Tag: ආරක්ෂක ලේකම්

අමෙරිකානු ආරක්ෂක ලේකම් ජූනි අවසානයේ ලංකාවට

අමෙරිකානු ආරක්ෂක ලේකම් ජූනි අවසානයේ ලංකාවට

අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ජුනි මස 24 ත් 30 අතර කාලසීමාව ඇතුළත ශ්‍රී ලංකාවේ සංචාරය කරන බව එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඒ ඔහුගේ ඉන්දියානු හා දකුණු කොරියානු සංචාරය අතරතුරයි.  
ත්‍රස්තවාදයට එරෙහිව ලංකාවට සහාය දෙනවා / අමෙරිකානු ආරක්ෂක ලේකම්

ත්‍රස්තවාදයට එරෙහිව ලංකාවට සහාය දෙනවා / අමෙරිකානු ආරක්ෂක ලේකම්

ත්‍රස්තවාදයට එරෙහිව ශ්‍රී ලංකාව ගෙන යන සටනට පූර්ණ සහය ලබා දෙන බව අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා අවධාරණය කරනවා. ඔහු මේ බව කියා සිටියේ විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතා නිව්යෝර්ක් නුවරදී හමු වූ අවස්ථාවේදීයි. මෙම හමුවේදී අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා මෙරටට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය යළිත් වරක් හෙළා දුටු බව කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා. එහිදී අදහස් පළ කළ විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා සඳහන් කළේ, බෝම්බ ප්‍රහාරවලින් පසුව අමෙරිකාව දැක්වූ සහය පිළිබඳව ස්තුතිය පළ කරන බවයි. එවැනි ප්‍රහාර වළක්වා ගැනීම සඳහා ඉදිරියටත් සහයෝගයෙන් කටයුතු කිරීමට තම රට බලාපොරොත්තු වන බව ද විදේශ අමාත්‍යවරයා මෙම හමුවේදී ප්‍ර‍කාශ කර ඇති බව සඳහන් . වගවීම
හිටපු ආරක්ෂක ලේකම්ට හා නිවාඩු යැවූ පොලිස්පතිට අධිකරණයෙන් නොතීසි

හිටපු ආරක්ෂක ලේකම්ට හා නිවාඩු යැවූ පොලිස්පතිට අධිකරණයෙන් නොතීසි

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර වැළැක්වීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට සහ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහය යටතේ නීතිමය පියවර ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකළ තවත් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළා. ඒ අනුව මැයි 21 වනදා එය සලකා බැලීමට නියමිතයි. පෙත්සම ගොනුකර තිබුණේ කොච්චිකඩේ දේවස්ථානයට එල්ල වූ ප්‍රහාරයෙන් මියගිය මේධා සිරිමාන්න ශිෂ්‍යයාවගේ සහ ඉමේෂ් සිරිමාන්න ශිෂ්‍යාගේ පියායි. බුද්ධි අංශ තොරතුරු මගින් පොලිස්පතිවරයා දැනුවත්කර තිබියදීත් එම ප්‍රහාර වැළැක්වීමට කටයුතු නොකිරීම නිසා ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසයි පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ.
ආරක්ෂාව දුර්වලවීම වගකීම දේශපාලන නායකත්වටයි / ජී එල් කියයි

ආරක්ෂාව දුර්වලවීම වගකීම දේශපාලන නායකත්වටයි / ජී එල් කියයි

රටේ ආරක්ෂාව යම් අවස්ථාවක දුර්වල වූයේ නම් ඊට වගකිවයුත්තේ ආරක්ෂක ලේකම්වරයා නොව ඊට ඉහළින් සිටින පුද්ගලයින් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. එහි සභාපති මහාචාර්යය ජී එල් පීරිස් මහතා අද පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේ 2015 ජනවාරි 8 වනදා ජනතාව විසින් රට භාරදෙනු ලැබුවේ ආරක්ෂක ලේකම්වරයාට නොවන බැවින් එහි වගකීම දේශපාලන නායකත්වය විසින් භාරගත යුතු බවයි.
ආරක්ෂක ලේකම් ඉල්ලා අස්වෙයි

ආරක්ෂක ලේකම් ඉල්ලා අස්වෙයි

ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අද (25) සිය ධූරයෙන් ඉල්ලා අස්වුණා. ආරක්ෂක ලේකම් ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යොමුකළ ඒ මහතා සිය කාර්යාලයෙන්ද බඩු බාහිරාදිය ඉවත් කර ගැනීමටයි පියවර ගෙන තිබුණේ.
ආරක්ෂක ලේකම් ලෙස දයා රත්නායක පත්කිරීමේ සූදානමක්

ආරක්ෂක ලේකම් ලෙස දයා රත්නායක පත්කිරීමේ සූදානමක්

හිටපු හමුදාපති , ජනරාල් දයා රත්නායක මහතා නව ආරක්ෂක ලේකම්වරයා ලෙස පත්කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග අනාවරණ කරනවා. ඒ මේ වන විට එම ධූරය දරන හේමසිරි ප්‍රනාන්දු මහතා වෙනුවටයි. දයා රත්නායක මහතා 2013 වසරේ සිට 2015 වසරේ පෙබරවාරි තෙක් හමුදාපති ධූරය දැරූ අතර ඔහු යුධ හමුදාවේ අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ට නිලදාරියෙක්.
ආරක්ෂක ලේකම් හා පොලිස්පතිට ඉල්ලා අස්වෙන්න දන්වයි ?

ආරක්ෂක ලේකම් හා පොලිස්පතිට ඉල්ලා අස්වෙන්න දන්වයි ?

ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට සහ පොලිස්පති පුජිත ජයසුන්දර මහතාට සිය ධුරවලින් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වන්නැයි ජනාධිපතිවරයා දැනුම්දී ඇති බව වාර්තාවනවා. රජයේ ආරංචි මාර්ග හෙලිකරන්නේ අද පෙරවරුවේ මෙම දැනුම්දීම සිදුව ඇති බවයි. ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අද ජනාධිපතිවරයා මුණ ගැසී ඇති බවද එම වාර්තා අනාවරණ කළා. ඊයේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා කියා සිටියේ පැය 24ක් තුල ආරක්ෂක ප්‍රධානීන්ගේ වෙනසක් සිදුකරන බවයි. පසුගියදා සිදුවූ පිපිරීම් පිළිබද බුද්ධි තොරතුරු නොතකා හැරීම හා ප්‍රහාර සැහැල්ලුවට ලක්කිරීම සම්බන්ධයෙන් මෙම නිලධාරීන්ට දැඩි මහජන අප්‍රසාදයක් එල්ලවී තිඛෙනවා.
ආරක්ෂක ලේකම් ඉල්ලා අස්විය යුතුයි / ඕමල්පේ සෝභිත හිමි-Audio

ආරක්ෂක ලේකම් ඉල්ලා අස්විය යුතුයි / ඕමල්පේ සෝභිත හිමි-Audio

ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා විදෙස් මාධ්‍යවේදීයෙකු නැගූ ප්‍රශ්නවලට ඊයේ ලබාදුන් පිළිතුරු තරයේ හෙළාදකින බව ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් අද ප්‍රකාශ කළා. උන්වහන්සේ සදහන් කළේ වගකීම් ඉටු කළ නොහැකි බැවින් ආරක්ෂක ලේකම්වරයා ඉල්ලා අස්විය යුතු බවයි. මේ අතර පසුගියදා සිදු වූ කුරිරු ප්‍රහාරය සම්බන්ධයෙන් බුද්ධි අංශ ලබාදුන් තොරතුරු පිළිබඳ පොලිස්පතිවරයා හා ආරක්ෂක ලේකම්වරයා දැන සිටි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා. එහෙත් විෂය භාර අමාත්‍යවරයා වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුවත් කර නොමැති බවත්, මේ නිසා වහාම පොලිස්පතිවරයා තම තනතුර පිළිබඳ තීරණයත් ගත යුතු බවත් එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළා. බුද්ධි අංශ නිවැරදිව කටයුතු කර තිබෙන බවත්, එහෙත් අදාළ තොරතුරු හුවමාරු කර ගැනීමේදී අඩුපාඩුවක් සිදුව තිබෙන බවද අද (2
හිටපු ආරක්ෂක ලේකම්ට එරෙහි නඩු ගොනුවක් අමෙරිකාවේදී විවෘත කරලා?

හිටපු ආරක්ෂක ලේකම්ට එරෙහි නඩු ගොනුවක් අමෙරිකාවේදී විවෘත කරලා?

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව අමෙරිකානු අධිකරණයක ගොනු කෙරුණු නඩුවක් එරට ෆෙඩරල් විනිසුරුවරයෙකු විසින් විවෘත කර ඇති බව වාර්තාවනවා. ‘‘ද සෙන්ටර් ෆෝ ජස්ටිස් ඇන්ඞ් අකවුන්ටබිලිටි’’ හෙවත් යුක්තිය සහ වගවීම සඳහා වන මධ්‍යස්ථානය පවසන්නේ අමෙරිකානු දිසා අධිකරණයේ විනිසුරුවරයෙකු විසින් මෙම නඩුව විවෘත කළ බවයි. ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංගගේ දියණිය වන අහිම්සා වික‍්‍රමතුංග විසින් ඉකුත් 04 වැනිදා නඩුව පවරා ඇති බවයි එම වාර්තා සදහන් කරන්නේ.
රටට ඉතිරි එකම විකල්පය මමයි / හිටපු ආරක්ෂක ලේකම් – Audio

රටට ඉතිරි එකම විකල්පය මමයි / හිටපු ආරක්ෂක ලේකම් – Audio

රට පත්ව ඇති අර්බුධ හමුවේ සියලු දෙනාට ගොඩඒම සදහා ඉතිරිව ඇති විකල්පය තමන් පමණක් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. රාජපක්ෂ මහතා මෙම අදහස් පල කළේ ඊයේ පැවැති වැඩසටහකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.