවට ප‍්‍රතිචාර ලැබී ඇතැයිද එම වාර්තාවල සදහන්.
සන්ධානයේ අපේක්ෂකයා එජාපයෙන් / අකිල විරාජ්

සන්ධානයේ අපේක්ෂකයා එජාපයෙන් / අකිල විරාජ්

ඉදිරි ජනපතිවරණය සඳහා ඉදිරිපත් වන එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය හා පාර්ලිමේන්තු කණ්ඩායම එක්ව තීරණය කරන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප‍්‍රකාශ කළා. ඔහු කියා සිටියේ එම අපේක්ෂකයා ස්ථිරවම ජනපතිවරණය ජයගන්නා බවයි. “පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය හා පාර්ලිමේන්තු කණ්ඩායම තමයි අපේක්ෂකයා තෝරන්නේ. විවධ අදහස් තිබෙනවා. පක්ෂ නායකත්වය හා නිලධාරී මණ්ඩලයක් ඉන්නවා අපිට සාකච්ඡා කරලා තීරණයක් ගන්න පුළුවන්. අපේ සන්ධානයට බොහෝ දෙනෙක් එකතුවෙන්න ඉන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක්. පොහොට්ටුවේ පිරිසක් එක්වීමට ඉන්නවා. අපිට ජයග්‍රහණය කරන්න පුළුවන් අපේක්ෂකයෙක් ඇවිල්ලා ඉන්නවා. එන අපේක්ෂකයෝ අපිට අභියෝගයක් නෙමෙයි. අපිට තරණ නායකයෝ ඉන්නවා. ජනප්‍රිය නායකයෝ ඉන්නවා. සන්ධානයේ අපේක්ෂකයා එක්සත් ජාතික ප
සැහැල්ලු දුම්රිය මාර්ගයේ වැඩ ඇරඹෙයි

සැහැල්ලු දුම්රිය මාර්ගයේ වැඩ ඇරඹෙයි

මාලබේ සිට කොළඹ කොටුව දක්වා වූ කි.මී. 16ක දුරක් මිනිත්තු 28ක් වැනි කෙටි කාල­ය­කින් ගමන් කළ හැකි අති­න­වීන සුඛෝ­ප­භෝගි සැහැල්ලු දුම්රිය මාර්ග­යක් ඉදි කිරීමේ මූලික අදි­යරේ කට­යුතු මේ වන විට ආරම්භ කර ඇතැයි මහා­න­ගර හා බස්නා­හිර සංව­ර්ධන අමා­ත්‍යාං­ශය පවසනවා. පූර්ණ පරි­සර හිත­කාමි ව්‍යාපෘ­ති­යක් ලෙස දැනට පව­තින මහා­මා­ර්ග­යේම කොන්ක්‍රීට් කුලුනු මත ඉදි වන මේ නව දුම්රිය මාර්ගය නැව­තු­ම්පොළ 16කින් සම­න්වි­තයි.සෑම මිනිත්තු තුන­කට වරක්ම දුම්රි­යක් ධාව­නය කිරීමේ අර­මු­ණින් සැලැ­සුම් සකස් කර ඇති මෙහි කට­යුතු 2025 වර්ෂයේ නිම­වී­මට අපේ­ක්ෂි­තය. ජපන් තාක්ෂ­ණ­යෙන් යුත් සැහැල්ලු දුම්රිය ධාව­න­යට යොදා­ගන්නා මේ ව්‍යාපෘ­තිය සඳහා ඇ.ඩො. බිලි­යන 32ක් වැය වෙතැයි ගණන් බලා ඇති බවයි අමාත්‍යාංශය පවසන්නේ.