වැඩියෙන් නැරඹූ

ඔස්ට්‍රේලියානු  රැකියා දෙන නව වැඩපිළිවෙලක් අරඹයි

ඔස්ට්‍රේලියානු රැකියා දෙන නව වැඩපිළිවෙලක් අරඹයි

හොඳම සහ බුද්ධිමත්ම සේවකයින් දහස් ගණනින් ඔස්ට්‍රේලියාවට ගෙන ඒමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය නව වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ. ඒ සඳහා ඇතැම් විදේශ රටවල ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය නියෝජනය කරන බඳවා ගැනීමේ නිලධාරීන් අනියුක්ත කිරීමට අපේක්ෂා කරන බවද වාර්තා වේ. ලොව සිටින හොඳම සහ බුද්ධිමත් සේවකයින් ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමේ අරමුණින් Global Talent Independent වැඩසටහන යටතේ ලොව ප්‍රධාන රටවල කිහිපයකම බඳවා ගැනීමේ නිලධාරීන් අනියුක්ත කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කර තිබේ. එසේ අනියුක්ත කළ එක් නිලධාරියෙකු පිළිබද ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ආගමන කටයුතු පිළිබද අමාත්‍ය David Coleman විසින් හෙළිදරව් කළේය. අදාළ නිලධාරියා ජර්මනියේ බර්ලින් නුවර සිට සිය කටයුතු කරන බව ඔහු පැවසීය. ඊට අමතරව ලබන මාසයේදී ඇමෙරිකා එක
නවසීලන්තය පරදා ලංකාව අංක 1 වෙයි

නවසීලන්තය පරදා ලංකාව අංක 1 වෙයි

ලෝක ශූරතා ටෙස්ට් තරඟාවලි ලකුණු සටහනේ ලකුණු 60 ලබාගනිමින් ප්‍රථම ස්ථානයට පත්වීමට ශ‍්‍රී ලංකා පිල අද සමත්වුණා. ඒ නවසීළන්තය සමග ටෙස්ට් තරගාවලියේ පළමු තරගය කඩුලු 6කින් ජය ගනිමින්. අද දිනට තරගය ආරම්භ කරන විට ලකුණු 268ක ඉලක්කය හඹායන ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 133ක් රැස් කර ගෙන සිටියා. ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් වන දිමුත් කරුණාරත්න සහ ලහිරු තිරිමාන්න පලමු කඩුල්ලට ලකුණු 161ක විශිෂ්ට සබඳතාවයක් ගොඩනැගූ අතර එය මෙරට ටෙස්ට් තරගයක අවසන් ඉනිමේදී ශ‍්‍රී ලංකා පිලේ හොදම ආරම්භක කඩුල්ලේ සබදතාවයයි. 1992 වසරෙන් පසුව ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවති ටෙස්ට් තරග වලදී පළමු කඩුල්ල වෙනුවෙන් වාර්තා කළ ඉහලම ලකුණු සබඳතාවයද එයයි. අනතුරුව පිටියට පිවිසි කුසල් මෙන්ඩිස්ට පිටියේ සාර්ථක වීමට ඉඩ ලබා නොදුන් අජාස් පටෙල් ශ්‍රී ලංකා ඉනිමේ දෙවන කඩ
දියවීගිය ග්ලැසියරයක් වෙනුවෙන් සිහිවටන ස්මාරකයක්

දියවීගිය ග්ලැසියරයක් වෙනුවෙන් සිහිවටන ස්මාරකයක්

කාලගුණ විපර්යාස හේතුවෙන් විනාශ වී ගිය ග්ලැසියරයක් වෙනුවෙන් අයිස්ලන්තය අනුස්මරණ ස්මාරකයක් නිර්මාණය කර තිබෙනවා. අයිස්ලන්තයේ බටහිර ප්‍රදේශයේ තිබූ ඕකේ නම් ග්ලැසියරය වෙනුවෙනුයි මෙම ස්මාරකය නිර්මාණය කර ඇත්තේ. ග්ලැසියරයක් වෙනුවෙන් ස්මාරකයක් ඉදිවන පළමු අවස්ථාව මෙයයි. එය ලෝකඩවලින් ඉදිකර තිබෙනවා. අනාගතයට ලිපියක් යන තේමාවෙන් එහි ග්ලැසියරය පිළිබඳ තොරතුරු සඳහන්.
ජේලර් ඝාත­න­යට කොටු වුණු පොඩි ලැසීගේ හික්ක­ඩුවේ ගෝලයෝ

ජේලර් ඝාත­න­යට කොටු වුණු පොඩි ලැසීගේ හික්ක­ඩුවේ ගෝලයෝ

බන්ධ­නා­ගාර පුහුණු පාසලේ ප්‍රධාන ජේලර් රුවන් ජය­රත්න ඝාත­නයේ සැඟ­වුණු තොර­තුරු රැසක් මේ වන විට හෙළි වී හමා­රය. ඝාත­නය පිටි­පස සිටින්නේ බන්ධ­නා­ග­ර­යේම ඉහළ නිල­ධා­රි­යෙකි. එම නිල­ධා­රියා සහ ජේලර් රත්නා­යක අතර කාල­යක් තිස්සේ පැවැති විර­ස­කය පුපුරා යමින් පාතා­ලය යොදා ඔහු ඝාත­නය කළ බව දැන් සක්සු­දක් සේ පැහැ­දි­ලිය. ජේලර් ජය­ර­ත්නගේ ඝාත­නය මේ තරම් ඉක්මන් වන්නේ සහ­කාර අධි­කා­රී­ව­ර­යෙකු ලෙස මෑත­ක­දීම ඔහු උසස් වීමක් ලබා ගාල්ල බන්ධ­නා­ග­ර­යට ස්ථාන මාරු­වක් ලැබී­මට නිය­මි­තව සිටි බැවිනි. ඔහු සමඟ වෛර බැඳ­ගෙන සිටි ඉහළ නිල­ධා­රියා ජේලර් ජය­රත්න ඝාත­නය කර­වන්නේ ගාල්ලට ඔහුගේ පැමි­ණිම වළ­ක්ව­න්න­ටය. ගාල්ල බන්ධ­නා­ගා­රයේ රඳවා සිටින පාතා­ලයේ අප­රා­ධ­ක­රු­වන් පෝෂ­ණය කර­මින් අත­මිට සරු­ක­ර­ගන්නා එම දූෂිත නිල­ධා­රියා ගැන ජේලර් ජය­රත්න කාල­යක් තිස්සේම සිටියේ විවිධ හෙළි­ද­රව් කෙළේය. අව­සා­න­යේදී දෙදෙනා
ලාංකීය විද්‍යාඥයන් නව සෞරග‍්‍රහ මණ්ඩලයක් සොයාගනී

ලාංකීය විද්‍යාඥයන් නව සෞරග‍්‍රහ මණ්ඩලයක් සොයාගනී

ශ්‍රී ලංකා විද්‍යාඥයින් පිරිසක් ප්‍රථමවරට නව ග්‍රහ මණ්ඩලයක් සොයා ගැනීමට සමත්ව ඇති බව නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනය නිවේදනය කරනවා. එම ආයතනයේ තාරකා විද්‍යා අංශය මගින් සිදුකළ පර්යේෂණයක ප්‍රතිඵලක් ලෙස අපගේ සෞරග්‍රහ මණ්ඩලයට පිටතින් පිහිටි මෙම නව ග්‍රහ මණ්ඩලය සොයාගෙන ඇති අතර ලබන 20වනදා එහි වැඩිදුර තොරතුරු හෙළිකිරීමට නියමිතයි.
වැඩ 1,000ක් ගමට හෙටක් අගෝස්තු 18 මාවතගම ජනතාවට

වැඩ 1,000ක් ගමට හෙටක් අගෝස්තු 18 මාවතගම ජනතාවට

රුපියල් මිලියන 11,000 ක පිරිවැයකින් මාවතගම ආසනයේ ක්‍රියාත්මක කළ සංවර්ධන ව්‍යාපෘති 1,000 ක් ජනතා අයිතියට පත් කරන වැඩ දහසක් ගමට හෙටක් වැඩසටහනේ ප්‍රධාන උත්සවය අගෝස්තු 18 වනදා පැවැත්වෙනවා. රාජ්‍ය අමාත්‍ය ජේ සී අලවතුවල මහතා ලංකා ඒ නිවුස් වෙත සදහන් කළේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වෙන බවයි. දිවයිනේ එක් ආසනයක් තුල කෙටි කලකින් සිදුකරන ලද සංවර්ධන ව්‍යාපෘති වැඩිම ප්‍රමාණයක් එකවර ජනතා අයිතියට පත් කරන අවස්ථාව ලෙසයි මෙය ඉතිහාසයට එක්වන්නේ. මේ යටතේ ප්‍රධාන මාර්ග , අතුරු මාර්ග, ජල විදුලි ව්‍යාපෘති , නිවාස, රජයේ නව කාර්යාල , විහාරස්ථාන සදහා විවිධ වැඩසටහන් ,නගර සංවර්ධන ව්‍යාපෘතිය ඇතුලු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇති බවයි අමාත්‍යවරයා සදහන් කළේ.
ජපන් රැකියා සදහා ලියාපදිංචිය අගෝස්තු 13 සිට

ජපන් රැකියා සදහා ලියාපදිංචිය අගෝස්තු 13 සිට

ජපානයේ රැකියා අවස්ථා අයදුම් කිරීම යටතේ ලියාපදිංචි කිරීමේ කටයුතු අගෝස්තු 13 වනදා ආරම්භ කරන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. ඒ යටතේ සාත්තු සේවිකා / නිෂ්පාදන හා ඉදිකිරීම් අංශය වෙනුවෙන් රැකියා අවස්ථා මූලික අධියරේදී ලබාදීමට නියමිතයි. ඊට අදාළ සවිස්තර තොරතුරු පහත වීඩියෝවේ දැක්වෙන අතර අයදුම්පත්‍රය ඊට පහළින් දැක්වේ.     අයදුම්පත්‍රය මෙතනින්  
අමෙරිකාවට තර්ජනය කළ බින්ලාඩන්ගේ පුතා මිය ගිහින්

අමෙරිකාවට තර්ජනය කළ බින්ලාඩන්ගේ පුතා මිය ගිහින්

අමෙරිකාව විසින් ඝාතනය කරනු ලැබූ ඔසාමා බින් ලාඩන්ගේ , පුත‍්‍රයා මියගොස් ඇති බව ඇමරිකා බුද්ධි අංශ හෙළිකර තිඛෙනවා. හම්සා බින් ලාඩන් පිළිබඳ තොරතුරු ලබාදෙන පුද්ගලයෙකුට ඇමරිකා ඩොලර් මිලියනයක ත්‍යාගයක් ලබාදෙන බවට මීට පෙර අමෙරිකාව විසින් ප‍්‍රකාශයට පත්කර තිබුණා. ඔහු පසුගිය කාලයේ ඇමරිකාව ඇතුළු රටවල් රැසකට ප‍්‍රහාර එල්ල කරන බවට හඩපට නිකුත් කර ඇති අතර ඒ අනුවයි ඔහු අමෙරිකාවට අත්‍යාවශ්‍ය ත්‍රස්ත සැකකරුවකු ලෙස නම් කරනු ලැබුවේ.
සබීතා පෙරේරා අදත් ජනපති කොමිසමට ඇවිත් නැහැ

සබීතා පෙරේරා අදත් ජනපති කොමිසමට ඇවිත් නැහැ

ඒ කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යන බත්තරමුල්ලේ පිහිටි පෞද්ගලික ගොඩනැඟිල්ල පිළිබඳව ලැබී ඇති පැමිණිල්ලට  අදාලව ප්‍රකාශයක් ලබාදීමට ප්‍රවීණ රංගන ශිල්පිනී සබීතා පෙරේරා මහත්මිය අද (01) ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාවේ පොලිස් ඒකකයට කැඳවා තිබුණද ඇය ඒ සදහා පැමිණ නොසිටි බව වාර්තාවනවා. ඒ අනූව ඇයට ලබන 05 වැනිදා පැමිණෙන ලෙසයි කොමිසම යළි දැනුම්දී ඇත්තේ. පසුගිය 17 වනදා කොමිසම හමුවේ පෙනී සිටින ලෙස ඇයට දන්වා තිබුණද එහිදීත් ඇය කොමිසම හමුවේ පෙනී සිටියේ නැහැ. අදාළ ගොඩනැගිල්ල කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා රුපියල් මිලියන 21 ක මාසික කුලියකට ලබා ගන්නා අවස්ථාවේදී අයිතිකාර පාර්ශ්වය වෙනුවෙන් එම ගිවිසුමට අත්සන් තැබූ අයෙක් ලෙසට සබීතා පෙරේරා මහත්මිය ගැන කොමිසම හමුවේ කරුණු හෙළි වී ඇති හෙයින් ඇයගෙන් ප‍්‍රශ්න කර ප‍්‍රකාශයක් ලබා ගැනීමට කොමිසම තීරණය කර තිබුණා
“තලාක්” දික්කසාදය ඉන්දියාවේදී තහනම්

“තලාක්” දික්කසාදය ඉන්දියාවේදී තහනම්

මුස්ලිම් ජාතිකයින්ගේ තුන්වරක් තලාක් යනුවෙන් පවසමින් දික්කසාදවීම ඉන්දීය පාර්ලිමේන්තුව මඟින් අපරාධමය වරදක් ලෙසට නම්කර තිබෙනවා. මුස්ලිම් නීතියට අනුව සැමියාට සිය බිරිඳ දික්කසාද කිරීමට අවශ්‍ය නම් තලාක් යනුවෙන් කෙටි පණිවුඩයක් හෝ විද්‍යුත් තැපෑල මඟින් තුන්වරක් සඳහන් කිරීමෙන් දික්කසාද විය හැකියි. ඉන්දියාවේ ජීවත්වන මුස්ලිම් කාන්තාවන්ගේ අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා මෙය අපරාධමය වරදක් බවට ප්‍රකාශයට පත්කළ බවයි ඉන්දීය පාර්ලිමේන්තුව සඳහන් කළේ. මෙම නීතිය උල්ලංඝනය කරන පුද්ගලයෙකුට වසර තුනක සිර දඩුවම් විදීමට ද සිදුවනවා. පාලක භාරතීය ජනතා පක්ෂය මේ සම්බන්ධයෙන් පනත් කෙටුම්පත ගෙන ආ අතර විපක්ෂය ඊට සිය විරෝධය පළකළා. කෙසේ වෙතත් එය සම්මත කර ගැනීමට අද දිනයේ හැකිවුණා.
ශ්‍රී ලංකා ක්‍රිකට් නව පුහුණුකරු මිකී ආතර්, ඩොමිනික් හෝ මූඩි

ශ්‍රී ලංකා ක්‍රිකට් නව පුහුණුකරු මිකී ආතර්, ඩොමිනික් හෝ මූඩි

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවෙකු සෙවීමේ කටයුතු මේ වන විට සිදුකරමින් පවතී. මේ එහිදී වැඩි අවධානයට ලක්ව ඇති පුහුණුකරුවන් පිළිබදයි. ටොම් මූඩි මහතා 2005 සිට 2007 දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු ලෙස කටයුතු කළ අතර දැනට අයි. පී. එල්. සන්රයිස් හයිද්‍රභාද් පිලේ පුහුණුකරු වේ. ඔහු බටහිර ඔස්ට්‍රේලියා හා කිංග්ස් පන්ජාබ් පිලේ ද පුහුණුකරු ලෙස කටයුතු කර ඇත. මිකී ආතර් මහතා පාකිස්තාන කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන අතර දකුණු අප්‍රිකා හා ඔස්ට්‍රේලියා කණ්ඩායම්වලද කලක් පුහුණුකරු ලෙස කටයුතු කළේය. දකුණු අප්‍රිකා ජාතික පිලේ හා ‘ඒ’ කණ්ඩායමේ පුහුණකරුවකු ලෙස රසල් ඩොමිනික් මහතා දක්ෂතා පෙන්වා ඇත.ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ පුහුණු කාර්ය මණ්ඩලයේ සියලු දෙනා අද පැවැත්වෙන තරගයෙන් අනතුරුව ඉවත්වන බවට ඉල්ලා අස්ව
මෙල්බර්න් නුවරදී ලක් සිසුවෙක් අතුරුදන්

මෙල්බර්න් නුවරදී ලක් සිසුවෙක් අතුරුදන්

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් කලාපයේ වාසය කළ ශ්‍රී ලාංකික අන්තර්ජාතික ශිෂ්‍යයකු වූ තිදිනික කුලතුංග නමැති තරුණයා පසුගිය ජූලි 20 වන දින සිට අතුරුදන්ව ඇතැයි වික්ටෝරියා පොලීසිය පවසයි. 21 හැවිරිදි මෙම තරුණයා සෙවීමට වික්ටෝරියා පොලීසිය මහජන සහය අපේක්ෂා කරන බවද වික්ටෝරියා පොලීසියේ නිල වෙබ් අඩවියේ නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියි. අතුරුදන්ව සිටින මෙම තරුණයා ව ජූලි 20 වන දින පස්වරු 1.30 ට පමණ Glen Waverley ප්‍රදේශයේදී අවසන් වරට දැක ඇති අතර ඔහු Craigieburn ප්‍රදේශය වෙත ගමන් කරමින් සිටි බව වාර්තා වේ. ඔහු තම 1998 Honda Accord sedan මාදිලියේ මෝටර් රථයෙන් ගමන් කරමින් සිට ඇති අතර කළු පැහැති ලෙදර් ජැකට්ටුවක් හැඳ සිට ඇත. මොහු නිරතුරුවම Alpine කලාපයේ ගමන් කරන බවට තොරතුරු ලැබී ඇති අතර Great Alpine මාර්ගයේ රිය ධාවනය කිරීමට ඔහු බෙහෙවින් කැමැත්තක
අමෙරිකාවට පහරදිය හැකි මිසයිලයක් රුසියාව නිපදවයි

අමෙරිකාවට පහරදිය හැකි මිසයිලයක් රුසියාව නිපදවයි

රුසියාව බැලැස්ටික් මිසයිලයක් සාර්ථකව අත්හදාබලා තිබෙනවා. ටෝපෝල් එම් ලෙස හැදින්වෙන මෙය දිගු දුර න්‍යෂ්ටික මිසයිලයක් බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ. කිලෝ මීටර 2500ක් දුරින් පිහිටි ඉලක්කයකට එය එල්ල කර තිබෙනවා. 1980න් පසු රුසියාව මෙවැනි ප‍්‍රබල මිසයිලයක් සාර්ථකව අත්හදා බැලු පළමු අවස්ථාව ලෙසයි මෙය සැළකෙන්නේ. මෙම මිසයිලයට කිලෝමීටර 11,000 ක දුරක් තරණය කරමින් අමෙරිකාවේ ඔ්නෑම ස්ථානයකට පහරදීමේ හැකියාව පැවතීම විශේෂත්වයක්.
ජවිපෙ ජනපති අපේක්ෂකයා අගෝස්තු මැද කරළියට

ජවිපෙ ජනපති අපේක්ෂකයා අගෝස්තු මැද කරළියට

පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සමග සංවාදය. මේ වනවිටත් ප්‍රධාන පක්ෂ දෙකෙන්ම ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම සිදු වී නැහැ, අපේක්ෂකයා සොයාගැනීමේ එකඟතාවක් නැති නිසා. ජනතා විමුක්ති පෙරමුණටත් ඒ වගේ ගැටලුවක් මතු වෙලාද? තවම අපේක්ෂකයා නැහැ නෙ…? අනෙක් පක්ෂවල වගේ අපේ පක්ෂයේ අපේක්ෂකයා වෙනුවෙන් පොරයක් නැහැ. ජනතා විමුක්ති පෙරමුණත්, විද්වතුන්, කලාකරුවන් සිවිල් සංවිධාන ප්‍රගතිශීලී සංවිධාන එකමුතුවෙන් ජාතික ජන බලවේගයක් අපි පිහිටවූව්වා. ජනතා මධ්‍යස්ථානය අපි හැදුවා. ඒ ජනතා මධ්‍යස්ථානයේ සාකච්ඡා සම්මුතියෙන් ජනාධිපතිවරණ අපේක්ෂකයකු අප ඉදිරියේදී නම් කරනවා. ඒකට කිසිම තරගයක් පොරයක් නැහැ. කොහොමත් ලබන මාසේ මැද වනවිට අපේ ජනාධිපති අපේක්ෂකයා අප නම් කරනවා. ඒ කියන්නේ ජනාධිපති අපේක්ෂකයා ජනතා විමුක්ති පෙරමුණෙන් නොවේද එන්නේ ? නැහැ, ගොඩනැඟෙන පුළුල් ජනතා පෙරමුණෙන් තමයි අපේක්ෂකයා ඉදිර
රටවල් 45කට සංචාරක වීසා නිදහස අගෝස්තු 1 සිට

රටවල් 45කට සංචාරක වීසා නිදහස අගෝස්තු 1 සිට

සංචාරක අවශ්‍යතා මත මෙරටට පැමිණීම සදහා ලොව රටවල් 45 ක් සඳහා නිදහස් සංචාරක වීසා පහසුකම් ලබාදීම ලබන පළමුවැනිදා ආරම්භ කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව ඉන්දියාව, චීනය ඇතුළු රටවල් 45 ක් සඳහා එලෙස නිදහස් සංචාරක වීසා පහසුකම් ලබාදීමට නියමිතයි. මෙහි ප්‍රමුඛ අරමුණ වන්නේ බිඳ වැටුණු සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමයි. අප්‍රෙල් 21 වැනිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මාලාවෙන් පසු මෙරට සංචාරකයින් පැමිණිම පහළ වැටුණු අතර එය යථා තත්ත්වයට පත් කිරීම මෙහි අරමුණක් වනවා. කෙසේ වෙතත් මේ හරහා රුපියල් බිලියන ගණනක පාඩුවක්ද ආගමන විගමන දෙපාර්තමේන්තුවට සිදුවන බවටයි චෝදනා එල්ලවන්නේ.
මාස 44කට පසු ලංකාවට ,ලංකාවේදී එක්දින තරගාවලි ජයක්

මාස 44කට පසු ලංකාවට ,ලංකාවේදී එක්දින තරගාවලි ජයක්

මාස 44කට පසු මෙරටදී පළමුවරට එක්දින තරගාවලියක් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත්වුණා. ඒ බංග්ලාදේශය සමග එක්දින තරගාවලියේ දෙවන තරගය කඩුලු 7කින් ජය ලබමින්. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදු බංග්ලාදේශය පන්දුවාර 50 අවසානයේ කඩුලු 8 කට ලකුණු 238ක් රැස් කළා. මුෂ්ෆිකර් රහීම් නොදැවී ලකුණු 98 යි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිල පන්දුවාර 44යි පන්දු 4කදී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 242ක් ලබමින් තරගය ජයගත්තා. අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 82 යි. ඇන්ජලෝ මැතිවුස් නොදැවී ලකුණු 52ක් හා කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 41ක් ලබාගත්තා. තරගයේ වීරයා අවිශ්ක ප්‍රනාන්දු. දෙරට අතර අවසන් තරගය ලබන 31වනදා පැවැත්වීමට නියමිතයි.
විශිෂ්ට ජයක් සමග මාලිංග එක්දින පිටියට සමුදෙයි

විශිෂ්ට ජයක් සමග මාලිංග එක්දින පිටියට සමුදෙයි

බංග්ලාදේශයට එරෙහි එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 91 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා. සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගගේ අවසන් එක්දින තරගයවූ මෙහිදී පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 314ක් රැස් කළා. සුපිරි ඉනිමක් ක්‍රිඩා කළ කුසල් පෙරේරා ලකුණු 111යි . එය ඔහුගේ 5වන එක්දින ශතකයයි. ඇන්ජලෝ මැතිවුස් ලකුණු 48ක් හා කුසල් මෙන්ඩිස් ලකුණු 43ක් රැස් කළා. ෂයිෆුල් ඉස්ලාම් ලකුණු 62 ට කඩුලු 3යි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ ඉනිම ලකුණු 223කට සීමා වුණා. මුෂ්ෆිකර් රහීම් ලකුණු 67 යි. සබීර් රහමාන් ලකුණු 60යි. විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ ලසිත් මාලිංග ලකුණු 38ට කඩුලු 3යි. නුවන් ප්‍රදීප් ලකුණු 51 ට කඩුලු 3ක් දවාගත්තා. තරගයේ වීරයා කුසල් ජනිත් පෙරේරා. මේ සමග එක්දින තරගාවලිය 1ට