Tag: කරු ජයසූරිය

එජාප සන්ධානයේ මුල්පුටුව කරුට ?

එජාප සන්ධානයේ මුල්පුටුව කරුට ?

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ හවුල්කාර පක්ෂ ගණනාවක් එක්ව ස්ථාපිත කෙරෙන සන්ධානයේ සභාපති ධුරයට කතානායක කරු ජයසූරිය මහතා පත් කිරීමේ යෝජනාවක් පක්ෂ නායකත්වය වෙත ඉදිරිපත්ව ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග හෙළිකරනවා. මෙම සන්ධානය ලබන අගෝස්තු මස 05දා ස්ථාපිත කෙරෙන අතර එය පාලනය කරනු ලබන්නේ නායකත්ව මණ්ඩලයක් විසින් බව සදහන්. නායකත්ව මණ්ඩලයේ බහුතරය එ.ජා.ප.යට හිමිවන අතර ප්‍රතිපත්තිමය තීන්දු ගැනීමේදී ඒවා නායකත්ව මණ්ඩලයේ 2/3ක බහුතරයෙන් ගතයුතු බවට කොන්දේසියක් ඇතුළත් කෙරෙනු ඇතැයිද වාර්තාවුණා.
කතානායක කරු ජයසූරිය මහතා සිදුකළ විශේෂ ප්‍රකාශය

කතානායක කරු ජයසූරිය මහතා සිදුකළ විශේෂ ප්‍රකාශය

රට තුල හටගත් නොසන්සුන්කාරී සිදුවීම් සම්බන්ධයෙන් කතානායක කරු ජයසූරිය මහතා සිදුකළ විශේෂ ප්‍රකාශය. ආයුබෝවන්, වනක්කම්, අස්ලාම්මලෛක්කුම්..! මම අද මේ ප්‍රකාශය කරන්නේ දේශපාලනඥයෙක් ලෙස නොවේ. කථානායකවරයා ලෙසත්,  මේ රටට ආදරය කරන වගකිව යුතු වැඩිහිටියකු ලෙසත් කථා කරන්නේ ඉතාමත් වේදනාවෙන් යුතුවයි. ඉතිහාසයේ විවිධ අවස්ථාවල ර‍ටේ අර්බුද ඇති වුනු නමුත් කිසිදු අවස්ථාවක සති තුනක් මේ විදියේ අක්‍රිය වුනු කාලයක් ඇති වුනේ නැහැ. ඒ වගේම මම ඉහත කී ජාතිවාදී ගිනිදළුවලින් සහ තරුණ කැරළි වලින් නොයෙකුත් අසමගිකම්වලින් අපේ මාතෘභූමියට වුනු හානිය දෑසින් දැකපු  එදා සහ අද පරම්පරා දෙකම නියෝජනය කරන පුද්ගලයෙක් විදියටයි. 1983 කළු ජූලිය ආරම්භ වූ දා මා කැළ‌ණි විහාරයට මගේ බිරිඳ සහ දරුවන් සමග යමින් සිටියා. එකල මා දේශපාලනයට සම්බන්ධව හිටියෙ නැහැ.   එල්ෆින්ස්ටන් හන්දියේ දී සියයකට වැඩි පිරිසක් මගේ
කරු ජයසූරිය ශාසනාරක්ෂක නායකයෙක්- බන්දුල පාර්ලිමේන්තුවේදී කරුගෙ ගුණ වනයි.

කරු ජයසූරිය ශාසනාරක්ෂක නායකයෙක්- බන්දුල පාර්ලිමේන්තුවේදී කරුගෙ ගුණ වනයි.

කරු ජයසූරිය යනු වර්තමානයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන ජනතා නායකයින් අතුරින් ආදර්ශමත්ම දේශපාලන භාවිතාව සහිත බුද්ධ ශාසනය ආරක්ෂා කරන නායකයා බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබෙනවා. ඔහු මේ බව සඳහන් කර ඇත්තේ පසුගිය දා ගරු කථානායක කරු ජයසූරිය මැතිතුමන් වෙත සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයෙන් පිරිනැමු ගෞරව නාමයට පාර්ලිමේන්තුවේදී සුභ පැතුම් එක් කරමිනුයි. කෙසේ වෙතත් මෙය කිසියම් දේශපාලනික පෙරළියක පෙරනිමිත්තක් දැයි බොහෝ දේශපාලන විචාරකයන්ගේ අවධානයට පාත්‍ර වී ඇතැයිද වාර්තා පලවනවා. karu-Jayasuriya from Lanka News on Vimeo.