Tag: අපේක්ෂකයා

එජාපයේ ජනපති අපේක්ෂකයා තාම නෑ / ඇමති රවී කියයි

එජාපයේ ජනපති අපේක්ෂකයා තාම නෑ / ඇමති රවී කියයි

එක්සත් ජාතික පක්ෂය මේ දක්වා ජනාධිපති අපේක්ෂකයකු නම් කර නොමැති බව විදුලිබල ,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක මහතා පවසනවා. මේ ඒ පිළිබද අමාත්‍යවරයා පල කළ අදහස්. "එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජාතික පෙරමුණ ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් කරන අපේක්ෂකයා විශිෂ්ඨ ලෙස ජයග්‍රහණය කරවන්න අපි කටයුතු කරනවා. 76 කින් 10 ක් සහයෝගයට උත්තර දුන්නම අනිත් 66ම නිහඬ වුණේ  සහයෝගයට කියලා කියන්න පුළුවන්ද. එහෙම කියලා 76ක් සහයෝගය ප්‍රකාශ කලා කියලා කියන්න පුළුවන්ද.  මේක අංක ගණිතය නොදන්න තත්ත්වයක්. 76කින් 66ක් සජිත ප්‍රේමදාස මහතාගේ නම යෝජනා කලා කියන එක අමූලික බොරුවක්. කිසිසේත්ම ඒ වගේ දෙයක් ඇති වෙලත් නැහැ. ඇති වෙන්න දෙන්නෙත් නැහැ. ඊයේ පෙරේදා ඇවිත් කතා කරන අයද වසර ගණනාවක් පක්ෂය රැකගෙන ආව අයද වැදගත් වන්නේ. එක්සත් ජාතික පක්ෂයේ පුද්ගලයෝ මේ වගේ බොරු කියන එක විලිලැජ්ජාවක
ජවිපෙ ජනපති අපේක්ෂකයා අගෝස්තු මැද කරළියට

ජවිපෙ ජනපති අපේක්ෂකයා අගෝස්තු මැද කරළියට

පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සමග සංවාදය. මේ වනවිටත් ප්‍රධාන පක්ෂ දෙකෙන්ම ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම සිදු වී නැහැ, අපේක්ෂකයා සොයාගැනීමේ එකඟතාවක් නැති නිසා. ජනතා විමුක්ති පෙරමුණටත් ඒ වගේ ගැටලුවක් මතු වෙලාද? තවම අපේක්ෂකයා නැහැ නෙ…? අනෙක් පක්ෂවල වගේ අපේ පක්ෂයේ අපේක්ෂකයා වෙනුවෙන් පොරයක් නැහැ. ජනතා විමුක්ති පෙරමුණත්, විද්වතුන්, කලාකරුවන් සිවිල් සංවිධාන ප්‍රගතිශීලී සංවිධාන එකමුතුවෙන් ජාතික ජන බලවේගයක් අපි පිහිටවූව්වා. ජනතා මධ්‍යස්ථානය අපි හැදුවා. ඒ ජනතා මධ්‍යස්ථානයේ සාකච්ඡා සම්මුතියෙන් ජනාධිපතිවරණ අපේක්ෂකයකු අප ඉදිරියේදී නම් කරනවා. ඒකට කිසිම තරගයක් පොරයක් නැහැ. කොහොමත් ලබන මාසේ මැද වනවිට අපේ ජනාධිපති අපේක්ෂකයා අප නම් කරනවා. ඒ කියන්නේ ජනාධිපති අපේක්ෂකයා ජනතා විමුක්ති පෙරමුණෙන් නොවේද එන්නේ ? නැහැ, ගොඩනැඟෙන පුළුල් ජනතා පෙරමුණෙන් තමයි අපේක්ෂකයා ඉදිර