Author: LankaAnews

රට වෙනුවෙන් අභියෝග භාරගන්නවා / ගෝඨාභය රාජපක්ෂ

රට වෙනුවෙන් අභියෝග භාරගන්නවා / ගෝඨාභය රාජපක්ෂ

ඉදිරි ජජනතාව හා රට වෙනුවෙන් භාරදෙන ඔ්නෑම අභියෝගයක් භාරගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කළේ අද දිනයේදී නිල වශයෙන් ජනාධිපති ධූර අපේක්ෂකත්වය සදහා නම් කිරීමෙන් පසුව අදහස් දක්වමින්.
පොහොට්ටුවේ සම්මේලනය ඇරඹෙයි – සජීවී විකාශය

පොහොට්ටුවේ සම්මේලනය ඇරඹෙයි – සජීවී විකාශය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළමු ජාතික මහා සම්මේලනය විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (11) පස්වරු 3.00 ට සුගතදාස ගෘහස්ත ක‍්‍රීඩාංගනයේදී මේ වන විට පැවැත්වෙනවා. එහිදී පළමුවෙන්  වත්මන් විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්‍ෂ නායකත්වයට පත්කර ගැනීමට නියමිත අතර පසුව ඔහු විසින් එම පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්‍ෂකයාගේ නම නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතයි. මේ එහි සජීවී විකාශයයි.  
පොලිස් අත්අඩංගුවේදී සැකකරුවකු මියයාම ගැන විමර්ෂණ

පොලිස් අත්අඩංගුවේදී සැකකරුවකු මියයාම ගැන විමර්ෂණ

මට්ටක්කුලිය පොලිස් අත්අඩංගුවේදී සැකකරුවකු මියයාම සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා. ඔහු කියා සිටියේ මියගිය පුද්ගලයා නිවසක 3වන මහලට අනවසරයෙන් ඇතුලුවීමට තැත්කර ඉන් ඇදවැටීමෙන් පසු පොලිස් අත්අඩංගුවට ගෙන තිබූ බවයි.
ඊළඟ ආණ්ඩුවේ බලවතා ජනාධිපතිද? අගමැතිද?

ඊළඟ ආණ්ඩුවේ බලවතා ජනාධිපතිද? අගමැතිද?

විෂයයන් තෝරන්නේ ජනපති: ඇමැතිවරු පත් කරන්නේ අගමැති: මේක විකෘතියක් - හිටපු අගවිනිසුරු ජනාධිපති නීතීඥ සරත් නන්ද සිල්වා මේ ප්‍රශ්න මතුකර තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයෙන් උද්ගතවන තත්ත්වය පිළිබඳවය. 19 වැනි සංශෝධනයෙන් පුළුල් ලෙස සංශෝධන වී තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අමාත්‍ය මණ්ඩලය පිළිබඳ පරිච්ඡේදයයි. ඒ අනුව 19 වැනි සංශෝධනයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 8 වැනි පරිච්ඡේදය ඉවත්කර අලුත් පරිච්ඡේදයක් ඇතුළත් කිරීම සිදුව තිබේ. මේ ප්‍රශ්න මතුවී තිබෙන්නේ එය ක්‍රියාත්මක වීමේදී බලවතා වන්නේ කවුරුන්ද යන්න පිළිබඳවයි. මට පෙනී යන්නේ 19 වැනි සංශෝධන සකස් කරන විට මේ පිළිබඳව අවධානයකින් යුතුව කටයුතු කර නොමැති බවයි. මන්ද අප ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යම් ක්‍රමවේදයක් ඇත. එහි මූලික ව්‍යවස්ථාවන් තිබේ. ඒ අනුව
ආර්ථිකය හසුරුවන්නේ සූදුකාරයෝ ණය ගන්නවා වගේ – අජිත් නිවාඩ් කබ්රාල්

ආර්ථිකය හසුරුවන්නේ සූදුකාරයෝ ණය ගන්නවා වගේ – අජිත් නිවාඩ් කබ්රාල්

වර්තමාන ආණ්ඩුව නිතරම පවසන දෙයක් වන්නේ පසුගිය මහින්ද රාජපක්ෂ රජය ගත් සුවිශාල ණය කන්දරාවක් තමන්ට ගෙවන්නට සිදුව ඇති බවයි. රටේ සංවර්ධනය මන්දගාමී වී ඇත්තේ එම ණය ගෙවීමට ඇති නිසායැයි ඔවුහු පුන පුනා කියති. එහෙත් මෙම කියමන සත්‍යද? කොතෙක් දුරට යථාර්තවාදීදැයි අප සොයා බැලිය යුතුය. 2018 වසරේ අග වනවිට අපේ රට ගෙවීමට ඇති ණය මුදල රුපියල් බිලියන දහතුන් දහස් එක්සියයක් (13,100) දක්වා ඉහළ ගොස් තිබුණි. 2015 වනවිට මෙම ණය ප්‍රමාණය වූයේ රුපියල් මිලියන 7400කි. පසුගිය වසර හතරක කාලය තුළ දේශීය හා විදේශීය ණය මෙතරම් ඉහළට නොසිතූ විරූ ලෙස වැඩි වී ඇත. එතරම් ණය ලබාගෙන ඇත්තේ කුමටද යන්නද අවිනිශ්චිතයි. ඒවායින් සිදු කළ සංවර්ධන වැඩ මොනවාද යන්න ද ගැටලු සහගත වේ. ණය ගත්තේ කුමක් නිසාද යන්න ගැන පැහැදිළි නැත. රටක ණය මට්ටම මනිනු ලබන්නේ දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂයි. වර්තමාන රජය රට බාර ගන්නා විට අපේ ණය ප්‍රතිශතය ද
ශ්‍රීලනිපයෙන් 10ක් එනවා / හේෂා විතානගේ

ශ්‍රීලනිපයෙන් 10ක් එනවා / හේෂා විතානගේ

පොදු අපේක්ෂකයකු ගැන අපේ විශ්වාසයක් නෑ එජාපයේ ඉන්න දිනන්න පුළුවන් නායකයා කවුදැයි ඔක්කොම දන්නවා චම්පික ඇමැතිතුමාට ඕනෑ විදියට එජාපය නටවන්න බෑ 19 වැනිදාට පෙර එජාප අපේක්ෂකයා නම් කරනවා සජිත් මහත්තයාට විරුද්ධ වෙන්නේ දේශපාලනය නොදත් අයයි සිරිසේන මහත්තයා එක්ක අපට ගමනක් නෑ ගෝඨාභය මහත්තයාගේ ප්‍රශ්න පාස්පෝට් එකෙන් විසඳෙන්නෙ නැහැ බහුතරයේ කැමැත්ත නායකතුමාගේත් කැමැත්තයි - එජාප රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මේ වෙනකොට පක්ෂ ලහි ලහියේ ජනාධිපති සටනට ලෑස්ති වෙනවා. සමහර අය අපේක්ෂකයාගේ නම නොකියා නම කියනවා. සමහර අය මෙදාට කියනවා කියලා කියනවා. ඒත් එජාපයේ තාම අපේක්ෂකයෙක් පේන තෙක් මානයක නෑනේ? එක්සත් ජාතික පක්ෂය ඉතිහාසයේ ඉඳලා අපේක්ෂකයා තීන්දු කළේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම. මම හිතන්නේ නැහැ මෙවර එම සම්ප්‍රදාය බිඳින්න
ජපන් රැකියා සදහා ලියාපදිංචිය අගෝස්තු 13 සිට

ජපන් රැකියා සදහා ලියාපදිංචිය අගෝස්තු 13 සිට

ජපානයේ රැකියා අවස්ථා අයදුම් කිරීම යටතේ ලියාපදිංචි කිරීමේ කටයුතු අගෝස්තු 13 වනදා ආරම්භ කරන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. ඒ යටතේ සාත්තු සේවිකා / නිෂ්පාදන හා ඉදිකිරීම් අංශය වෙනුවෙන් රැකියා අවස්ථා මූලික අධියරේදී ලබාදීමට නියමිතයි. ඊට අදාළ සවිස්තර තොරතුරු පහත වීඩියෝවේ දැක්වෙන අතර අයදුම්පත්‍රය ඊට පහළින් දැක්වේ.     අයදුම්පත්‍රය මෙතනින්  
ශ්‍රීලනිප / පොදුජන පෙරමුණු සන්ධානය සාර්ථකයි

ශ්‍රීලනිප / පොදුජන පෙරමුණු සන්ධානය සාර්ථකයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  ජනාධිපතිවරණය ඉලක්ක කර සන්ධාන ගතවීමේ  තීරණයට එළැඹ තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර පැවැති සාකච්ඡාවලින් අනතුරුව අතරමැදි පාර්ශවයක් හරහා දිගින් දිගටම දෙපාර්ශවය අතර අදහස් හුවමාරු කර ගැනීමෙන් පසු මෙම එකගතාවයට පැමිණි බව ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයෙකු ආණ්ඩු පක්ෂයේ ප්‍රබල දේශපාලඥයෙකුට පණිවුඩයක් එවමින් සදහන් කර ඇත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සන්ධාන ගතවීමෙන් පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ඉහල හොද තනතුරක් දීමට තීරණය වීඇතැයි ද ඉහත පණිවුඩය එවමින් ආණ්ඩු පක්ෂ ප්‍රබලයාට කරුණු වාර්තා කර තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය කාම්බෝජ සංචාරය නිමකර පැමිණිමෙන් පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්
රනිල් හා සජිත් අතර එකඟතාවයක්

රනිල් හා සජිත් අතර එකඟතාවයක්

ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණු පුළුල් සන්ධානය හැකි ඉක්මණින් පිහිටුවියයුතු බවට එක්සත් ජාතික පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා පක්ෂ නියෝජ්‍ය නායක, නිවාස, ඉදිකිරිම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර පූර්ණ එකගතාවය පළවී තිඛෙනවා. එක්සත් ජාතික පක්ෂය නායක රනිල් වික්‍රමසිංහ හා නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අතර ඇතිව තිබෙන එකගතාවය අනුව ප්‍රජාතන්ත්‍රවාදි ජාතික පෙරමුණේ ව්‍යවස්ථාවේ ඇති කළ යුතු සංශෝධන සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයෝ අගමැතිවරයා හමුවී සාකච්ඡ කර තිබුණා. ප්‍රජාතන්ත්‍රවාදි ජාතික පෙරමුණේ ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු බවට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය
ගාමිණී සෙනරත් නිදොස් කොට නිදහස් කෙරේ

ගාමිණී සෙනරත් නිදොස් කොට නිදහස් කෙරේ

හම්බන්තොට ප්‍රදේශයේ හෝටලයක් ඉදිකිරිම සඳහා ලිට්‍රෝ සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් සාවද්‍ය පරිහරණය කරමින් මුදල් විශුද්ධීකරණ පනත යටතේ වරදක් කර ඇති බවට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු පස්දෙනෙකට එරෙහිව පවරා තිබූ නඩුවෙන් ඔවුන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය නියෝග කළා. මෙම නඩුවේ වගඋත්තරකරුවන් දෙදෙනෙක් මීට පෙර නිදොස්කොට නිදහස් කළ අතර අද දිනයේදී ඉතිරි වගඋත්තරකරවන් තිදෙනා නිදොස් කොට නිදහස් කිරීමටයි පියවර ගනු ලැබුවේ.
පොදුජන පෙරමුනේ සමුළුව නම් කළ පිරිසකට පමණයි / බැසිල් – Audio

පොදුජන පෙරමුනේ සමුළුව නම් කළ පිරිසකට පමණයි / බැසිල් – Audio

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමුළුව නම් කළ පිරිසකට පමණක් සීමාවන බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. අද පැවැති මාධ්‍ය හමුවකදී ඔහු සදහන් කළේ නිදහස් පක්ෂයේ මන්ත්‍රී පිරිසක්ද ඊට එක්වීමට නියමිත බවයි.
ගාමිණී සෙනරත්ගේ නඩුවේ තීන්දුව අදයි

ගාමිණී සෙනරත්ගේ නඩුවේ තීන්දුව අදයි

ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500 ක මුදලක් සාවද්‍ය සාපරාදි පරිහරණය ඇතුළු අධිචෝදනා 24 ක් යටතේ හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ගාමිණී සෙනරත් මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව බස්නාහිර පළාත්බද ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වූ නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. සැකකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා තිබුණේ නීතිපතිවරයා විසිනුයි.
සුෂ්මා ස්වරාජ්ගේ අභාවය වෙනුවෙන් අගමැතිගෙන් ශෝක පණිවිඩයක්

සුෂ්මා ස්වරාජ්ගේ අභාවය වෙනුවෙන් අගමැතිගෙන් ශෝක පණිවිඩයක්

ඉන්දීය හිටපු විදේශ අමාත්‍යවරියක වන සුෂ්මා ස්වරාජ් මහත්මියගේ අභාවය වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ශෝක පණිවිඩයක් නිකුත් කර තිඛෙනවා. ඇයගේ හදිසි  වියෝව වෙනුවෙන් ශෝක පණිවුඩයක් නිකුත් කරන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ දෙරට අතර ද්වීපාර්ශ්වික සබඳතා තර කර ගැනීමට ස්වරාජ් මහත්මිය දැක්වූ කැපවීම හා උනන්දුව ශ්‍රී ලාංකික ජන හදවත් තුළ සදා අනුස්මරණීය බවයි. පසුගිය කාලයේදී ස්වරාජ් මහත්මිය පෞද්ගලිකව හමුවූ අවස්ථාවන්හිදී ඇය ශ්‍රී ලංකාවට ඉතා ලබැදි මිතුරියක හා අසල්වාසිනියක ලෙස හඳුනාගැනීමට ලැබුන බවද අග්‍රාමාත්‍යවරයා පවසනවා. ඇයගේ වියෝවෙන් ශෝකට පත් පවුලේ ඥාතීන් ඇතුළු සමස්ත ඉන්දීය ප්‍රජාවට සාතිශ්‍යය සංවේගය පල කරන බවයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.
තාජුඩීන් ඝාතන සාක්ෂි සැගවූ ආනන්ද සමරසේකරට චෝදනා

තාජුඩීන් ඝාතන සාක්ෂි සැගවූ ආනන්ද සමරසේකරට චෝදනා

කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී මහාචාර්ය වෛද්‍ය ආනන්ද සමරසේකර මහතාට එරෙහිව නීතිපතිවරයා අධිචෝදනා ගොනු කර තිඛෙනවා. ඒ, 2012 වසරේ මැයි මස 17 වන දින වසීම් තජුඩීන් යන අයගේ මරණය සිදු කර ඇති බව දැන දැනම වරදකරුවන් නීත්‍යානුකූල දඬුවමින් ආරක්ෂා කිරීමේ අදහසින් එම වරද සිදු කිරීම සම්බන්ධයෙන් සාක්ෂි අතුරුදන් කිරීම හේතුවෙන්. තජුඩීන්ගේ ශරීරයේ අස්ථි කොටස් අස්ථානගත කිරීම හෝ එලෙස අස්ථානගත කර වීමට සැලැස්වීමෙන් දණ්ඩනීති සංග්‍රහයේ 198 වන වගන්තිය යටතේ වරදක් සිදු කර ඇති බව ද නීතිපතිවරයා විසින් චෝදනා ගොනු කරනු ලැබ තිඛෙනවා. නීතිපති දෙපාර්තමේන්තුව පවසන්නේ, වෛද්‍ය ආනන්ද සමරසේකර යන අය විසින් වසීම් තජුඩීන්ගේ මරණයට හේතුව හදිසි අනතුරක් හා ගින්නක ප්‍රතිඵලයක් වශයෙන් සිදු වූ බවට දක්වා ඇතිබවයි. එහෙත් පසුව අවස්ථාවකදී අධිකරණ නියෝගයක් මත විශේෂ වෛද්‍ය පරීක්ෂණ මණ
සහරාන්ගේ ගෝලයන් 3ක් අල්ලයි

සහරාන්ගේ ගෝලයන් 3ක් අල්ලයි

ජාතික තවුහිද් ජමාද් සංවිධානය සමග සමීප සබදතා පැවැත් වූ ජමාතේ මිල්ලතේ ඊබ්‍රහිම් සංවිධානයේ තවත් ක්‍රියාකාරීන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් සහරාන් යටතේ නුවරඑලිය සහ හම්බන්තොට කදවුරුවල පුහුණුව ලැබූ අය බවයි පරික්ෂණවලින් හෙළිව තිබෙන්නේ. රාජ්‍ය බුද්ධි සේවා නිලධාරීන්ට ලැබුනු තොරතුරකට අනුව අම්පාර කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරයා යටතේ කළ මෙහෙයුම සිදු කෙරුණා. මොහිදීන් බාවා මොහොමඩ්රැම් හෙවත් අබු අක්රාන්  මොහොමඩ් රියාල්  මොහොමඩ් සජීඩ් නොහොත් අබුසල්මාන් සහ මොහොමඩ් රම්සින් රුෂ්දි අහමඩ් නොහොත් අබ් අල්වකාර් යන සැකකරුවන් තුන් දෙනායි අද අත්අඩංගුවට ගැනුණේ.  මොවුන් පොළොන්නරුව, මාවැන්ලල සහ වරකාපොල ප්‍රදේශවල පදිංචිකරුවන් බව  පොලීසිය පවසනවා. අම්පාර ප්‍රදේශයේ කළ මෙහෙයුම්වලදී ජමාතේ ඊබ්‍රහින් සංවීධානයට සම්බන්ධ සැකකරුවන් 06 දෙනෙකු ඊයේ සහ පෙරේදා දිනයන්දී අත්අඩංගුවට ග
පොහොට්ටුවේ සංවත්සරයට ශ්‍රීලනිප මන්ත්‍රීවරු නෑ-දයාසිරි-Video

පොහොට්ටුවේ සංවත්සරයට ශ්‍රීලනිප මන්ත්‍රීවරු නෑ-දයාසිරි-Video

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවත්සරය සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් සහභාගි නොවීමට තීරණය කර තිඛෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සදහන් කළේ ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් අතර ජනාධිපති නිල නිවසේ ඊයේ පැවැති සාකච්ජාවකදී මෙම තීරණය ගත් බවයි.  
වෙලම්බඩ පොලිසියේ වැඩබලන ස්ථානාධිපතිගේ වැඩ තහනම්

වෙලම්බඩ පොලිසියේ වැඩබලන ස්ථානාධිපතිගේ වැඩ තහනම්

වෙලම්බඩ පොලිස් ස්ථානයේ වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා. වෙලම්බඩ මුස්ලිම් දේවස්ථානයේ තිබී සොයාගත් මන්නා පිහි සහ අත් පොරොව යළි භාරදීමට උත්සාහ කිරිමයි ඔහුට එරෙහි චෝදනාව වන්නේ.
බදු සංශෝධන රැසකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

බදු සංශෝධන රැසකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

අයවැය ඉදිරිපත් කළ බදු සංශෝධන සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරන එම අමාත්‍යාංශය පවසන්නේ, සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි හෝටල්, සංචාරක නිකේතන ආපනශාලා ව්‍යාපාර සඳහා දේශීය බැංකුවක් හරහා විදේශීය මුදල් ලැබෙන්නේ නම් එම මුදල් ජාතිය ගොඩනැගීමේ බද්දෙන් නිදහස් කරන බවයි. විනෝදාස්වාදය සහ ක්‍රීඩා සඳහා වන යාත්‍රා සහ නැව් ආනයනය කිරීමේදී ද ජාතිය ගොඩනැගීමේ බද්දෙන් නිදහස් කර ඇති අතර ජාතික ගොඩනැගීමේ බදු නිදහස ලබන මස සිට ප්‍රධාන කොන්ත්‍රාත්කරුවන්ට ද හිමිවනවා. සැකසුම් නොකරන ලද මැණික් ආනයනය කිරීමේදී හා පිරිපහදු නොකළ පාම් තෙල් යොදගෙන දේශීයව නිෂ්පාදනය කරනු ලබන පාම් තෙල් ද බද්දෙන් නිදහස්. එකතු කළ අගය මත බද්ද අයකිරීම ද ලබන මස සිට සංශෝධනය කර තිඛෙනවා. සහාධිපත්‍ය නිවාස සැපයීමේදී එය රුපියල් මිලියන 25ට වඩා අඩ
ගෝඨාභය හමුවන්නේ නෑ / එජාප මැති ඇමතිවරු තීන්දුවක

ගෝඨාභය හමුවන්නේ නෑ / එජාප මැති ඇමතිවරු තීන්දුවක

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පෞද්ගලිකව හමු නොවිමට එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් හා මන්ත්‍රීවරුන් ඒකමතික තීරණයකට එළඹ ඇති බව වාර්තාවනවා. පොදුජන පෙරමුණේ ජනාධිපති අපෙක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කිරීමට සූදානම් වන බවට සිදුවන කතා බහ හා එක්සත් ජාතික පක්ෂයේ සභාපති අමාත්‍ය කබීර් හෂීම් හා අමාත්‍ය සාගල රත්නායක යන මහත්වරුන් පසුගියදා ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී පෞද්ගලිකව සාකච්ඡා කිරීම සම්බන්ධයෙන් පක්ෂයේ අමාත්‍යවරුන් හා මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුගේ විරෝධය දැඩිව එල්ලවීම මෙම තත්ත්වයට හේතුවයි.
සාකච්ජා සාර්ථකයි / ශ්‍රීලනිප අපේක්ෂකයෙක් නොඑන බවට ඉඟි

සාකච්ජා සාර්ථකයි / ශ්‍රීලනිප අපේක්ෂකයෙක් නොඑන බවට ඉඟි

ඉදිරි ජනාධිපතිවරණය සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයකු ඉදිරිපත් නොවනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කරනවා. එහි දැක්වෙන්නේ ජනාධිපතිවරයා හා විපක්ෂනායකවරයා අතර පැවැති දීර්ඝ සාකච්ජාවකින් පසු මීට අදාළ යම් එකගතාවයකට එළඹ ඇති බවයි. එහිදී ජනාධිපතිවරයාගේ ඉදිරි දේශපාලනය හා ජනාධිපති අපේක්ෂකයින් පිළිබද සාකච්ජා කර ඇති අතර මීට අදාළ අවසන් එකගතාවයන්ට එලඹීමට නායකයින් දෙපල සිය පක්ෂ සමග තවත් සාකච්ජා පැවැත්වීමට නියමිත බවයි අදාළ වාර්තා හෙළිකරන්නේ. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් ඊයේ පක්ෂ මූලස්ථානයේ විශේෂ සාකච්ඡාවක නිරත වී ඇති බවද සදහන්. එමෙන්ම ඊයේ සවස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ නායකයන් අතර සාකච්ඡාවක්ද පැවැති අතර එහිදී පුළුල් සන්ධානයේ ව්‍යවස්ථා කෙටුම්පත පිළිබඳවද සාකච්ඡා කර තිඛෙනවා.