Friday, September 20News That Matters

Tag: ඥානසාර හිමි

ඥානසාර හිමිට දුන් සමාවට එරෙහිව සන්ධ්‍යා එක්නැලිගොඩගෙන් පෙත්සමක්

ඥානසාර හිමිට දුන් සමාවට එරෙහිව සන්ධ්‍යා එක්නැලිගොඩගෙන් පෙත්සමක්

ඥානසාර හිමියන් ජනාධිපති සමාව මත නිදහස් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය මඟින් තම මූලික අයිතිවාසිකම් කඩවන බව දක්වමින් ජනාධිපති සමාව ලබා දීම බල රහිත කරන ලෙසට නියෝග කරන ලෙස ඉල්ලා මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ  බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිඛෙනවා. මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නීතිපති , අධිකරණ අමාත්‍ය , ජනාධිපති ලේකම් , හිටපු පොලිස්පති , වැඩබලන පොලිස්පති , වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ තිඛෙනවා. "අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට සම්බන්ධයෙන් වරදකරු කළ ඥානසාර හිමියන්ට අභියාචනාධිකරණය විසින් බරපතල වැඩ සහිත වසර 19 ක සිර දඬවමක් නියම කර එය වසර 6කින් ගෙවී යන ලෙස සිරදඬුවම් නියම විණි.එලෙස සිර දඬුවම් ගත කරමින් සිටියදී ඒ හිමියන්ට ජනාධිපති සමාව ලබා දීමද ඉකුත්දා සිදු ව
රතන හිමිය සහාය පල කර ඥානසාර හිමියන් පා ගමනක් අරඹයි

රතන හිමිය සහාය පල කර ඥානසාර හිමියන් පා ගමනක් අරඹයි

උපවාසයේ නිරත අතුරලියේ රතන හිමියන්ට සහාය පල කරමින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුලු සංඝයා වහන්සේ පිරිසක් මහනුවර සිට කොලඹ දක්වා පා ගමනක් ආරම්භ කර තිඛෙනවා. ඒ රතන හිමියන්ගේ ඉල්ලීම් සදහා වහාම විසදුම් ලබා දෙන්නැයි ජනාධිපතිවරයා ඇතුලු රජයට බල කරමිනුයි.
රට ජාතිය වෙනුවෙන් කළ යුතු දේ කර අවසන් / ඥානසාර හිමි

රට ජාතිය වෙනුවෙන් කළ යුතු දේ කර අවසන් / ඥානසාර හිමි

වසර පහළොවක විස්සක සිට මේ රට ජාතිය ආගම වෙනුවෙන් කළ මෙහෙවරට අවසානයේදී ලැබුණේ හිරේ විලංගුවෙ වැටීම පමණක් බවත් රට අනතුරේ වැටී ඇති වෙලාවක මේ රටේ තරුණ පිරිස සහ මහා සංඝරත්නය ඉවසීමෙන් හා බුද්ධිමත්ව ක්‍රියාකළ යුතු බවත් ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ පවසනවා. උන්වහන්සේ මේ බව කියා සිටියේ ජනාධිපති සමාව යටතේ බන්ධනාගාරයෙන් නිදහස්වීමෙන් අනතුරුව කොට්ටාව රුක්මල්ගම ධර්මවිජයාලෝක විහාරස්ථානයට පැමිණ පූජ්‍ය ඉත්තෑපානේ මහනාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුවයි. ‘‘මේ රට අද වන විට දැඩි අනතුරක නිරතවෙන්නේ. ඒ බව වසර පහක සිට අපි කිව්වා. ඒ වෙලාවේ අපිට නොර්වේ ප්‍රොජෙක්ට්කාරයෝ කීවා.ඩීල්කාරයෝ කීවා.කුමන්ත්‍රණකාරයෝ කීවා.ඒත් අපි ඒ දේවල් රටට හෙළි කළා. අපේ චරිත ඝාතනය කළා.අන්තිමට නොමරා මැරුවා.හිරෙත් දැම්මා.ඒත් අද සත්‍ය ජයඅරන් තියෙනවා.මේ වෙලාවේ ජනාධිපතිවරයා ගත්ත තීන්දුවට ස්තූතිවන්ත වෙනෙවා.
ඥානසාර හිමියන් නිදහස් කිරීමට එරෙහිව සන්ධ්‍යා එක්නැලිගොඩ අධිකරණයට

ඥානසාර හිමියන් නිදහස් කිරීමට එරෙහිව සන්ධ්‍යා එක්නැලිගොඩ අධිකරණයට

බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කිරීමට ගත් තීරණයට තමන් තදින්ම විරුද්ධ බව සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය පවසනවා. ඇය මාධ්‍ය හමුවකට එක්වෙමින් සදහන් කළේ ජනාධිපතිවරයාගේ තීන්දුව අභියෝගයට ලක් කරමින් අධිකරණය හමුවේ නඩු පවරන බවයි. ඥානසාර හිමියන් නිදහස් කිරීමට පියවර ගැනීම හරහා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතුළත් ප්‍රතිපාදන මත තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් ලෙස දක්වා  බවද සිදුවන බවද ඇය ප්‍රකාශ කළා.
ජනපති සමාව ලැබූ ඥානසාර හිමි බන්ධනාගාරයෙන් පිටව යයි

ජනපති සමාව ලැබූ ඥානසාර හිමි බන්ධනාගාරයෙන් පිටව යයි

චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් වරදකරුව සිර දඩුවම් විදිමින් සිටි බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විශේෂ ජනාධිපති සමාවක් හිමිවීමෙන් පසු බන්ධනාගාරයෙන් මුදා හැර තිඛෙනවා. එම සමාව පිරිනැමීමට අදාළ ලිපිය අද පස්වරුවේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත ලැබීමෙන් පසුවයි මෙම මුදා හැරීම සිදුකර ඇත්තේ.
ඥානසාර හිමියන්ට ජනපති සමාව දෙන ලිපිය බන්ධනාගාරයට ලැබිලා

ඥානසාර හිමියන්ට ජනපති සමාව දෙන ලිපිය බන්ධනාගාරයට ලැබිලා

බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කිරීම සඳහා වූ ජනපති නියෝගය තමන්ට ලැබුණු බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ටී.එම්.ජේ.ඩබ්ලිව්.තෙන්නකෝන් මහතා තහවුරු කරනවා. ඒ අනුව අද දිනයේදී ඥානසාර හිමියන් බන්ධනාගාරයෙන් මුදා හැරෙනු ඇති බවටයි වාර්තාවන්නේ.